ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස
ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් අද (25) දිනයේ ද පාර්ලිමේන්තුව තුළ දී ක්‍රියාත්මක විය.
 
අද දිනයේ ද එසේ ලේඛනයකට අත්සන් එකතු කිරීම සිදු කරනු ලැබුවේ බැසිල්වාදියකු ලෙස සැලකෙන කොළඹ දිස්ත්‍රීක් නවක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර විසිනි. ඔහු පසුගිය සිකුරාදා දිනයේ සිට මෙසේ අත්සන් එකතු කරමින් මැති ඇමතිවරුන් පසුපස යමින් සිටි බව වාර්තා වේ.
 
අද දිනයේ දී කැබිනට් අමාත්‍යවරුන්ගෙන් අත්සන් ලබාගැනීම ඔහු බලවත් වෙහෙසක් දරා ඇති අතර එහිදී අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ම එම ලේඛනයට අත්සන් ලබාදීමට අදිමදි කර ඇත. 
 
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ඇමතිවරයකු පැවසුයේ, අලුතින් පාර්ලිමේන්තුවට ආ නවකයින් පිරිසක් මාධ්‍ය වලින් ප්‍රචාරයක් ලබාගැනීම සඳහා මෙවැනි බොළඳ වැඩ සිදුකරන බවයි.
 
''බැසිල් මහත්තයට පාර්ලිමේන්තුවට එන්න උවමනාවක් තියනවා නම් මෙහෙම අත්සන් එකතුකර කර කර ඉන්න දෙයක් නැහැනේ. එතුමා පසුගිය කලේ කරපු සේවය අපි කව්රුත් දන්නවනේ. අත්සන් කතාව මේ ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවට ආපු කොල්ලෝ කීපදෙනෙක් ලකුණු දාගන්න කරන වැඩක්. පසුගියදාක මන්ත්‍රීවරු 19 ක් කොලෙකට අත්සන් කරලා බැසිල් රාජපක්ෂ මහත්තයව හැල්ලු කළා. 
 
මම නම් හිතන්නේ මෙයාලා කරන වැඩ බැසිල් මහත්තයා මොකුත් දන්නේ නැතුව ඇති...එතුමා අපට පැහැදිලිවම කියල තියනවනේ පාර්ලිමේන්තුවට එන්නේ නැහැ කියල. ඉතින් අපි මොකටද මේ කොළ කැලි වලට අත්සන් කරලා විහිළු සපයන්නේ.'' ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.
 
නොවැම්බර් මස 12 දින ද  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 'බැසිල්වාදී' පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකු බැසිල් රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් පාර්ලිමේන්තුවට එන්නැයි ආරාධනය කර තිබිණ.
 
Basil Letter
 
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්