leader s

 මහර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව වාර්තාවේ.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් පසු මළ සිරුරු 4 ක් සහ තුවාල ලැබූ 25 දෙනෙකු රාගම රෝහලට රැගෙන ආ බව එම රෝහලේ අධ්‍යක්ෂවරයා මීට සුළු වේලාවකට පෙර සඳහන් කළේය.
 
මහර බන්ධනාගාරය අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන බව අප වාර්තාකරු පවසයි.
 
මෙම නොසන්සුන්තාවය පාලනය කිරීමට පියවර ගෙන ඇතිබව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය.
 
මේ වනවිට බන්ධනාගාරයේ තුළ රඳවා ඇති පිරිස් අතර ද ආරවුලක් ඇති වී ඇති බව ඇය කීය.
 
එක් පිරිසක් එහි ගිනි තැබීමක් ද කර ඇති බව වාර්තා වන බවද ඇය පවසයි.
 
මෙම සිදුවීම ගැන සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට ද කටයුතු කර තිබේ.
 
මේ අතර අද දහවල් මහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්විය.
 
අද (29) පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් තවත් රැඳවියන් තිදෙනෙකු තුවාල ලබා ඇත.
 
බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
 
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ සඳහන් කළේය.
 
“බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් විසින් මේ නොසන්සුන්කාරී තත්ත්වය ඇති කිරීම මත, බන්ධනාගාර නිලධාරීන් විසින් බලය පාවිච්චි කිරීමක් සිදුකර තිබෙනවා. එම බලය පාවිච්චි කිරිමේ දී එක් රැඳවියක් ජීවිතක්ෂයට පත්ව තවත් රැඳවියන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. තුවාල ලබා ඇති රැඳවියන් මේ වන විට රෝහල්ගත කර තිබෙනවා."
 
 
බන්ධනාගාරය තුළ දැඩි ගින්නක් හටගෙන ඇති අතර විටින් විට වෙඩි හඩවල් ඇසෙන බව බන්ධනාගාරය අසල පදිංචි පුද්ගලයින් සඳහන් කර සිටිති.
 
 සමාජ මාධ්‍ය තුල ඊට අදාල වීඩියෝවක් ද සංසරණය වෙමින් තිබේ.
 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්