'සියළු සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා යන සිතුවිල්ල වටා නූතනවාදී දේශපාලන ගමන ගොඩනගමු'
යයි හිටපු අමාත්‍ය මංගල සමරවීර පසුගිය ඉරිදා (දෙසැම්බර් 20) 'මාතර සමාජය' අමතමින් ප්‍රකාශ කළේය.
 
ඒ,  මාතර ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක, මාතර නගර සභාවේ හිටපු නගරාධිපති උපුල් නිශාන්ත විසින් සංවිධානය කර තිබු 'මාතර හමුවේ' ආරාධිත දේශකයකු ලෙස එක්වෙමිනි.Matara New
 
මංගල සමරවීර පක්ෂ දේශපාලනයෙන් ඉවත්වීම ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ප්‍රසිද්ධ ජනහමුවක් ඇමතු පළමු අවස්ථාව මෙයවීමත්, එහිදී ඔහු විසින් සිදුකළ ඇතැම් දේශපාලනික ප්‍රකාශ නිසාත් මේවනවිට එම ජනහමුවට දේශපාලන හා මාධ්‍ය ක්ෂේත්‍රයේ විශේෂ අවධානයක් යොමුව ඇත.
 
එහිදී ඔහු විසින් සිදුකළ ඇතැම් ප්‍රකාශ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති අතර බොහෝ දේශපාලන විචාරකයින් ඔහුගේ ප්‍රකාශ හා ඔහුගේ දේශපාලන භාවිතාව බරපතල ලෙස ප්‍රශ්නකරමින් තිබේ. ඒ, මංගලගේ කතාවෙහි ඇතැම් කොටස් උලුප්පා දක්වමිනි.
 
එම තත්වය තුල කාලින වැදගත්කම සලකා මංගල සමරවීර විසින් සිදුකරනු ලැබූ සමස්ත කතාව මෙසේ පළකරමු.
 
''ජනාධිපතිවරණයක් තියල දැන් අවුරුද්දකුත් මාසයක් විතර වෙනවා. ඒ ජනාධිපතිවරණයේදී අවුරුදු 32 ක් තිස්සේම මම නියෝජනය කරපු මගේ මාතර ජනතාව, මුළු රටේම බහුතර ඡන්දදායකයන් සමග එකතුවෙලා, මම නියෝජනය කරන කඳවුරත්, එම කඳවුරේ මතවාදයත් ඒ හරහා මාවත් අන්ත පරාජයකට පත් කළා. 
 
ඡන්ද විසිහයදාහකින් අපි පැරදුනා. මාතර ආසනය ගැන විතරයි මම මේ කතා කරන්නේ. විසිහයදාහකින් පැරදුනා. 1989 න් පස්සේ ඒ තරම් පැරදුන අවස්ථාවක් තිබුණේ නැහැ. මට ඒකේ ප්‍රතිඵල බලන්නවත් හිතුනේ නැහැ, ඇඳේ අනික් පැත්ත හැරිලා නිදියගත්තා. මම හිතන්නේ අපිට ලැබුනේ ඡන්ද දොළොස් දාහක් විතර. 
 
රොනීද මැල් මැතිතුමාගෙන් පස්සේ මාතරින් මුදල් ඇමතිවරයෙකුත් පත්වුනා. ඒ විතරක් නෙවෙයි 'ගම්පෙරළිය' ඒ වගේම මාතරටම හදපු නිල්වලා ව්‍යාපෘතිය, කෝටි ප්‍රකෝටි ගණන් සංවර්ධන කටයුතු කරා. තවත් සංවර්ධන කටයුතු කරන්න සූදානම් කරලා තිබුනා. 
 
මාතර විතරක් නෙවෙයි අපි ගම්පෙරළිය පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වා සෑම ආසනයකටම 2018 වර්ෂයේදී, 2019 සඳහා කෝටි තුනක් වෙන් කරා එක ආසනයකට. 2019 අපි පරාජය වෙනකොට කෝටි හතර දක්වා ඒ මුදල් මම වැඩි කරලා තිබුණා. 
 
sirisena 2273871g 1200x550
 
අභියෝග රාශියක් තිබුණත් අපි හොඳ හිතින් අපි ජනාධිපති කෙනෙක් පත් කරගත්තා. ඒ ජනාධිපතිවරයා පුටුවේ තියාගෙන සෞඛ්‍ය ඇමතිවරයා විශාල වැඩකොටසක් කරා. අධ්‍යාපන ඇමතිවරයා විශාල වැඩකොටසක් කරා. ඒ වගේම ලංකාවේ රැකියා උත්පාදනය කරන කර්මාන්තශාලා ගලාගෙන ආවා. 
 
ඔය ඊයේ පෙරේදා විවෘත කරන හැම එකම සුපුරුදු පරිදි රාජපක්ෂලා අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීමක් තමයි. 
 
එවැනි සංවර්ධනයක් කර තිබියදීත් ඇයි මේ රටේ  ජනතාව අපව ප්‍රතික්ෂේප කළේ ?  එක හොර ඡන්දයක් මෙතන නෑ, ඒක අපි පිළිගන්න ඕනේ. බොරු කියලා ආවා ඒක වෙනම කතාවක්, නමුත් ජනතාව අනික් අපේක්ෂකයට විශාල අතිවිශිෂ්ඨ ඡන්ද සංඛ්‍යාවක් ලබා දුන්නා. 
 
