බොරුල්ල කනත්ත ගරාදි වැටෙහි ගැටගැසූ විරෝධතා සුදු ලෙන්සු 

ආණ්ඩුවක ශක්තිය උරගා බැලෙන එක් අවස්ථාවක් නම් විසංවාදයට සහ සාමකාමී විරෝධයට සාධනීය ලෙස මුහුණ දීමට ඇති හැකියාවයැයි කියනු ලැබේ.
 
එනයින් ද දැන් ආණ්ඩුව ෆේල්ය.
 
130485905 3572848362762731 5669329129460644195 o                 විරෝධතා සුදු ලෙන්සු ඒක් රැයකින් ගලවා දමා ඇති අයුරු.
 
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ද සහිතව යුද හමුදා විශ්‍රාමික ජෙනරල්වරුන් විසින් පාලනය කරන ජාතික බුද්ධි සේවයක් මෙන්ම මහජන ආරක්ෂ අමාත්‍යාංශයක් ද ඇති රාජපක්ෂවරුන්ගේ වත්මන් ආණ්ඩුව බොරුල්ල කනත්තේ යකඩ වැටෙහි එල්ලන ලද සුදු ලේන්සුවලට පවා බියවී තිබේ. 
 
අඩුම ගණනේ තවත් ජෙනරල්වරු විසි දෙනෙකු පමණ රාජපක්ෂ ආණ්ඩුව විසින් මිලිටරි නොවන සේවාවන් සදහා පත්කර තිබේ.
 
මෙසේ සුදු ලේන්සුවලට බියවී ඇත්තේ එවැනි ආණ්ඩුවකි.
 
පසුගිය දිනවල මෙම සුදු ලේන්සු විරෝධතාවය ආරම්භ කරන ලද්දේ විසි දිනැති බිළිදකු වූ ෂෙයික් ගේ මළ සිරුර මාපිය අවසරයෙන් තොරව මෙම බොරුල්ල කනත්තෙහිදී පුළුස්සා දැමීමට එරෙහිවය. 
 
මිය යන කොවිඩ් අසාදිත මුස්ලිම්වරුන්ගේ මෘතදේහයන් භුමිදානය සඳහා අවසර ඉල්ලා සිටීම මෙම විරෝධතාවයේ අරමුණ වේ.
 
ආණ්ඩුවේ මෙම අදූරදර්ශි පියවර කොතරම් දුරදිග ගොස් ඇත්ද යත් දැන් මාලදිවයින ආණ්ඩුව ශ්‍රී ලංකාවෙහි මියයන එවැනි මුස්ලිම්වරුන්ගේ මෘතදේහ භූමිදානය පිනිස එරටට බාර දෙන ලෙස ඉල්ලා තිබේ. 
 
මෙම විරෝධය ආරම්හය වූයේ හිමිකම් ක්‍රියාකාරීන් සහ ක්‍රියාකරුවන් කණ්ඩායමක් එහි ගොස් වැටෙහි සුදු ලේන්සු ගැට ගැසීමෙනි.
 srilankabrief12
ඉන් පසු මංගල සමරවීර වැනි පිරිස් පවා මෙම සුදු ලේන්සු විරෝධතාවයට එක්වී එහි සුදු ලෙන්සු ගැට ගැසූහ.
 
මෙම විරෝධතාවය රටපුරා පැතිර යනු ඇතැයි බියෙන් ඊයේ (13) රැයෙහි පොලීසිය යොදවා එම සුදු ලෙන්සු සියල්ල ගලවාගෙන ගොස් තිබෙන බව සමාජ මාධ්‍ය වාර්තා කරයි.
 
මහජනයාගේ මෙවැනි සාමකාමී විරෝධතාවයකට හෝ ඉඩ නොදෙන එවැනි අහිංසක ව්‍යායාමයන් පවා මර්දනය කරන ආණ්ඩුවේ මෙම පියවර ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කුඩපට්ටම් කිරීමේ සූදානමක් නොවේදැයි ප්‍රශ්ණ කර ගත යුතු බව මෙම සුදු ලෙන්සු විරෝධතාවයට සහභාගි වූ හිමිකම් ක්‍රියාකාරිනියක Sri Lanka Brief වෙත පවසා තිබිණ.
 
මෙම විරෝධතාවය හුදකලා කිරීමට ඉඩ නොදී ඊට සහභාගි වීම සමාජයේ සියලුම හිමිකම් සංවිධාන සතු වගකීමක් බව ඇය වැඩිදුරටත් අවධාරණය කර තිබිණ.
 
''මෙම විරෝධතාවය හුදකලා කිරීමට ඉඩ නොදී ඊට සහභාගි වීම සමාජයේ සියලුම හිමිකම් සංවිධාන සතු වගකීමකි.''
 
සුදු ලේන්සු භූතයන් ගලවලා !
 
 
කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජනතාවගේ මෘතදේහ ආදාහනය කිරීමට එරෙහිව තමා ඇතුළු පිරිසක් බැන්ද සුදු රෙදි කැබලි කිසියම් පිරිසක් ඉවත් කර ඇතැයි මංගල සමරවීර චෝදනා කර සිටියි.
 
