තම ආයතනයෙන් නිෂ්පාදනය කරන ලක්ස් හා ලයිෆ්බෝයි සබන් වර්ග දෙක සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් කල අමාත්‍ය විමල් විරවංශ බිළිබා ගැනීම සඳහා ජාත්‍යන්තර යුනිලීවර්
සමාගමේ ප්‍රබලයින් බලවත් උත්සහයක් දරමින් සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ. 
 
එහි එක් පියවරක් ලෙස යුනිලීවර් සමාගම වෙනුවෙන් එහි නියෝජිතයකු මිට දින කිහිපයකට පෙර අගමැති මහින්ද රාජපක්ෂ හමුවී, තම බිරිඳ සේවයකරන යුනිලීවර් සමාගමේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ දැනුවත් කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
 
එසේ අගමැතිවරයා හමුවී එම ඉල්ලීම සිදුකර ඇත්තේ නවීන් මාරපන ය. 
 
ඒ අනුව, අමාත්‍ය විමල් විරවංශට දුරකථන ඇමතුමක් ලබාදී ඇති අගමැතිවරයා යුනිලීවර් සමාගමේ නියෝජිතයින්ට කරුණු පැහැදිලිකිරීමට අවස්ථාවක් ලබාදෙන්නැයි ඉල්ලිමක් කර ඇත. 
 
ඊට ප්‍රතිචාර දක්වා ඇති විමල් විරවංශ අමාත්‍යවරයා, ලබන සතියේ දිනක පාර්ලිමේන්තුවේ දී තමා හමුවීමට එන ලෙස යුනිලීවර් සමාගමේ නියෝජිතයින්ට දැනුම්දෙන්නැයි පවසා තිබේ.
 
කෙසේවුවද සබන් කියා ඇඟේ ගාන ‘බේතින් බාර්‘ කැටයක ටීඑෆ්එම් අගය සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වුයේ පැහැදිලි විද්‍යාත්මක කරුණු පදනම් කර ගනිමින් බව ඇමතිවරයා, අගමැතිවරයාට අවධාරණය කර ඇත.
 
මිනිස් ශරීරයට අහිතකර සබන් වර්ග නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය බහුජාතික සමාගමකට ඉඩ ලබාදී ඇති බවත් ඒවා යේ අඩංගු විෂ රසායන පිළිකාකාරක බව නඩු තීන්දුවකින් හෙළිවී ඇති බවත් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී නොවැම්බර් මස 30 දා දා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
 

ෂැෂේ පැකට් තහනම කල්දාන්න ඇමැති මහින්දට ලක්ෂ 250ක අල්ලසක්!
 
 
මේ අතර ආණ්ඩුවට පක්ෂපාති ඇතැම් මාධ්‍ය අනාවරණය කර ඇත්තේ, ෂැම්පෝ, ජේල් අඩංගු ෂැෂේ පැකට් තහනම සඳහා මාස හයක සහන කාලයක් ලබා දෙන්නේ නම් රුපියල් මිලියන 25ක් හෝ ඊට වැඩි මුදලක් ලබාදීමට සූදානම් බවට එක්තරා පෞද්ගලික සමාගමක් පරිසර ඇමැතිවරයාට දැනුම් දී ඇති බවයි.
 
ෂැම්පෝ, ජෙල් සහ හිසේ ගල්වන ඩයි ආදිය අඩංගු ෂැෂේ ඇසුරුම් නිෂ්පාදනය, අලෙවිය ලබන වසරේ (2021) ජනවාරි පළමුවැනිදා සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
 
මෙම තහනමට පෙර සහන කාලයක් ලබාදෙන ලෙස බොහෝ පෞද්ගලික සමාගම් පරිසර ඇමැති මහින්ද අමරවීරගෙන් ඉල්ලීම් කළේය.
 
මෙහි දී පරිසර ඇමැති මහින්ද අමරවීර පවසා ඇත්තේ රුපියල් බිලියන 25ක් දුන්නත්, රජය ගත් තීරණයේ වෙනසක් සිදු නොකරන බවය.

Screen Shot 2020 12 06 at 7.31.30 PM

ෂැෂේ පැකට් භාවිතය තහනම් කිරීමට තීරණය කළේ ෂැම්පු, ජෙල් භාවිතය නතර කිරීමට නොව, ඒවා බහාලන ෂැෂේ ඇසුරුම් නිසා පරිසරයට සිදුවන හානිය නතර කිරීමට බවද පරිසර ඇමැතිවරයා පවසයි.
 
ලබන වසර (2021) මැදදී ඖෂධ, ආහාර ද්‍රව්‍ය, කිරිපිටි ඇසුරුම් කරන ෂැෂේ පැකට් තහනම් කිරීමට ද පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.
 
 
සවන්දී පුවත් :
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්