එවැනි සංවර්ධනයක් කර තිබියදීත් ඇයි මේ රටේ  ජනතාව අපව ප්‍රතික්ෂේප කළේ? එක හොර ඡන්දයක් මෙතන නෑ, ඒක අපි පිළිගන්න ඕනේ. බොරු කියලා ආවා ඒක වෙනම කතාවක්, නමුත් ජනතාව අනික් අපේක්ෂකයට විශාල අතිවිශිෂ්ඨ ඡන්ද සංඛ්‍යාවක් ලබා දුන්නා. 
 
මේ සියල්ල තියෙද්දිත් තනි සිංහල ආණ්ඩුවක් ලබා දෙනවයි කියන පොරොන්දුව වෙනුවෙන් මේ රටේ ජනතාව පෙළගැහුනා. 
 
ඒ වගේම ඒ කාලේ සමාජ ජාලා දිහා අයෙත් බැලුවොත්, පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරු 225 ගෙදර යවපං කිය කිය දැම්මා. දැන් නම් ඒ දකින්න නැහැ. දැන් හොරු නෙවෙයි වෙන්න ඇති. 
 
කෙසේ වෙතත්, පාර්මේන්තුවම ගෙදර යවන්න ඕනේ, දූෂණය නැති කරන්න ඕනේ, දූෂණය නැතිකරන්න පුලුවන් තීන්දු ගන්න නායකයෙක් ඕනැයි කිව්වා.
 
 රටට එක නීතියක්, නීතියේ ආධිපත්‍යය තහවුරු කරන්න පුළුවන් නායකයෙක් ඕනැයි කිව්වා. 
 
දුප්පත් මිනිහටත්, පොහොසත් මිනිහටත්, හිරකාරයාටත්, රජකුමාරයාටත් එකම නීතියක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකයෙක් පත්කරගන්න ඕනැයි කියලා තමයි මේ අය අලුත් ජනාධිපතිවරයෙක් පත් කරගත්තේ. 
 
පත්කරගත්තට පස්සේ ඒකත් මදි, මට මේ දේවල් කරන්න නම් මට තුනෙන් දෙකක බලයක් ඕනැයි කිව්වා. පාර්ලිමේන්තුවේ මේ තියෙන මේ සාමාන්‍ය බලය එක්ක මට වැඩ කරන්න බැහැ ස්වාධීන කොමිෂන් සභා එක්ක මට වැඩ කරන්න බැහැ, ස්වාධීන කොමිෂන් සභා තියෙනකන් ස්වාධීන පොලිසියක් තියෙනකන්, ස්වාධීන අධිකරණයක් තියෙනකන්, ස්වාධීන රජයේ සේවයක් තියෙනකන් මට රට හදන්න බැහැ කියලා මේ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරලා මේ රට මහා සිංහගප්පූරුවක් බවට පත් කරන්න කියලා තුනෙන් දෙක ඉල්ලුවා. 
 
අපේ රටේ ජනතාව පෝලිමේ ඉඳලා දුන්නේ තුනෙන් දෙක නෙවෙයි.
 
 මෙතන තිබුණ මැතිවරණ ක්‍රමය නිසා තමයි තුනෙන් දෙකක් ලැබුනේ. 
 
ආසන ක්‍රමයට ඡන්දය තිබුණා නම් තුනෙන් දෙකට වඩා ඡන්ද ප්‍රමාණයක් මේ ආණ්ඩුව ලබා ගන්නවා. මොකද බලන්න පොඩ්ඩක් ආසන හැටියට අපි කොච්චරක් දිනලා තියෙනවාද කියලා. 
 
ජේ.ආර්. ජයවර්ධනටත් වඩා වැඩි ශක්තිමත් ආණ්ඩුවක් ගෝඨාභය රාජපක්ෂට ලබා දීල ඉස්සෙල්ලම කරේ මොකක්ද 20 වෙනි සංශෝධනය කියලා සංශෝධනයක් ගෙනැල්ලා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ව්‍යාවස්ථාවටත් වඩා එහා ගිය ඒකාධිපති බලතල සියල්ල යලි වතාවක් විධායක ජනාධිපතිවරයා තමන්ගේ බලයට ගත්තා.
 

HE Ranaviru

ඉතින් දැන් අපට ඉතාමත්ම ශක්තිමත් බලවත් ජනාධිපතිවරයෙක් අපට ලැබිලා ඉන්නවා. දැන් ඡන්දය ඉවරවෙලා මාස 4 හැබැයි මුළු රටම අවුල් ජාලාවක්. බලවත් ආණ්ඩුවක් තියෙනවා. බලවත් ජනාධිපතිවරයෙක් ඉන්නවා. 
 
රටම අවුල් ජාලයක !
 
ඉතින් දැන් අපට ඉතාමත්ම ශක්තිමත් බලවත් ජනාධිපතිවරයෙක් අපට ලැබිලා ඉන්නවා. දැන් ඡන්දය ඉවරවෙලා මාස 4 හැබැයි මුළු රටම අවුල් ජාලාවක්. බලවත් ආණ්ඩුවක් තියෙනවා. බලවත් ජනාධිපතිවරයෙක් ඉන්නවා. 
 
අද කොරෝනා අර්බුදය පාලනය කරගන්න බැරුව රට විශාල අර්බුදයකට යනවා.
 
අනික් පැත්තෙන් ආර්ථිකය අවුල්කර ගැනීමේ හේතුවෙන් අද ලංකා ඉතිහාසයේ කවදාවත් නොදුටු ආර්ථික අර්බුදයකට රට ගමන් කර අවසානයි. 
 
