ආණ්ඩුවට රුපියල් බිලියන 10ක් අහිමි කළ සීනි ජාවාරමේ තීන්දුව ගනු ලැබුවේ

'වියත්මගේ' සාමාජිකයින් විසින් බවත් ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතිවලට සහයෝගය ලබා දුන් ගජමිතුරු ව්‍යාපාරිකයෙකු වෙනුවෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ඊයේ (10) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කර සිටියේය.

සීනි කිලෝවක් ආනයනය සඳහා තිබූ රුපියල් 50 බද්ද ශත 25 දක්වා අඩු කිරීම තුළින් රජයට මාස දෙකක් ඇතුළත රුපියල් බිලියන 10 ක පමණ බද්දක් අහිමිව ඇතැයි පැවසු මන්ත්‍රීවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබා දුන් ඔහුගේ ගජමිතුරු ව්‍යාපාරිකයෙකු වන 'විල්මාර්' ( Wilmar Trading ) සමාගමේ දේශීය කළමණාකාර අධ්‍යක්ෂ සජාඩ් මවුසූන් (Sajjad Mawzoon) වෙනුවෙන් එම බදු අඩුකිරීම සිදුකර ඇති බවයි.

මෙරට පාම් ඔයිල් හා ආනයනික සීනි ඒකාධිකාරයක් පවත්වාගෙන යන සජාඩ් මවුසූන් Shangri-La හෝටලයේ දේශීය නියෝජිතයා ද වේ. ඔහු මේවනවිට සිමෙන්ති ආනයන ව්‍යාපාරය මෙහෙයවන ප්‍රමුඛ පුද්ගලයෙකි. 

ඒ සියල්ලටම වඩා ඔහු රාජපක්ෂ පවුලේ සමීපතම ව්‍යාපාරික මිතුරෙකි. 

Sajad Basilගාලුමුවදොර යුධ හමුදා මුලස්ථානය පිහිටි භුමියේ  Shangri-La හෝටලය ඉදිකිරීමට පළමු පස්පිඩැල්ල කැපීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැමිණි විට මවුසුන් විසින් පිළිගත් අවස්ථාව .

ලංකාවේ වාර්ෂික සීනි අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ හයාමාරක් පමණ වුවත් ශත 25 බදු අඩු කිරීමෙන් පසු මේ මාස දෙක ඇතුළත විල්මා ආයතනය සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් පමණ ආනයනය කරමින් සිටින බව අනුර කුමාර දිසානායක පවසයි.

මෙම ආණ්ඩුව ගජ මිතුරන්ට සැළකීමට යාම හරහා අවසානයේ සිද්ධ වී ඇත්තේ ආණ්ඩුවට බද්දත් නැතිවී ජනතාවට අඩුමිලට සීනිත් නැතිවීම බව අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියේය.

මෙම ආණ්ඩුව ගජ මිතුරන්ට සැළකීමට යාම හරහා අවසානයේ සිද්ධ වී ඇත්තේ ආණ්ඩුවට බද්දත් නැතිවී ජනතාවට අඩුමිලට සීනිත් නැතිවීම බව අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින්  ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අමාත්‍ය විමල් විරවංශ ගේ 'ජාතික සංවිධාන' මාධ්‍ය ජාලය විසින් පවත්වාගෙන යන Lanka Lead News වාර්තා කර ඇත්තේ මෙසේය. 

254jhv

''දේශීය සීනි කර්මාන්තය නැංවීම සහ ආනයන වියදම් අඩු කිරීම අරමුණු කර ගනිමින් 2020 මැයි මස 23 වනදා සීනි සඳහා තිබූ ආනයන බද්ද රුපියල් 33/= සිට රුපියල් 50/= දක්වා වැඩි කළා.

පසුව 2020 ඔක්තෝබර් මස 13වනදා ජීවන මිළ අඩු කිරීමට යයි කියමින් එම බද්ද නැවතත් ශත.25ට අඩු කළා. 

නමුත් පාරිභෝගික අධිකාරිය කරන ලද සමීක්ෂණයකට අනුව ඒ වනවිට රු.50/=ක් බදු ගෙවා ගෙන්වන ලද සීනි මෙට්‍රික් ටොන් 90,000ක්, ඔක්තෝබර් 14දා වනවිට එම ආනයනකරුවන්ගේ ගුදම් වල ගබඩා කොට තිබුනා. 