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ දෙමව්පියන්ගේ අනුදැනුමකින් තොරව බලහත්කාරයෙන් ආදාහනය කළ ළදරුවා සිහි කිරීම සඳහා සුසාන භූමියේ ගැට ගැසූ සුදු ලේන්සු එදිනම භූතයන් විසින් ගලවා දමා ඇති බවයි.
 
 
 
 
WhatsApp Image 2020 12 14 at 6.00.43 PM
 
 
කොවිඩ් 19  ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ භූමිදානය කිරීමට ආණ්ඩුව විසින් ඉඩ නොදීමට විරෝධය පළකරමින් ඊයේ (13) සවස කොළඹ බොරැල්ල කනත්ත ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් සංවිධානය කර තිබු අතර එම අවස්ථාවට 'සැබෑ දේශප්‍රේමියෝ' සංවිධානය නියෝජනය කරමින් හිටපු අමත්‍ය මංගල සමරවීර ද එක්ව සිටියේය.
 
කෝවිඩ් ආසාදනයෙන් මියගිය දින 20ක් වයසැති ෂෙයික් නම් බිළිදාව දෙමාපියන්ට පවා නොපෙන්වා ආදාහනය කිරීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණ.
 
මෙම අවස්ථාවට බොහෝ තරුණ තරුණියන් පිරිසක් සහභාගී සිටී අතර ඔවුන් දෙමාපියන්ගේ අනවසරයෙන් ආදාහනය කරන ලද ළදරුව සිහිකරමින් බොරුල්ල කනත්තේ වැටෙහි සුද රෙදි ගැට ගසමින් සිය විරෝධය සාමකාමී ලෙස සිදුකරනු දක්නට ලැබිණ.
 
මෙම අවස්ථාවේ අදහස් දැක්වූ 'සැබෑ දේශප්‍රේමියෝ' සංවිධානයේ ආචාර්ය සුජාතා ගමගේ සහ මංගල සමරවීර මෙසේ පැවසුහ.
 
 
 
බලහත්කාරයෙන් අදාහනය කරන ලද තම අදාරණීයයන් නිසාවෙන් දුකට පත්ව සිටින මුස්ලිම් සහෝදරය සහෝදරියන්ගේ දුක බෙදා ගැනීම සදහා සාමාන්‍ය ජනතාව විසින් මෙලෙස සුදු ලේන්සු ගැට ගැසීම ආරම්භ කරන ලද අතර එයට කොළඹ මහ නගර සභාවේ හා කනත්ත බළධාරීන්ගේ අවසරය ලැබී තිබිණ.
 
කෙසේවෙතත්, අද එම ස්ථානයට පැමිණෙන අයව හමුදා සහ බුද්ධි අංශවල පිරිස් විසින් ප්‍රශ්න කරනා බවට  වාර්තාවේ.
 
 සහෝදරත්වය සදහා වූ සාමකාමී ක්‍රියාවක් මෙලෙස රජය විසින් මර්දනය කරන්නේ කුමන හේතුවක් මත දැයි Liberation Movement සංවිධාන සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත්කරමින් ප්‍රශ්නකර තිබේ.
 
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
 
''රට පුරා සාමාන්‍ය ජනතාව තවදුරටත් මුස්ලිම් ජනතාව සමග සහෝදරත්වය දක්වන අතර බලහත්කාරයෙන් කරනා ආදාහනය කිරීම් නවතන ලෙසට ඉල්ලා සිටිති. 
 
අදාහනාගාරයේ සුදු ලේන්සුවක් බැද ඔබටත් සහෝදරත්වයේ දෑත් දිගු කල හැකියි. එය කිසිදු ආකරයකින් නීතිය කඩ කිරීමක් නොවෙයි. 
 
 
''ඔබගේ නිවසේ දොරෙහි නැතිනම් ගේට්ටුවෙහි සුදු ලේන්සුවක් බැද සමාජ මාධ්‍ය හරහා අප සමග බෙදා ගන්න. ඔබ105279082 3067829629931276 7090078482712852459 o දන්නා අනෙක් අයගෙන් ද එලෙස කරනා ලෙසට ඉල්ලා සිටින්න. ''
 
 
ඔබ ආදාහනාගාරයට යන්නේ නම් සෞඛ්‍ය උපදෙස් පරිදි මුහුණ ආවරණය කර, විශබීජ නාශකයක් රැගෙන එන්න. සමාජ දුරස්ථබව පවත්වාගෙන කටයුතු කරන්න.
 
 
රජයේ මෙම ක්‍රියාකලාපය පුරවැසියන් අතර සහෝදරත්වය සහ විරෝධය මර්දනය කිරීමකි.  බලහත්කාරයෙන් ආදාහනය කිරීමට එරෙහිව මුස්ලිම් ප්‍රජාව හා අපි තවදුරටත් සහෝදරත්වයෙන් අත් වැල් බැද ගනිමු. 
 
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත සෞඛ්‍ය උපදෙස් වලට අනුව කෝවිඩ් ආසාදිත මෘත දේහ ආදාහනයට කිසිදු බාධාවක් නොමැත. 
 
අඩුම ගානේ දැන්වත් බලහත්කාරයෙන් මෘත දේහ ආදාහනය කිරීම නවතන ලෙසට අපි දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටිමු!''
 
 
(උපුටා ගැනීම් :srilankabrief.org)
 
  
සබැඳි පුවත් :
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්