නීතයේ ආධිපත්‍ය දෙනවයි කියපු අය අද මිනී මරපු හිරකාරයන්ටත් පාර්ලිමේන්තු යන්න පුළුවන් තත්වයක් ඇති කරලා. 
 
අද නීතිය ඔබට අපට, සාමාන්‍ය ජනතාවට එක විදිහක්. රාජපක්ෂලාට සම්බන්ධව ඉන්න අයට තවත් විදිහකට ක්‍රියාත්මක වෙන යුගය ආරම්භ වෙලා.
 
රටක් හැටියට අපි ක්‍රමානුකූලව හුදෙකලා වෙමින් පවතිනවා. 
 
 
'සර් ෆේල් සර් ෆේල්' 
 
හැබැයි මේ තත්වය යටතේ මාස හතරක් ගිහිල්ල දැන් යන යන තැන කියන්නේ මොකක්ද ඇහෙන්නේ ? සර් ෆේල් සර් ෆේල්. 
 
මේ කියන්නෙත් අපේ අය නෙවෙයි. සර් ෆේල් කියලා වැඩිපුරම කියන්නේ පොහොට්ටුවට ඡන්දය දීපු අය. 
 
ආණ්ඩුවේ පරණ යාලුවෝ මට තාම කතා කරනවා. එයාලා හොර රහසේ කියන්නේ සර් ෆේල් සර් ෆේල් කියලා මතුර මතුර යනවා. ඒ සර්ව ගෙනාපුම අය. 
 
සර් ෆේල් කියලා හිතාගෙන විපක්ෂයේ ඉන්න සමහරුත් දැන් ඒ සර්ගේ සපත්තු දෙකට බැහැලා, සර්ට වඩා හොඳ සිංහල බෞද්ධ තනි ආණ්ඩුවක් තමන්ට කරගෙන යන්න පුළුවන් කියලා මේ වෙනකොට අලුත් සූට් මහනවා. දත් මදිනවා. 
 
DSC 1582 1
''හැමෝම කියනවා සර් ෆේල් කියලා. හැබැයි මිත්‍රවරුණි මම කියනවා සර් නෙවෙයි ෆේල්. හොඳට මේක තේරුම් ගන්න සර් නෙවෙයි, ෆේල් සර් නියෝජනය කරන දේශපාලන මතවාදය මේ රටේ යලි වතාවක් ෆේල් වෙලා.'' - මංගල 
 
හැමෝම කියනවා සර් ෆේල් කියලා. හැබැයි මිත්‍රවරුණි මම කියනවා සර් නෙවෙයි ෆේල්. හොඳට මේක තේරුම් ගන්න සර් නෙවෙයි ෆේල් සර් නියෝජනය කරන දේශපාලන මතවාදය මේ රටේ යලි වතාවක් ෆේල් වෙලා. 
 
එදාටත් වඩා භයානක තත්වයකට රට අද ඇදගෙන යනවා. මේක ගෝඨායගේ පිටින් විතරක් දාලා ගෝඨාභය වෙනුවට ඒ විදිහටම හිතන තවත් නායකයෙක් ගෙනාවයි කියලා මේක ගොඩ ගන්න බැහැ. ඒකයි ඇත්ත කතාව.
 
''එදාටත් වඩා භයානක තත්වයකට රට අද ඇදගෙන යනවා. මේක ගෝඨායගේ පිටින් විතරක් දාලා ගෝඨාභය වෙනුවට ඒ විදිහටම හිතන තවත් නායකයෙක් ගෙනාවයි කියලා මේක ගොඩ ගන්න බැහැ. ඒකයි ඇත්ත කතාව.''
 
තමුනාන්සේලා දන්නවා 1948 දී අපි නිදහස ලබනකොට, මම මේක නිතර නිතර මන්තරේ වගේ කියන කතාවක්, මේක ඔලුවේ තියාගන්න කරුණාකරලා. අපිට වඩා ඉහළින් හිටියේ ආසියාවෙන් ජපානය විතරයි.
 
 ලීක්වාන්යූ අගමැතිතුමාගේ ජීවන කතාවේ ලියනවා නිදහස ලබා ගන්නකොට පොදු රාජ්‍ය මණ්ඩලයේ තිබුණ ආදර්ශමත්ම රට ලංකාවයි කියලා. 
 
ලංකාවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය ලෝකයේ තිබුණ හොඳම විශ්ව විද්‍යාල 50 අතරෙන් එකක්. 
 
ආසිවේම තිබුණ හොඳම රාජ්‍ය සේවයක් ලංකාවේ තිබුණා. 
 
ඉතාමත්ම විශ්වාසදායක පොලීසියක් ලංකාවේ තිබුණා. 
 
ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලෝකයේ හොඳම විනිසුරුවන් ඉන්නේ කියලා ඒ කාලේ ලෝකයාගෙන් අපිට අහන්න ලැබුණා.
 
'' සර් ජෝන් කොතලාවලගෙන් පස්සේ ප්‍රාථමික ගිණුමට අතිරික්තයක් අරන් දුන්නේ මම මුදල් ඇමැතිවෙලා ඉන්න කළේ 220px Sir John Lionel Kotelawala 1897 1980.'' 
 
හතළිස් අටේ නිදහස ලැබුණට පස්සේ 1955 ආර්ථික සංඛ්‍යාලේඛන දිහා බලන්න, සර් ජෝන් කොතලාවලගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ තමයි ලංකාවේ 2018 වෙනකන්  ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබුණේ. ඒ කියන්නේ වියදමට වඩා අපේ ආදායම ඒ වෙනකොටත් වැඩියි. 
 
