අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සමඟ අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්, කොවිඩ් -19 රෝග ලක්ෂණවලින් පෙළෙන නමුත්,  ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නොලැබෙන බව ඔහුගේ නීතිඥයා විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමට ලිපියක් මගින් දන්වා ඇත.

මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින තම සේවාදායකයා අධික උෂ්ණත්වය ඇතුළුව කොවිඩ් -19 රෝග ලක්ෂණ වලින් පෙළෙන බවට එසේ දැනුම්දීමක් සිදුකර ඇත්තේ නීතිඥ චමින්ද අතුකෝරාල විසිනි.

තම සේවාදායකයා දෙසැම්බර් මස 6 වැනි දින PCR පරීක්ෂණයකට භාජනය කර අතර එම පරීක්ෂණයේ ප්‍රතිඑල තවමත් ලබා දී නොමැති බව පවසන නීතිඥයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඊයේ (7) වන විට සුගත් මෙන්ඩිස් හට නිසි වෛද්‍ය ප්‍රතිකාර හෝ කිසිඳු ඖෂධයක් වත් ලබා දී නොමැති බවයි.

එබැවින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා මෙන්ඩිස් මහතා, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට (IDH) කඩිනමින් මාරු කරන ලෙස ඉල්ලා සිටින නීතිඥ අතුකෝරාල මේ සදහා මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීම අපේක්ෂා කරන බව ප්‍රකාශ කර සිටියි.

''නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා මෙන්ඩිස් මහතා, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට (IDH) කඩිනමින් මාරු කරන ලෙස ඉල්ලා සිටින නීතිඥ අතුකෝරාල මේ සදහා මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීම අපේක්ෂා කරන බව ප්‍රකාශ කර සිටියි.''

HR letter

අගෝස්තු මාසයේදී ඔහුව අත්අඩංගුවට ගන්නා විට උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් ගම්පහ මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශකර සිටියේ ශානි අබේසේකරට එරෙහිව ව්‍යාජ සාක්ෂි ලබා දෙන ලෙසට කොළඹ අපාරාධ කොට්ඨාශයේ නිලධාරීන් තමන්ට බලපෑම් කළ බවයි.

උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් වෙනුවෙන් පසුගිය අගෝස්තු 04 දා අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල සඳහන් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවූ තම සේවාදායකයාගෙන් ප්‍රකාශ ලබා ගන්නා අවස්ථාවේ එහි සහකාර පොලිස් අධිකාරි “නෙවිල් “නමැති නිලධාරියෙකු ඔහුට බලපෑම් කර ඇති බවයි.

එම බලපෑම් වලට යටත් නොවූ බැවින් තම සේවාදායකයා අත්අඩංගුවට ගත් බවත් නීතිඥවරයා ප්‍රකාශ කර සිටියි.

Daily Mirror Shani

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස්, පසුගිය කාලසීමාව තුළ බලවත් පුද්ගලයින් පිළිබඳ වූ විවිධ විමර්ශන කටයුතු සිදු කර ඇති බැවින් ඔහුගේ ජීවිතයට දැඩි අනතුරක් එල්ල විය හැකි බැවින් වැලිකඩ බන්ධනාගාර රෝහලට හෝ වෙනත් ස්ථානයකට තම සේවාදායකයා මාරු කළ හොත් ජීවිත අනතුරක් මතුවිය හැකි බව නීතිඥ චමින්ද අතුකෝරාල මානව හිමිකම් කොමිසමට වැඩි දුරටත් ප්‍රකාශකර සිටියි.

 

සබැඳි පුවත් :

Shani witch hunt: Mendis still denied medical treatment; death threat to Mendis, Shani and SI Prematillake

ශානි සමඟ අත්අඩංගුවට ගත් රහස් පොලිසියේ සුගත්ටත් කෝවිඩ් ලක්ෂණ 

ශානි අබේසේකර කොටුකරන්න සාක්ෂි දෙන්නයි අත්අඩංගුවට ගත් SI ට බලපෑම් කරලා!

දාපු පුවත් පවා ගලවන්න වෙලා ! - Colombo Telegraph

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්