වසංගත සමයේ  මාස අටකට අධික කාලයක් ඉන්දීය ධීවර ට්‍රෝලර් යාත්‍රා බාධාවකින් තොරව

මෙරට උතුරු මුහුදු සීමාවේ නීති විරෝධී මාළු බෑම නවත්වන්නට දිගින් දිගටම කරන ලද ඉල්ලීම් බලධාරීන් විසින් නොතකා හැරීම නිසා කෝපයට පත් උතුරේ ධීවරයන් අඛණ්ඩ විරෝධතාවයක් ඇරඹීම සමගම විදෙස් ධීවර යාත්‍රා වැටලීම නැවත ආරම්භ කළ බව නාවික හමුදාව ප්‍රකාශයට පත් කර තිබේ.

උතුරේ මුහුදේ මසුන් මරණ ඉන්දිය යාත්‍රා නතර කිරීම සදහා පියවර ගැනීමට ධීවර සංවිධාන රජයට ලබා දී තිබු කාලය 15 අඟහරුවාදා අවසන් වීමත් සමග එදින දහවල් මුලතිව් මුහුදු තීරයට රැස්වු ධීවරයෝ එතැන් සිට වැසි මැද මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පා ගමනින් පැමිණ විරෝධතාවය දියත් කළහ.

එහිදි සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් රජයේ බලධාරීන්ගේ අවධානයට යොමු කිරීම සදහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේ. විමලනාදන් වෙත භාර දෙමින් ධීවර නායකයන් කියා සිටියේ රජයේ බලධාරීන් මැදිහත්වී විසඳුමක් ලබාදෙන තුරු සිය සටන අත් නොහරින බවයි.

එහිදි සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් රජයේ බලධාරීන්ගේ අවධානයට යොමු කිරීම සදහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේ. විමලනාදන් වෙත භාර දෙමින් ධීවර නායකයන් කියා සිටියේ රජයේ බලධාරීන් මැදිහත්වී විසඳුමක් ලබාදෙන තුරු සිය සටන අත් නොහරින බවයි.

 

නාවික හමුදාව සිය රාජකාරිය පැහැර හරින බවට චෝදනා !
 
නාවික හමුදාව සිය රාජකාරිය පැහැර හරින බවටද ධීවරයෝ රජයේ නියෝජිතයා හමුවේ පැමිණිලි කළහ.

මුලතිව් දිස්ත්‍රික් අතිරේක ලේකම් කේ. කනගේෂ්වරන් සමග දෙසැම්බර් 10 බ්‍රහස්පතින්දා පැවැති සාකච්ජාවකදී ධීවර නායක මරියදාස් පැට්‍රික් ජොන්සන් අනතුරු අඟවා තිබුනේ දෙසැම්බර් 15 අඟහරුවාදා දිනට පෙර රජය මැදිහත් වී විසදුමක් ලබා නොදුනහොත් ඉන්දීය ධීවර ට්‍රෝලර් යාත්‍රා මෙරට ගොඩබිමට ඇදගෙන ඒමට කටයුතු කරන බවයි.

ධීවරයන්ගේ ඉල්ලීම් සාධාරණ බව පිළිගත් මුලතිව් දිස්ත්‍රික් අතිරේක ලේකම් කේ. කනගේෂ්වරන් ධීවර සංගම් සමග පැවැති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබුනේ තමන් පළාත් ආණ්ඩුකාරවරයා සහ ධීවර අමාත්‍යවරයා සමග සාකච්ඡා කර විසදුමක් ලබා දෙන බවයි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ධීවරයන්ගේ ඉල්ලිම් වලට නිසි ප්‍රතිචාර නොලැබීම නිසා මුලතිව් ධීවරයන් ආරම්භ කළ විරෝධතාවය අඛණ්ඩව පවත්වාගෙන යෑම සදහා ඔවුන් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික අට්ටාලයක් සකසා එහි වාඩි ලා සිටින බවයි.

මේ අතර දෙසැම්බර් 15 අගහරුවාදා නාවික හමුදාව නිවේදනය කර තිබුනේ මාර්තු මාසයෙන් පසු යළි විදෙස් ධීවර යාත්‍රා වැටලීම ආරම්භ කළ බවයි.