නිදහස ලබල අවුරුදු අටක් වෙලත් ඒ අතිරික්තය තිබුණා ආයිමත් ඒ අතිරික්තය ලබා ගන්න පුළුවන් වුණේ අපේ කාලේ.
 
මගේ ලොකු කමට කියනවා නෙවෙයි, මම මුදල් ඇමති විදියට කරේ මගෙත් එක්ක හිටපු නිධාරීන් එක්ක එකතුවෙලා සබ්ජෙක්ට් එක දන්න අයගේ උපදෙස් අරගෙන, ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයේ සහභාගීත්වය අරගෙන, මේ රටට මූල්‍යමය විනයක් හදපු එක. 
 
මම ඒ හිටපු අවුරුදු තුනට මේ රටට සර් ජෝන් කොතලාවලගෙන් පස්සේ ප්‍රාථමික ගිණුමට අතිරික්තයක් අරන් දුන්නේ. 
 
48 නිදහස ලබල 55 වෙනකන්ම අපිට හොඳ රටක් තිබුණා.  55 ඡන්දයට එනකොට ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් තිබුණා. ජාත්‍යන්තර වශයෙන් ගත්තම අපේ රට ඉතාමත්ම පුංචි රටක් දුප්පත් රටක් වුණත් ඉතාමත්ම ඉහළ පිළිගැනීමක් අපිට ජාත්‍යන්තරයෙන් තිබුණා.
 
 
Mao Tse tung and Sirima
 
 
ඒ වෙනකොට කොමියුනිස්ට් චීනය ආරම්භ කරලා අවුරුදු කීපයයි. ඒ කොමියුනිස්ට් චීනයත් එක්ක ඉස්සෙල්ලම ප්‍රයිස් රබර් ෆැක්ටර් එක ලංකාවේ අපි අත්සන් කරලා චීනයට උදව් කරපු නිසා චීනය අපේ හොඳම මිත්‍රයන් බවට පත්වුණේ එදායි.  
 
හැබැයි අපි චීනය එක්ක විතරක් යැපුනේ නැහැ මොකද අනිත් කෙලවරේ ලෝකයේ බලවතා ඇමෙරිකා එක්සත් ජනපදය ලංකාවේ හොඳම මිත්‍රයෙක් බවට පත්වෙලා තිබුණා. 
 
කොයිතරම් හොඳ මිත්‍රයෙක්ද කිව්වොත් එවකට ඇමෙරිකාවේ හිටපු උප ජනාධිපති රිචඩ් ඩික්සන් ලංකාවේ නිවාඩුවට ආවම එතුමා නිවාඩුව ගත කරන්නේ අපේ අගමැතිතුමාගේ දැන් අර හමුදාවට දීල තියෙන කඳවලවත්තේ නිවසේ. 
 
එවකට බ්‍රිතාන්‍යයේ තරුණ එළිසබෙත් මහ රැජින එක්දහස් නවසිය පනස් දෙකේ හෝ තුනේ මට මතක හැටියට ඉස්සෙල්ලාම ගියපු රටක් තමයි ලංකාව. තවමත් ඒ පිංතූර තියෙනවා.jo Image 2020 12 23 at 2.59.55 PM 
 

 

අපේ රටේ අගමැතිතුමා තමයි එංගලන්තයේ මහ රැජිණව සහෝදරියක් වගේ අතින් අල්ලගෙන හිගිල්ලා ප්ලේන් එකට බස්සන්නේ.  
 
මේ වගේ යුගයක් අපිට තිබුණා. ආර්ථික වශයෙන් ශක්තිමත්ව ලේකය පිළිගත්ත අපේ තරුණයන්ට අනාගතය ගැන යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කාලය තිබුණත්, මේකත් කියන්නට ඕනේ අද මේ අපි දකින ගෝත්‍රික වැඩවසම් මතවාදය හඳුන්වා දුන්නේ රට ආපස්සට ගමන් කරන්නට පටන් ගත්තේ 1956.
 
හිතන්න එපා මම බණ්ඩාරනායක අගමැතිතුමාට දොස් කියනවා කියලා. දොස් කියන්නත් වෙනවා. 
 
මම උපන් දවසේ තමයි මගේ පියා ඒ පනස් හයේ ආණ්ඩුවේ නියෝජ්‍ය අධිකරණ ඇමති වශයෙන් දිවුරුම් දුන්නයි කියන්නේ. 
 
නමුත් ඊට පස්සේ මම සිරිමාවෝ මැතිණිය, ඒ වගේම අදත් ඒ බණ්ඩාරනායක පවුලේ චන්ද්‍රිකා මැතිණිය, අනුර බණ්ඩාරනායක මගේ ඉතාමත්ම හොඳ ගරු කරන ලංකාවේ බිහිවෙච්ච විශිෂ්ඨම අවංක දේශපාලන පවුලක් කියලා මම දැන් වුණත් කිව්වත්, මතවාදීව මේ රට ආපස්සට යන්නට පටන් ගත්තේ 1956. 
 
ඒ මතවාදය ඉස්සරහට ගෙනිහිල්ල ගෙනිහිල්ලා එක එක ආණ්ඩු කරා අද මේ රට විනාශයේ මුඛයට ගෙනිහිල්ලා තියෙනවා.
 
 oKoo2oSWtXqu1Exm 3
බණ්ඩාරනායක අගමැතිතුමා අගමැති වෙන්න මේ රටට ගොත්‍රික ඊනියා බෞද්ධ මතවාදයක් හඳුන්වලා දුන්නා.
 
