වැලි ප්‍රවාහනය කරන මිතුරෙකුට සහන ලබා දීම සදහා දුම්රිය ආඥා පනත වෙනස් කර ඇති බවට ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේට චෝදනා එල්ල වී තිබේ.
එම චෝදනාව එල්ලකර ඇත්තේ, සමස්ත ලංකා දුම්රිය වෘතිකයන්ගේ සංගමයයි.
 
පසුගිය ඔක්තෝබර් මාසයේ සිට, එරාවුර් සිට කොළඹ දක්වා වැලි ප්‍රවාහනය කිරීමේ දුම්රිය සේවාවක් ආරම්භ කර තිබේ. 
 
කොළඹ සිට එරාවුර් දක්වා කිලෝ මීටර් 340 ක් දුම්රිය ගමන් කළ යුතු අතර, නැවත එරාවුර් සිට කොළඹ දක්වා තවත් කිලෝමීටර් 340 ක් අදාල දුම්රිය ධාවනය විය යුතු ය. ඒ අනුව, මෙම දුම්රිය එක් දිනකට ගමන් කරන දුර ප්‍රමාණය කිලෝමීටර් 680 කි.
 
සෑම දින තුනකට වරක්ම දුම්රිය ධාවනය වන නිසා, අදාල දුම්රිය මාසයකට දින දහයක් මෙම ගමන් වාර සම්පූර්ණ කරයි.
 
දුම්රිය ධාවනය සදහා කිලෝ මීටර් එකකට රුපියල් 925 ක් අය කළ යුතු බවට නියම කර තිබුණත්, අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන්, කොළඹ සිට එරාවුර් දක්වා ගමන් කරන දුම්රිය සදහා අය කරන මුදල කිරෝමීටර් එකකට රුපියල් 462.50 ක් ලෙස 50% කින් අඩු කර තිබේ.
 
දුම්රිය ධාවනය සදහා කිලෝ මීටර් එකකට රුපියල් 925 ක් අය කළ යුතු බවට නියම කර තිබුණත්, අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන්, කොළඹ සිට එරාවුර් දක්වා ගමන් කරන දුම්රිය සදහා අය කරන මුදල කිරෝමීටර් එකකට රුපියල් 462.50 ක් ලෙස 50% කින් අඩු කර තිබේ.
 
 
අමාත්‍යවරයා මෙවැනි පියවරක් ගෙන ඇත්තේ, ඔහුගේ හිත මිතුරු වැලි ව්‍යාපාරිකයකුට සහන සැලසීම සඳහා බවට වෘත්තීය සමිති චෝදනා කරති.
 
මේ සම්බන්ධයෙන් සති අන්ත ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක් කල විමසීමකදී දුම්රිය ගාස්තු අඩුකළ බව පිළිගෙන ඇති අමත්‍යවරයා, දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය සදහා ව්‍යාපාරිකයන් දිරිගැන්වීමට තමන් එසේ තීන්දුවක් ගත් බව සඳහන් කර තිබේ.
 
වත්මන් කොවිඩ් තත්ත්වය හමුවේ දුම්රියෙන් කිසිඳු ආදායමක් නොලැබෙන බැවින් කිසියම් හෝ ආදායමක් ලබාගැනීමට මෙවැනි තීරණයක් ගත්බව ඔහු වැඩිදුරටත් පවසා ඇත. 
 
කෙසේ වෙතත්, දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ, අමාත්‍යවරයාගේ මම තීරණයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට මසකට සිදුවන පාඩුව රුපියල් 16,98,300 ක් බවයි.
 
 
මුලාශ්‍ර පුවත :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්