කොරෝනා වෛරස ආසාදනයෙන් මිය යන පුද්ගලයන් භූමදානයට ඉඩ නොදීම මහ විකාරයක් යැයි
අධිකරණ ඇමති අලි සබ්රි සඳහන් කරයි.
 
භූගත ජල මට්ටම ඉහළ රටවලද ඇතුළුව ලොව රටවල් 194ක් කොරෝනා දේහයන් භූමදානය ඉඩ දී ඇති බව තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඇමතිවරයා පෙන්වා දෙයි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයත්, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය එය පිළිගෙන ඇති බවත් එක්සත් ජාතික සංවිධානය එය සලකා බලන ලෙසද ඉල්ලීමක් කර ඇති බවත් ඔහුගේ සටහනේ දැක්වේ.
 

alisabry ldf

කොවිඩ් 19 ආදනයෙන් මියයන මුස්ලිම්වරුන් භූමදානය කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් යළිත් වරක් මුස්ලිම් සමාජයෙන් බරපතල විරෝධයක් එල්ලවෙමින් පවතී. 
 
කොරෝනා අසාදනයෙන් පසුගියදා ජිවිතක්ෂයට පත්වූ මාලිගාවත්තේ මුස්ලිම්වරයකුගේ දේහය ආදාහනය කිරීමට තමන්ට මිනී පෙට්ටියක් හෝ  ඒ වෙනුවෙන් මුදල් දිය නොහැකි බවට විරෝධය පළකර ඇති මියගිය පුද්ගලයාගේ ඥාතීන් අදාල දේහය බාර නොගෙන රෝහලට භාර දී පැමිණ ඇත. පසුගිය දින කිහිපයේ මෙවැනි සිද්ධීන් කිහිපයක්ම වාර්තාවේ. 
 
කෙසේවුවද සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසන්නේ, කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් බොහෝ ඉල්ලීම් ලැබී තිබෙන නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගෙන නොමැති බවයි. 
 
විශේෂ ප්‍රකාශය කරමින් ඇමතිවරිය ඒ බව පවසන්නේ, කෝවිඩ්19 වසංගතය හේතුවෙන් මිය යන මුස්ලිම්වරුන් ආදාහනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව තුළ යළිත් වරක් ආන්දෝලනයක් මතුවීමෙන් අනතුරුවය.
 
 
 
සබැඳි පුවත් :
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්