මොකද එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා අගමැති වෙන්න මේ රටට ගොත්‍රික ඊනියා බෞද්ධ මතවාදයක් හඳුන්වලා දුන්නා.  
 
බෞද්ධාගමේ නාමයෙන් මේ රට තුළ ජාතිවාදය තහවුරු කරන්න පටන් ගත්තා. 
 
බෞද්ධාගමේ නාමයෙන් ආගම්වාදය මේ රටේ තහවුරු වෙන්න පටන් ගත්තා. 
 
බෞද්ධාගමේ නාමයෙන් කුලවාදය මේ රටේ හිස එසව්වා. 
 
එක පැත්තකින් සමාජවාදී ආර්ථික ක්‍රමය තුළින් මේ රටට වුනේ හොඳක් නෙවෙයි. 
 
එදා මේ රටට හඳුන්වා දීපු ඒ බලවේගවල ගොදුරක් බවට එස්.ඩබ්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා පත් වුණා.
 
දැන් ඒ බලවේග දිගින් දිගටම ඉස්සරහට ඇවිත් තියෙනවා.
''එක පැත්තකින් සමාජවාදී ආර්ථික ක්‍රමය තුළින් මේ රටට වුනේ හොඳක් නෙවෙයි. එදා මේ රටට හඳුන්වා දීපු ඒ බලවේගවල ගොදුරක් බවට එස්.ඩබ්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා පත් වුණා. දැන් ඒ බලවේග දිගින් දිගටම ඉස්සරහට ඇවිත් තියෙනවා.''
ඒ වගේම තව එකක් මතක තියාගන්න ඕනේ, තුනෙන් දෙකේ බලය ලබා ගත්තු හැම ආණ්ඩුවක්ම නිදහසෙන් පස්සේ මේ රටට කරපු විනාසය සේවයට වඩා වැඩීයි.
 
56 දී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 51 ක් ගත්දි එක්සත් ජාතික පක්ෂය  ගත්තේ ආසන 8 යි. 
 
ඊට පස්සේ ආයිමත් 1970 වෙදී සිරිමාවෝ මැතිණිය ඒත් තුනෙන් දෙකේ බලයක අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවා. 
 
1970 ආණ්ඩුවෙන් තමයි අධිකරණය දේශපාලණීකරණයට ලක්වුනේ කණගාටුයි කියන්න. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මැතිතුමා අධිකරණ ඇමති හැටියට ඉදිදී. ඕක තමයි ඇත්ත කතාව.  
 
මම කියන්න ඕනේ ඒ අයට මම පෞද්ගලිකව ගරු කරත් ඉතිහාසය දිහා බැලුවොත් විශේෂයෙන් අධිකරණය හා රාජ්‍ය සේවය මේ වගේ දේශපාලන හෙන්චයියන් බවට පත් කරන්න පටන් ගත්තේ 1970 තුනෙන් දෙකේ බලය දීපු වෙලාවේ. 
''මම කියන්න ඕනේ ඒ අයට මම පෞද්ගලිකව ගරු කරත් ඉතිහාසය දිහා බැලුවොත් විශේෂයෙන් අධිකරණය හා රාජ්‍ය සේවය මේ වගේ දේශපාලන හෙන්චයියන් බවට පත් කරන්න පටන් ගත්තේ 1970 තුනෙන් දෙකේ බලය දීපු වෙලාවේ.''
 
ජේ.ආර් ජයවර්ධන උන්නැහේ මේ රටේ හයෙන් පහක බලයක් අරගෙන බලයට ආවා. ඇත්ත අපි පිළිගන්න ඕනේ. අද අපේ රටේ බොහෝ ප්‍රශ්නවල මූලාශ්‍ය තියෙන්නේ එතුමා හදපු විධායක ජනාධිපති ක්‍රමය තුළයි.
 
තනි පුද්ගලයෙකුය අසීමිත බලයක් ලබා දීම තුළින් මේ රට ආපස්සට ගමන් කරා.
 
 2010 දීත් මහා මැතිවරණයෙන් තුනෙන් දෙක නොලැබුණත් මහින්ද රාජපක්ෂ මැතිතුමා මහ මැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ කොටසකුත් අරගෙන තුනෙන් දෙකේ ආණ්ඩුවකුත් හැදුවා.
 
 ඒ තුනෙන් දෙකේ ආණ්ඩුවෙන් තමයි මිත්‍රවරුණි අද අපි දකින දූෂණය සහ භීෂණය සංස්ථාගත කරලා ගජ මිතුරු ආර්ථිකයකට මේ රටේ මුල් ගල් තිබ්බා.
 
20200307 ASP502 2010 තුනෙන් දෙකේ ආණ්ඩුවෙන් අද අපි දකින දූෂණය සහ භීෂණය සංස්ථාගත කරලා ගජ මිතුරු ආර්ථිකයකට මේ රටේ මුල් ගල් තිබ්බා.
තව අවුරුදු 27 කින් අපි නිදහස ලබලා අවුරුදු 100 ක් වෙනවා. ඒ කියන්නේ මහලොකු කාලයක් නෙවෙයි. නමුත් මේ විදිහට ගියොත් 48 ඉඳලා බලනකොට අපට පිටිපස්සෙන් හිටපු බොහෝ රටවල් දැන් හොඳට දියුණුවෙලා.
 