දෙසැම්බර් 15 අගහරුවාදා නාවික හමුදාව නිවේදනය කර තිබුනේ මාර්තු මාසයෙන් පසු යළි විදෙස් ධීවර යාත්‍රා වැටලීම ආරම්භ කළ බවයි. 

"විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන ධීවර කටයුතු වැටලීමේ මෙහෙයුම්, කොවිඩ් -19 වසංගතයේ බලපෑම හේතුවෙන් මෙම වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා සීමා වී තිබුනත්, දිගින් දිගටම විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන්, දේශිය ධිවර ප්‍රජාවට සිදු වන බලපෑම සැලකිල්ලට ගනිමින් සහ මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීමේ අරමුණින්, විදෙස් ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ සිදු කරන ධීවර කටයුතු වැටලීමේ මෙහෙයුම් නාවික හමුදාව නැවත ආරම්භ කෙරිණි."

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා පහක්, ඉන්දීය ජාතිකයන් 36 ක් සහ ධීවර ආම්පන්න අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව වැඩි දුරටත් නිවේදනය කර තිබේ.

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයකම නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැති ධීවර විරෝධතාවයේදී ඔවුන් රජයට බල කර ඇත්තේ ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන මසුන් මැරීම නතර කිරීම සදහා වහා පියවර ගන්නා ලෙසයි.

 ධීවර සංවිධාන වලට අමතරව ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙනත් බහුජන සංවිධාන රැසක දායකත්වයද මෙම විරෝධතාවය සදහා ලැබී තිබේ.

පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ ප්‍රදේශයේ පුද්ගලික බස් රථ අද දිනයේ ධාවනයෙන් ඉවත් වී ධීවර විරෝධතාවයට සහාය දක්වද්දී, සිය වෙළද සැල් වසා දමමින් මුලතිව් දිස්ත්‍රික්කයේ කඩ සාප්පු හිමියන්ද හර්තාලයක් දියත් කළ බවයි.

Fishermen protest in the North 2

Fishermen protest in the North 3

Fishermen protest in the North 1

Fishermen protest in the North 4

විරෝධතාවය අතරතුරදී මෙරට ධීවරයන් ඉන්දිය අගමැතිවරයාගෙන් මෙන්ම එරට ධීවර අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ යුද්ධය නිසා තිස් වසරක් බැට කෑ ලාංකීය උතුරේ ධීවරයන්  තවමත් ණය බරින් ජීවත් වන මොහොතක ජීවිතය ගැට ගසා ගැනීමට ඇති එකම මාර්ගය ඉන්දිය ධීවරයන්ට උදුරා ගැනීමට නොදෙන ලෙසයි.

 

ඉන්දියාවේ විරෝධතා

නාවික හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන පරිදි අත් අඩංගුවට ගෙන ඇත්තේ ඩෙල්ෆ්ට් දූපත අසල මුහුදු සීමාව තුළ ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධිවර යාත්‍රා තුනක් (03) සමග  ඉන්දීය ජාතිකයන් 22 ක් සහ   මන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේත්, කුදිරමලේ තුඩුවට බටහිර මුහුදේත් දී ඉන්දීය ධිවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ජාතිකයන් 14 කි.

ඉන්දියාවේ ධීවරයන් පිරිසක් අද එරටදී  විරෝධතාවයක් දියත් කරමින් ඉල්ලා තිබුනේ කච්චතිව් දුපත ආසන්නයේ මසුන් මරමින් සිටියදී  ශ්‍රී ලංකා  නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇති ඉන්දියාවේ රාමේෂ්වරමේ ධීවරයන් 29 දෙනකු වහාම නිදහස් කර ගැනීමට එරට රජය මැදිහත් විය යුතු බවයි. 

දෙරටේ මහ ආණ්ඩු වහාම සාකච්ඡා කොට ධීවර ප්‍රජාවට ජීවිකාව නිදහසේ කරගෙන යාමට සුදුසු වාතාවරණයක් සකස් කරන තුරු තම විරෝධතාව අත් නොහරින බවට රාමේෂ්වරම් ධීවර නායකයෝ ශපත කර සිටිති. 

ඉන්දීය ධීවර ට්‍රෝලර් යාත්‍රා 500 ක පමණ ඉන්දිය ධීවරයන් 3000 ක පමණ පිරිසක් ඒ වන විට එම ප්‍රදේශයේ මසුන් අල්ලමින් සිටි බවත් ලංකා නාවික හමුදාවේ බාධා කිරීම් හමුවේ ඔවුනට පලා යන්නට වු බවත් ඔවුන් වැඩි දුරටත් පවසා තිබේ.

