කෝවිඩ් වෛරසය ආසාදිත බව පැවසෙන හඳුනා නොගත් ගණනක් සඳහන් නොවන මළ සිරුරු සංඛ්‍යාවක්

පුළුස්සා දැමීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති නියමයෙන් එම තීන්දුව ගෙන ඇත්තේ වසංගතයෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය අනිවාර්ය කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද පෙත්සම් රටේ ඉහලම අධිකරණය විසින් ඉවත දැමීමත් සමගය.

මහර බන්ධනාගාරයේ කෝවිඩ් පැතිරීමට බියේ පැවැත්වූ විරෝධතා මැඩලීමට වෙඩිතබා මියගිය එකොලොස් දෙනා සහ තුවාල ලද පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරන ලෙස ඉල්ලා ඥාතීන් හඬා වැලපෙමින් සිටියදී සිරුරු පිළිස්සීමේ මෙම තීරණය ගෙන ඇතැයි විපක්ෂය චෝදනා කරයි.

''ජනාධිපති නියමයෙන් එම තීන්දුව ගෙන ඇත්තේ වසංගතයෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය අනිවාර්ය කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද පෙත්සම් රටේ ඉහලම අධිකරණය විසින් ඉවත දැමීමත් සමගය.''

කෝවිඩ් රෝග පාලන කටයුතු භාරව අලුතින් රාජ්‍ය අමාත්‍ය ධුරයක් පිහිටුවීමට පසුදා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අත්සනින් යුතුව දෙසැම්බර් 1 අඟහරුවාදා නිකුත් කර තිබෙන ප්‍රවෘත්ති නිවේදනයක් මගින් දැනුම් දී ඇත්තේ කොවිඩ් -19 ආසාදිතව මිය ගිය හඳුනා නොගත් අයගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කරන බවයි. 


 "ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු, කොවිඩ් -19 ආසාදිතව මිය ගිය අයවලුන් කිහිපදෙනෙකුගේ මළ සිරුරු රජයේ රෝහල්වල මෘත ශරීරාගාරවල එක් රැස් වී ඇත.මේ තත්ත්වය සබැදිව අතිගරු ජනාධිපතිතුමාගේ දැනුවත්භාවයට ලක් කිරීමෙන් අනතුරුව එවැනි මළ සිරුරු වහාම සෞඛ්‍ය නීති උපදෙස්වලට අනුකූලව රජයේ වියදමින් ආදාහනය කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදී.”

ඒ සදහා වන පිරිවැය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබා දිය යුතු බවට වැඩිදුරටත් උපදෙස් ලැබුන බවයි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ

dcl

පවසන්නේ. ඥාතීන් භාර නොගත් , කොවිඩ් ආසාදිතව මිය ගිය මළ සිරුරු සංඛ්‍යාව හා  ඒවා එක් රැස්ව තිබෙන රෝහල් කවරේද යන්න හෝ මරණයට පත්වූ එම පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා දරන ලද උත්සාහය හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සදහන්ව නැත. 

 

පෙත්සම් ඉවතට

කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 11 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

 අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේනගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් සලකා බැලීම නොවැම්බර් 30 සදුදා සහ දෙසැම්බර් 1 අගහරුවාදා  සිදු කර තිබුනි.

එම්.ඒ. සුමන්දිරන්, ෆයිසර් මුස්තාපා, සාලිය පීරිස්, නිශාම් කාරියප්පර් යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිවේදීන් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණේ කොවිඩ් ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර භූමදානය කිරීමෙන් පසුව එම මෘත ශරීරවලින් වෛරසය  ව්‍යාප්ත වීමක් සිදුවන බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් අනාවරණය කරගෙන නොමැති බවයි.

පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත මෙම පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්