 පනස් ගණන්වල හැට ගණන්වල කොරියාව කියන්නේ මුඩුක්කු වලින් පිරිච්ච යුද්ධයෙන් විනාශ වෙච්ච රටක්. ඒ කාලේ අපි ඉස්කෝලේ යනකොට කොම්පඤ්ඤ වීදියේ මුඩුක්කු දැක්කම අපි කියන්නේ 'අන්න කොරියාව' කියලා. 
 
අද අපේ දූ දරුවන් කොරියාවට ගිහිල් රස්සාවක් කරන්න භාෂාව ඉගෙනගෙන පෝලිමේ ඉන්නවා. 
 
අපිට නක්ශ්‍රාස්ත්‍ර බලලා කියන්න ඕන නැහැ දැන් මේ රට යන මාර්ගය දැන්වත් වෙනස් නොකළොත් ඇෆ්ගනිස්ථානය බංගලාදේශය වැනි අපේ අසල්වැසි රටවලුත් සීග්‍රයෙන් දියුණු වෙනකොට අපි ආසියාවේ දුප්පත්ම රට බවට පත්වෙනවා. 
 
ආසියාවේ බුද්ධිමත්ම ජනතාවක් සිටින හොඳ අධ්‍යාපනයක් තිබුණ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන, සංස්කෘතියක් තියෙන, ලෝකේ තියෙන ප්‍රධානතම ආගම්වලින් පෝෂණය වෙච්ච අපේ රට ඉතාමත්ම භයානක තත්වයකට යනවා මෙහෙම ගියොත්.
 
දැන්වත් එක එක රූපවාහිනී අයිතිකාරයින්ගේ බොරුවලට රැවටෙන්නේ නැතුව ඇත්ත මොකක්ද කියලා තමන්ම හිතලා බලලා අපි මේ යන ගමන වෙනස් කරන්න ඕනේ.
 
හෙට අපේ මතවාදය වෙනස් නොකර ගෝඨාභය නෙවෙයි වෙන කෙනෙක් ගෙනාවත් ඔය කතාවමයි ඉස්සරහට ඇදිල යන්නේ. ඒකයි මම කියන්නේ ගෝඨාභයට විතරක් මේ වෙලාවේ බැනලා හරියන්නේ නැහැයි කියලා. 
 
''අපිට අවශ්‍ය වෙන්නේ මිත්‍යාව, කුහකත්වය, වෛරය, ඉරිසියාව  සහ ගෝතිකත්වය මුල්කරගත් මේ මතවාදයට විකල්පයක්. ඒ විකල්පය නම් ප්‍රජාතන්ත්‍රවාදය මනුෂ්‍යත්වය, විද්‍යාව පදනම් කරගත්ත විකල්පයක් විතරමයි. ඒකට එක එක පාට ලේබල් ඇලෙව්වත්, මේ මූලධර්මයන් නැති ගමනක් කරන්නේ විනාශයක් මිසක් හොඳක් නොවෙයි. ''
 
අපිට අවශ්‍ය වෙන්නේ මිත්‍යාව, කුහකත්වය, වෛරය, ඉරිසියාව  සහ ගෝතිකත්වය මුල්කරගත් මේ මතවාදයට විකල්පයක්. 
 
ඒ විකල්පය නම් ප්‍රජාතන්ත්‍රවාදය මනුෂ්‍යත්වය, විද්‍යාව පදනම් කරගත්ත විකල්පයක් විතරමයි.
 
ඒකට එක එක පාට ලේබල් ඇලෙව්වත්, මේ මූලධර්මයන් නැති ගමනක් කරන්නේ විනාශයක් මිසක් හොඳක් නොවෙයි.
 
එක පුද්ගලයෙකුට එක පවුලකට එක පක්ෂයකට ඔටුණු පළඳන එක නතර කරලා, අපි ඔටුණු පළඳන්න ඕනේ මොන පාටින් මොන පක්ෂෙන් ආවත් නීතියට සහ සාධාරණයට විතරයි. 
 
මේ රටේ නීතිය හිරගෙදර ඉන්න හිරකාරයාගේ ඉඳන් රජගෙදර කුමාරයා දක්වා නීතිය එකක් වෙන්න ඕනේ.
 
සියලුම ජාතීන්ගේ සියලුම ආගම්වල අයිතිවාසිකම් විතරක් නෙවෙයි සිවුපාවන්ගේ ගස්කොළන්වල අයිතිවාසිකමුත් අපි සහතික කරන්න ඕනේ.
 
 
ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් ආවත්...
 
කවදා හරි ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් ආවත්,  මොකද මම හැමදාම කියනවා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය දර්ශනය මම පිළි නොගත්තත් ඒ අයට හොඳ දේශපාලන විනයක් තියෙනවා. වෙනස්කම් කිරීමේ උවමනාව තියෙනවා. ඒක කරන්න පුළුන් මිනිස්සුත් ඉන්නවා හැබැයි ඒ අය බලයට ආවත් මේ පරණ මොඩල් එකටම නම් යන්නේ මේ රට තව තවත් ආපස්සට යනවා. 
 
විකල්පයක් තියෙනවා. දේශපාලන විද්‍යාව අනුව නම් කියන්නේ ලිබරල් ඩිමොක්‍රසි එහෙම නැත්නම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියලා.
 
දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ දියුණු වෙන හැම රටකම ක්‍රියාත්මක වෙන්නේ මේ ලිබරල් ඩිමොක්‍රටික් මූලධර්මයය.
 
