The Leader News
BREAKING
Top Ad
පුවත්

රු. 85/=කට වැඩියෙන් සීනි විකිණීම තහනම්! - රන්ජිත් මද්දුම බණ්ඩාරගෙන් සීනි වංචාව ගැන හෙළිදරව්වක් (වීඩියෝ)

T

The Leader Desk

November 27, 2020 • 5:41 AM

 රු. 85/=කට වැඩියෙන් සීනි විකිණීම තහනම්! - රන්ජිත් මද්දුම බණ්ඩාරගෙන් සීනි වංචාව ගැන හෙළිදරව්වක් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සීනි සඳහා වරින් වර පැනවූ ගැසට් නිවේදන මගින් සිදුව ඇති ව්‍යකුලත්වය මේවනවිට සමනය කර
  •   තහනම් නියෝගය නිකුත් කිරීමට පෙර සිනී ආනයනකරුවන් තොග ඇණවුම් කර තිබුන අතර අදාල බහලුම්මේ වෙනවිටත් කොළඹ වරායට ගොඩබා ඇත.
  •   තහනම් කරන භාණ්ඩයක් ආනයන කිරීමේදි බලපත්‍ර ගාස්තු වශයෙන් ආනයන වටිනාකමෙන් 2% ක මුදලක් ද දඩය වශයෙන් ආනයන වටිනාකමෙන් 5% අය කරන බව ආනයන කරුවන් සඳහන් කරයි.
  •   මේ අනුව ඉදිරියේදී අඩු මිළ යටතේ එනම් පාලන මිල යටතේ ජනතාවට සීනි ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
ඇති බැවින් පාලන මිලට එනම් රුපියල්. 80/= බැගින් සීනි අලෙවි කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා සීනි ආනයනය කරන ව්‍යාපාරිකයන්ට දැනුම් දී ඇතැයි වාර්තාවේ. 
 
සීනි ආනයනය කිරීම විවෘත වෙළඳපළ ක්‍රියාකාරීත්වයෙන් ඉවත් කර ආනයනය සහ අපනයනය පාලකගෙන් ලබා ගන්නා ලද ආනයන බලපත්‍රයක් යටතේ පමණක් ආනයනය කිරීමට අවසර දෙන ලෙස 2020 ඔක්තෝබර් 29 දින සියලුම බැංකු සහ රේගුව වෙත නිවේදනයක් නිකුත් කරන ලදී.
 
සීනි ආනයනය අධෛර්ය කිරීම සඳහා අදාළ නියෝගය නිකුත් කර තිබුණත් ඔක්තෝබර් 13 දින සිට ආනයන බද්ද ශත 25 දක්වා අඩු කර තිබූ බැවින් එම තීරු බදු වාසිය ලබා ගැනීමේ පරමාර්ථයෙන් එක්තරා සමාගමක් විසින් සම්පූර්ණ නැවක් මඟින් සිනී ටොන් 26,000 ගෙන්වා අදාළ තීරුබදු ගෙවා නිදහස් කර ගෙන ඇත.
 
මෙම තත්ත්වය ‍යටතේ  අනෙකුත් සීනි ආනයනය කරුවන්ද ශත 25 හේ තීරු බද්දේ වාසිය ප්‍රයෝජනයට ගැනීම සඳහා ආනයන බලපත්‍ර (Import Licence) නිකුත් කරන ලෙස ඉල්ලා රජයෙන් ඉල්ලා සිටි අතර ආනයන සහ අපනයන පාලක දෙපාර්තමේන්තුව සති දෙකක කාලයක් නිහඩව සිට පසුගිය 17 දා දක්වා වරායට ගොඩබා ඇති සීනි බහාලුම් වෙනුවෙන් ආනයන බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇත.
 

sdfds

තහනම් නියෝගය නිකුත් කිරීමට පෙර සිනී ආනයනකරුවන් තොග ඇණවුම් කර තිබුන අතර අදාල බහලුම්මේ වෙනවිටත් කොළඹ වරායට ගොඩබා ඇත.
 
තහනම් කරන භාණ්ඩයක් ආනයන කිරීමේදි බලපත්‍ර ගාස්තු වශයෙන් ආනයන වටිනාකමෙන් 2% ක මුදලක් ද දඩය වශයෙන් ආනයන වටිනාකමෙන් 5% අය කරන බව ආනයන කරුවන් සඳහන් කරයි.
 
''මෙම තත්වය යටතේ මහා පරිමාණ සමාගම ආනයන කරන ලද සීනි ටොන් 26,000 කට අමතරව අඩු තීරුබදු යටතේ අනිකුත් වෙළඳුන් ආනයන කරන ලද බහාලුම් 700/ 800 එනම් දළ වශයෙන් ටොන් 16,000 ක් පමණ වරායට ගොඩ බා ඇති බව වෙළඳපළ ආරංචි මාර්ග සඳහන් කරයි.''
 
මෙම තත්වය යටතේ මහා පරිමාණ සමාගම ආනයන කරන ලද සීනි ටොන් 26,000 කට අමතරව අඩු තීරුබදු යටතේ අනිකුත් වෙළඳුන් ආනයන කරන ලද බහාලුම් 700/ 800 එනම් දළ වශයෙන් ටොන් 16,000 ක් පමණ වරායට ගොඩ බා ඇති බව වෙළඳපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මේ අනුව ඉදිරියේදී අඩු මිළ යටතේ එනම් පාලන මිල යටතේ ජනතාවට සීනි ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත.
 
මේ වන විටත් සීනි ටොන් 80,000 කට ආසන්න ප්‍රමාණයක් අධික තීරුබදු ගෙවා ආනයන කරන ලද වෙළෙන්ඳන්ට  සහනයක් වනු ඇත.
 
තවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා පාලන මිලට එනම් රුපියල්. 80/= බැගින් සීනි අලෙවි කරන ලෙසට ව්‍යාපාරිකයන්ට බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.
 
කෙසේවෙතත්, මේ වනවිටත් ලෝක වෙළඳපළේ සීනි මිල ගණන් වැඩිවෙමින් පවතින බව පවසන අපගේ ව්‍යාපාර වාර්තා කරුවන්, ඒ අනුව ඉදිරියේදී සීනි මිල ඉහල යා හැකි බවට අනාවැකි පලවේ.
 
මේ අතර පසුගිය සති කිහිපයේ දී ඇතැම් සීනි ආනයනය කරන ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ 
සහය ඇතිව සීනි වලින් කෝටි ගණනක මුදලක් ගසා කෑ හැටි සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේ මෙසේය. 
 

 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
 
 
 
 
 

පිළිතුරුදීමේ අයිතිය :
theleader.lk හි පලවී ඇති පුවතකින් කිසියම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගනිමු.
- සංස්කාරක
විද්‍යුත් ලිපිනය - leadernews.lk@gmail.com
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රු. 85/=කට වැඩියෙන් සීනි විකිණීම තහනම්! - රන්ජිත් මද්දුම බණ්ඩාරගෙන් සීනි වංචාව ගැන හෙළිදරව්වක් (වීඩියෝ) | The Leader