ඒ නිසා නිර්මාණය වූ අවුල් සහගත තත්වය නිසා රජය පොරොන්දු වූ පරිදි රු.85/=ට ජනතාවට සීනි ලබාදීමට නොහැකි වූවා. 

අන්තිමට ස.තො.ස. එක් පුද්ගලයෙකුට කි.ග්‍රෑ.1 බැගින් රු.85/=ට සීනි ලබා දුන්නා.
මෙහිදී ඇතිවූ මෙම අර්බුදය සහ මෙම කූට ජාවාරම පිටුපස සිටි පුද්ගලයා අන් කවරකුවත් නොව ස.තො.ස. සභාපති නුෂාඩ් පෙරේරායි. 

ඔහු “වියත් මග” කවයේ සිටින පුද්ගලයෙකු වන අතර වෙළඳ ඇමති පවා අභිබවමින් ජනාධිපති ලඟට යෑමේ බළයක් සතු පුද්ගලයෙකි.

Nuzad chamal 1ලංකා සතොස සභාපති නුෂාඩ් පෙරේරා, අමාත්‍ය චමල් රාජපක්ෂ ගෙන් පත්වීමේ  බාර ගනිමින්...

ඒ අතර අවුරුදු 30කින් සීනි නැවක් නොආපු අප රටට පසු ගිය නොවැම්බර් මස 02 වන දින ෂැංග්‍රිලා හෝටලයේ හිමි කරු සජාඩ් මවුසුන්ට අයත් විල්මාර් ට්‍රේඩින් විසින් මෙ.ටොන් 26,000ක සීනි නැවක් ගෙන්වලා. එම සීනි කිලෝ එකට ශත.25 බැගින් ආනයන බදු ගෙවා නිදහස් කර ගෙන.

ඔවුන් මේ වනවිට සීනි මෙ.ටොන් 37,000ක් කිලෝ එකට ශත.25 බැගින් ආනයන බදු ගෙවා නිදහස් කර ගෙන තියනවා.

දෙසැම්බර් 22 වනදා ඔවුන්ට තවත් සීනි මෙ.ටොන් 22,500ක නැවක් වරායට පැමිණීමට නියමිතයි.

 එයට අමතරව සජාඩ් මවුසුන්ට අයත් විල්මාර් ට්‍රේඩින් සමාගමට මේ වනවිටත් ඉන්දියාවේ තවත් නැවකට සීනි මෙ.ටොන් 13,000ක් පටවමින් තියනවා.

 ඒ නිසා දැනටමත් මෙ.ටොන්.73,000කට ආසන්න සීනි ප්‍රමාණයකින් මෙම අසාධාරණ ලාභය ඉපයීමට නුෂාඩ් පෙරේරා සහ සජාජ් මවුසීන් මඟ පාදාගෙන තියනවා.

දැනටමත් මෙ.ටොන්.73,000කට ආසන්න සීනි ප්‍රමාණයකින් මෙම අසාධාරණ ලාභය ඉපයීමට නුෂාඩ් පෙරේරා සහ සජාජ් මවුසීන් මඟ පාදාගෙන තියනවා.

අවසානයේ ජනතාවට රු.85/=ට සීනිත් නැ, රජයට ලැබිය යුතු බිලියන 10ක බදු මුදළත් නැ. 

කූට ජාවාරමේ අවසාන ප්‍රතිඵලය එම බිලියන 10 නුෂාඩ් පෙරේරාගේ සහ සජාජ් මවුසීන්ගේ සාක්කුවට යෑම පමණයි.

ඒ අන් කිසිවක් නිසා නොව “වියත් මග” වෙනුවෙන් වියදම් කිරීම සහ රැස්වීම් පැවැත්වීමට ෂැංග්‍රිලා හෝටලය ලබා දීම වැනි කරුණු වෙනුවෙන් දොළ පිදේනි දීම සඳහායි.''

එහිදී මන්ත්‍රීවරයා සිදු කළ සම්පූර්ණ කතාව පහතින් පල වේ.

 කියවන්න 

එලියතම්බි සීනී කෑ හැටි...! - ඇටමැස්සා (71)    

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්