වෙනත් රටවල් මම මේ කතා කරන මූලධර්මයට කියන්නේ ඇත්ත වශයෙන්ම බුදු දහම කියලා. ඒකයි ඇත්ත. 
 
ලිබරල් ඩිමොක්‍රසි කියන්නේ බුදු දහම පදනම් වූ බුදු දහමේ හරය මුල් කරගත් දේශපාලන මතවාදයක් සහ දේශපාලන ක්‍රියාවලියකට දීල තියෙන නම. 
 
ලිබරල් ඩිමොක්‍රසි කියන්නේ බුදු දහම පදනම් වූ බුදු දහමේ හරය මුල් කරගත් දේශපාලන මතවාදයක් සහ දේශපාලන ක්‍රියාවලියකට දීල තියෙන නම. 
හිතන්න එපා මම මේ අර ඉන්දියාවේ වගේ අපේ රටේ හරක් මස් විකුණන එක නවත්වන්න හදනවා නෙවෙයි. පෞද්ගලිකව මමත් හරක් මස් කන්න ආසයි. බෞද්ධ අපේ වැඩක් නෙවෙයි ඒක තහනම් කරන එක.
 
 එහෙම නැත්නම් අරාබියේ වගේ සේරම මත්පැන්සැල් වහන එකවත් නෙවෙයි. මොකද මම බීල වැටෙන්නේ නැති වුණාට හැමදාම හවසට දැන් නම් මට පොඩි අඩියකුත් ඕනේ. 
 
මම දැන් මේ කතා කරන්නේ ගෑනු ළමයි ඔක්කොමල්ලගේ කකුල් දෙක වහලා ළමා සාරි අන්දන එකක් ගැනත් නෙවෙයි.
 
මම මේ කියන්නේ බුද්ධ දර්මයේ තියෙන හරය. මෙතන සීයට අනූනවයක්ම ඉන්නේ බෞද්ධයන් වෙන්න ඇති. බුදු දහම ගැන මම ඒ තරම් ගැඹුරෙන් කතා නොකරත් මම පරම්පරාගත බෙද්ධයෙක්. ඒ මූලධර්මයන් අපේ ඇඟේ තියෙනවා.
 
පිට රටකින් සුද්දෙක් හරි ඇවිත් බෞද්ධ දර්ශනය ගැන එක වාක්‍යයකින් කියන්න කියලා කිව්වොත් ඒ මුළු බෞද්ධ ධර්මයම ගොනුවෙන වාක්‍යයක් තියෙනවා. ඒ වාක්‍යය තමයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඔච්චරයි. 
 
 Buddha statue inside Dambulla cave temple, Sri Lanka. Dambulla cave temple also known as the Golden Temple of Dambulla is a World  Heritage Site in Sri Lanka, situated in the central part of the country. This site is situated 148 km east of Colombo and 72 km  north of Kandy. It is the largest and best-preserved cave temple complex in Sri Lanka. This temple complex dates back to the first century BCE. There are more than 80 documented caves in  the surrounding area. Major attractions are spread over 5 caves, which contain statues and paintings. These paintings and statues  are related to Lord Buddha and his life. There are total of 153 Buddha statues, 3 statues of Sri Lankan kings and 4 statues of  gods and goddesses.
 
''පිට රටකින් සුද්දෙක් හරි ඇවිත් බෞද්ධ දර්ශනය ගැන එක වාක්‍යයකින් කියන්න කියලා කිව්වොත් ඒ මුළු බෞද්ධ ධර්මයම ගොනුවෙන වාක්‍යයක් තියෙනවා. ඒ වාක්‍යය තමයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඔච්චරයි. ''
 
ඒ වාක්‍යයේ ගැඹුරු දේශපාලන මතවේදයේ තිබිය යුතු සියල්ල අඩංගුයි. 
 
නමුත් මේක කිව්වේ අවුරුදු 2500 කට ඉස්සෙල්ලා අපේ ගෞතම බුදු හාමුදුරුවෝ. 
 
ඒකේ කොහෙවත් කියලා මේ සත්වයෝ සිංහල වෙන්න ඕනෙයි කියලා. 
 
තමුන්නාන්සේලා දන්නවා බෞද්ධාගමට ජාතියක් ආගමක් රටක් නැහැ.
 
 ඇත්තවශයෙන්ම මම  බෞද්ධ දර්ශණයට හැමදාම ගරු කරන්නේ මේ දර්ශණය පෘතුවියට විතරක් සීමා වුණ එකක් නෙවෙයි, බෞද්ධ දර්ශණයෙන් විතරයි මුළු විශ්ව ගම්‍යක් ගැන කතා කරන්නේ, මුළු යුනිවරසල් එක ගැනම. 
 
හාවඩ් වගේ විශ්ව විද්‍යාලවල කොම්මොලොජි කියලා විශ්වය ගැන ඉගෙන ගන්න පුළුවන් උපාධි තියෙනවා.
 
 නමුත්  ඔය උපාධි ගැන කවුරුත් කතා කරන්න ඉස්සෙල්ලා අවුරුදු 2500 කට පෙර බුදු හාමුදුරුවෝ තමයි මේ විශ්ව නියමයන් විශ්ව විද්‍යාව ගැන කෝස්මොලොජි ගැන කතා කෙරුව එකම පුද්ගලයා.
 
අපි සිංහල බෞද්ධ රටක් කිය කියා ඉන්න අපි බොහොම ආසයි නමුත් ඒකෙන් අපි වපුරන්නේ වෛරය ක්‍රෝධය තන්හාව විතරයි.
 
