leader s

මහර බන්ධනාගාරය තුළ කලහකාරි තත්ත්වයක් සිදුව තිබේ. එහිදී සිදුවූ වෙඩි තැබීමකින් බන්ධනාගාර රැඳවියකු මරුමුවට පත්ව ඇති අතර කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ, රැඳවියන් පිරිසක් පළා යාමට උත්සාහ දරා ඇති බවය. 
 
ඇති වූ තත්ත්වය පාලනය සඳහා වෙඩි තැබීමක් ද සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 
මේ වන විට තත්ත්වය පාලනය කිරීම සදහා පොලිස් විශේෂ කාර්යය බලකායද කැදවා ඇත.
 
මහර වෙඩි තිබ්බේ පළායද්දී ; කොවිඩ් නිසා ඉඩ මදිවෙලා
 
මහර බන්ධනාගාරයේ රැඳවියන්ට වෙඩි තිබ්බේ ඔවුන් පැන යෑමට තැත්කරද්දී බව උසස් පොලිස් නිලධාරියෙක් news19 වෙත පවසා ඇත. 
 
‘බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිතයන් රැසක් එකවර වාර්තා වුණා. ඒ සමඟ රැඳවියන් කළබලයට පත් වෙලා තිබෙනවා. දැනට ඇති තොරතුරු අනුව ඔවුන් බන්ධනාගාරයේ ඉඩ මදි කියලා පැනලා යන්න හදද්දියි වෙඩි තැබීම වෙලා තියෙන්නේ. ‘ යැයි එම පොලිස් නිලධාරියා සඳහන් කර තිබේ.
 
මේ වන විට පොලිස් කණ්ඩායම් පහක් විමර්ශන ආරම්භ කර ඇතැයි ද එම නිලධාරියා news19 වෙත පවසා තිබේ. 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්