රාමේෂ්වරන් ධීවරයන් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ තමන් පාරම්පරිකව මසුන් මරන කච්චතිව් දුපත ආසන්න මුහුදේ මසුන් මැරීමේ අයිතියක් ඔවුන් සතුවද පවතින බවයි.
 

ජීවිකාව අහිමි වු මුලතිව් ධීවරයෝ
 
වසංගත සමයේ ඉන්දීය ධීවර ට්‍රෝලර් යාත්‍රා මෙරට උතුරු මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මාළු බෑම නවත්වන්නට පියවර ගැනීමෙන් ආරක්ෂක බලධාරීන් වැළකී සිටීම නිසා උතුරේ ධීවරයන් දහස් ගණනකගේ ජීවිකාවට මාස ගණනාවක සිට මරු පහරක් එල්ල වී තිබුනි.

වසංගත සමයේ ඉන්දීය ධීවර ට්‍රෝලර් යාත්‍රා මෙරට උතුරු මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මාළු බෑම නවත්වන්නට පියවර ගැනීමෙන් ආරක්ෂක බලධාරීන් වැළකී සිටීම නිසා උතුරේ ධීවරයන් දහස් ගණනකගේ ජීවිකාවට මාස ගණනාවක සිට මරු පහරක් එල්ල වී තිබුනි.

කොරෝනා ආසාදනයට බියේ නාවික හමුදාව අසල්වැසි රටේ ධීවර යාත්‍රා අත් අඩංගුවට ගැනීමට ක්‍රියා නොකිරීමෙන් උතුරු මුහුදේ ඉන්දීය බෝට්ටු වැඩි වී ඇති බවට චෝදනා කරන  ධීවර සංගම්  තව දුරටත් පෙන්වා දී තිබුනේ ඉන්දීය ධීවර ට්‍රෝලර් යාත්‍රා 500 ක් පමණ ලංකාවේ ගොඩබිම ට පෙනෙන දුරින් මුලතිව් මුහුදේ කිසිදු බාධාවකින් තොරව මසුන් මරන්නේ මුලතිව්හි චලෙයි සිට කොකිලායි දක්වා හමුදා සහ නාවික හමුදා කදවුරු 50 ක් පමණ පිහිටා තිබියදී බවයි.

මුලතිව් වෙරලාසන්නයටම පැමිණෙන ඉන්දීය යාත්‍රා බාධාවකින් තොරව මසුන් මැරීමේ යෙදී සිටින අයුරු මුලතිව් ධීවර සංගම් නායකයෝ පසුගියදා මාධ්‍යවේදීන් කැඳවා දැකගන්නට සලස්වා තිබුණි.

නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි, පෙබරවාරි යන මාස මුලතිව් මුහුදේ ඉස්සන් අස්වැන්න වැඩි වශයෙන් පවතින කාල සීවාව වුවත් එම අස්වැන්න ඉන්දීය ධීවරයන් අත්ට පත් වන බව පෙන්වා දෙන වෘත්තිය සමිති නායකයන් අවධාරණය කරන්නේ මුලතිව් ධීවරයන් වසරක් ජීවත් වන්නේ මෙම කාලයේදී ලබා ගන්නා ආදායමෙන් බවයි.

වගකිව යුතු බලධාරීන් රාජකාරිය පැහැරහැරීම නිසා එම ආදායම ඉන්දීය ධීවරයන් අතට පත් වීමෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර පවුල් 5000 ක් පමණ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින බව පළාත් බද වාර්තාකරුවෝ දිගින් දිගටම පෙන්වා දී තිබුනි.

''වගකිව යුතු බලධාරීන් රාජකාරිය පැහැරහැරීම නිසා එම ආදායම ඉන්දීය ධීවරයන් අතට පත් වීමෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර පවුල් 5000 ක් පමණ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින බව පළාත් බද වාර්තාකරුවෝ දිගින් දිගටම පෙන්වා දී තිබුනි.''

සබැඳි පුවත් :

නාවික හමුදාව වසංගතයට බියවීමෙන් ඉන්දීය ධීවරයන්ට වාසි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්