අපේ රටේ ඉන්න ඕනේ සිංහල ජනතාව කියලා, ඈත අතීතයේ ඉඳන් අපිත් එක්ක හිටපු දෙමළ ජනතාව ගෙනිහිල්ලා මුහුදේ ඔබන්නද?  වෙන රටකට යවන්නද? 
 
එහෙමත් නැත්නම් මෙහේ අවුරුදු දාහක් එක්දහස් පන්සීයක් තිස්සේ එකොළොස්වෙනි ශතවර්ශයේ ඉඳලා ඉන්න මුස්ලිම් මිනිස්සු එලවලා දාන්නද ? 
 
ඒ ඔක්කෝම. මේ හැමෝම ශ්‍රී ලාංකිකයෝ. 
 
ඇමෙරිකාවේ මේ වර ජනාධිපතිවරණයෙන් අන්තිමට ඒ අය පත් කරන්නේ මේ දකුණු ඉන්දියාවෙන් ගිහිල්ලා කාබේරියන් කෙනෙක් කසාද බැඳපු ඒ ජොඩුවගේ දුව තමයි ඇමෙරිකාවේ උප ජනාධිපති හැටියට දිවුරුම් දෙන්නේ.
 
ජෝ බයින්ඩින් කියන්නේ ලෝකයේ බලවත්ම බෞද්ධයෙක් කියන්න පුලුවන් නායකයෙක්. එයාට මොනවා හරි වුණොත් ලෝකයේ බලවත්ම පුටුවේ වාඩි වෙන්නේ ආසියාවේ අපේ පැත්තෙන් ආව කාන්තාවක්. 
 
''මානව අයිතීන් ගැන කතා කරේ බුදු හාමුදුරුවෝ. සතුන්, ගස් කොළන් පවා ආරක්ෂා කරන්න ඕනැයි කියලා ඉස්සෙල්ලාම කිව්වේ බුදුහාමුදුරුවෝ.''
 
මානව අයිතීන් ගැන කතා කරේ බුදු හාමුදුරුවෝ. සතුන්, ගස් කොළන් පවා ආරක්ෂා කරන්න ඕනැයි කියලා ඉස්සෙල්ලාම කිව්වේ බුදුහාමුදුරුවෝ.
 
පටාචාරාව ආවම මේකි පවුකාරියක් කියලා වෙඩි තියලා මරන්න ඕන කිව්වේ නැහැ 
 
නමුත් අද මොකද වෙන්නේ මහර හිරගෙදර කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කරන්න කියලා කිව්වාම වෙඩි තියලා මරලා ඊට පස්සේ කියනවා එයාලගේ දෙමාපියන් හරියට හදල නැහැලු. ඒ මිනිස්සුත් මනුස්සයෝනේ ඒ මිනිස්සුන්ටත් ඒ අයිතිය තියෙනවනේ.
 
 

collageමේකෙන්ම පේනවා අද අපේ අධ්‍යාපන ක්‍රමයෙත් ලොකු අර්බුදයක් තියෙනවා කියන කාරණය.

 
අනික් පැත්තෙන් මෙච්චර අධ්‍යාපනය ලබා ගෙනත් මට පුදුමයි, අර මී පැණි ටික බොන්න ගියපු සෙනඟ බැලුවම. මේ නූගත් මෝඩ මිනිස්සු නෙවෙයි. එකෙනුත් පේනවා අද අපේ අධ්‍යාපන ක්‍රමයෙත් ලොකු අර්බුදයක් තියෙනවායි කියලා. 
 
මේවට අපි විසඳුම් හොයමු. රූපවාහිනියේ දෙයක් දැකලා ඒ බොරුව විශ්වාස කරලා ඒකට චූන් වෙලා ක්ෂණික තීන්දු ගන්නේ නැතුව දැන් වත් කල් බලලා ඉස්සරහ බලලා තීන්දු ගන්න. 
 
තමන්ගේ කාලය අවසන් වෙමින් තිබුණත් අපේ දරුවන්ට අපි මීට වඩා හොඳ රටක් අපි භාර දෙන්න ඕන. 
 
දැන් මේක බාර දීල එක පාරටම සිංගප්පූරුවක් කරන්න බැහැ. නමුත් අත්තිවාරම හරි දාන්න පුළුවන්. මොකද කොයිතරම් හොඳ ගෙයක් හැදුවත් වැඩක් නැහැ ශක්තිමත් අත්තිවාරමක් නැත්නම්.
 
ශක්තිමත් අත්තිවාරමක් කියන්නේ අපි මේ රටට ශක්තිමත් ප්‍රජාතන්තවාදී ආයතන අපි පිහිටවන්න ඕනේ, මේ තියෙන කුහක දේශපාලනය තුරන් කරන්න ඕනේ. තරුණයන්ට අලුත් අනාගතයක් ගැන විශ්වාසයක් දෙන්න ඕනේ.
 
කාලෙකට පස්සේ මාතර ජනතාවට මගේ හිතේ තිබුණ දේවල් කියන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. 
 
''ශක්තිමත් අත්තිවාරමක් කියන්නේ අපි මේ රටට ශක්තිමත් ප්‍රජාතන්තවාදී ආයතන අපි පිහිටවන්න ඕනේ, මේ තියෙන කුහක දේශපාලනය තුරන් කරන්න ඕනේ. තරුණයන්ට අලුත් අනාගතයක් ගැන විශ්වාසයක් දෙන්න ඕනේ.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්