“බුරවී“ සුළි කුණාටුවෙන් උතුරට බලපෑ හැකි අයහපත් කාලගුණික තත්වය සලකා උතුරු පළාතේ සියලුම පාසල් හෙට සිට දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ දෙසැම්බර් 3 බ්‍රහස්පතින්දා සහ 4 සිකුරාදා  උතුරු පළාතේ සියලුම පාසල් වසා දමන බවයි.
 
“බුරවී“ සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඇති හැකියාව මත සිදුවිය හැකි ආපදා තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
 
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වන විට “බුරවි“ සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කි.මී 240ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතින බවයි.
 
 
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වන විට “බුරවි“ සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කි.මී 240ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතින බවයි.
නැගෙනහිර පළාතේ සියලුම පාසල් දෙසැම්බර් 2 බදාදා සිට 4 සිකුරාදා දක්වා  වසා දැමීමට දෙසැම්බර් 1 අගහරුවාදා තීරණය කර තිබුනි.
 
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ඊයේ මාධ්‍ය වෙත සදහන් කර තිබුනේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.
 
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (03) දිනයේ වසා දැමීමට තීරණය කළ බව වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ පවසයි.
 
 
බුරවි සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ
 
බුරවි සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව්වලට ආසන්න ගොඩබිමට ඇතුළු වෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 80 -90පමණ වන බවය.
 
විටින් විට පැ.කි.මී 100 දක්වා වැඩි විය හැකිය.
 
මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට (03) උදයවරුව වන විට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ.
 
මේ හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා වන පුනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, මට්ටමට වඩා මීටර් 1ක් පමණ ඉහළ යා හැකි අතර වෙරළාසන්න පහත්බිම් මුහුදු ජලයෙන් යට විය හැකිය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්