ශ්‍රී ලංකාවේ වසංගත ව්‍යාප්තිය තවත් ඉහල ගොස් ඇති මොහොතක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ නොතකා
හරිමින්, පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් කරුණු විමසා සිටී.
 
 නිවේදනයක් නිකුත් කරමින් නොවැම්බර් 26 බ්‍රහස්පතින්දා ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ මේ වන විට කෝවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය ශ්‍රී ලංකාව තුළ තෙවැනි මට්ටමේ පවතින බවට කෝවිඩ්  19 මර්දනය භාර ආණ්ඩුවේ බලධාරීන් නොවැම්බර් 24 දින පැවැත්වු සාකච්ඡාවකදී සඳහන් කර තිබෙන බවයි.
 

Stalin 09cg

එම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ද සහභාගි වී ඇති බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ.
 
 කෝවිඩ්  19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් වූ සෞඛ්‍ය නිර්දේශ පිළිබඳව නොවැම්බර් 8  දිනැතිව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිකුත් කර ඇති ලිපියෙහි දක්වා ඇති කෝවිඩ් 19 ව්‍යාප්තියේ මට්ටම් හතරෙන් එක් එක් මට්ටමේ දී කටයුතු කළ යුතු ආකාරය ද නිර්දේශ කොට ඇති බව පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ ගුරු සංගම් නායකයා අවධාරණය කරන්නේ ඒ අනුව කෝවිඩ් 19 තෙවැනි මට්ටමේ ව්‍යාප්තිය තුළ දී කළ යුත්තේ පාසල් වසා දැමීම බවයි.
 
fsadf
 

ghn

gb

 
සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශවල කෝවිඩ්  19 තෙවැනි  මට්ටමට ව්‍යාප්තවීමේදී පාසල් වැසිය යුතු බව පැහැදිව ප්‍රකාශ කර තිබියදී, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කිසිදු පූර්ව සූදානමකින් හෝ නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද පිළිබඳ වැඩපිළිවෙලක් රහිතව බස්නාහිර පළාත සහ හුදකලා කළ ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් නොවැම්බර් 23 දින ආරම්භ කළ බවට ගුරු සංගම් නායකයා චෝදනා කරයි.
 
 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිර්දේශ එසේ තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ආරම්භ කර පවත්වාගෙන යාම පරස්පර විරෝධී තත්වයක් ලෙසින් පෙන්වා දෙන ලංකා ගුරු සංගමය අනතුරු අඟවන්නේ මෙසේ පරස්පර තත්වයන් යටතේ රාජ්‍ය ආයතන විසින් කටයුතු කිරීම තුළ ලක්ෂ 43 ක් පමණ වන පාසල් දරුවන්ගේ සහ දෙලක්ෂ හතලිස් හත්දහසක් පමණ වන ගුරුවරු, විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන පද්ධතිය කෝවිඩ් අවදානමට ලක් කිරීමක් බව පෙන්වා දෙමිනි.
 
මෙසේ පරස්පර තත්වයන් යටතේ කටයුතු කිරීම තුළ ලක්ෂ 43 ක් පමණ වන පාසල් දරුවන්ගේ සහ දෙලක්ෂ හතලිස් හත්දහසක් පමණ වන ගුරුවරු, විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන පද්ධතිය කෝවිඩ් අවදානමට ලක් කිරීමක් බවට ලංකා ගුරු සංගමය අනතුරු අඟවයි.
 
මේ තත්වය තුළ පාසල් ආරම්භ කර පවත්වාගෙන යාම පිළිබඳව පවතින පරස්පර තත්වය සම්බන්ධයෙන් කෝවිඩ්  19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානය විසින් වහා පැහැදිලි කිරීමක් කළ යුතු බවට ලංකා ගුරු සංගමය බල කර සිටී.
 

fgdb

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්