ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළ සිටම ආණ්ඩුව විරුද්ධව කුමන්ත්‍රණයක්
කරන ආකාරයක් හැඟී යන බව රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ සඳහන් කරයි.
 
තීරණාත්මක අවස්ථාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2015 වසරේදී මෙන් ආණ්ඩුවට එරෙහිව කටයුතු කරනු ඇත්දැයි තමන්ට සැක මතුවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
 
කහටගස්දිගිලිය රන්පත්විල හන්දියේ සිට කටුකැලියාව ඇතුළු ගම්මාන කිහිපයකට ප්‍රවේශ වන මාර්ගය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් පෙරේදා (25) රන්පත්විල හන්දිය ප්‍රදේශයේ විරෝධතාවක නිරත විය.
 
අදාළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට සියළු කටයුතු සූදානම් කර තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රීක්කය නියෝජනය කරන දේශපාලඥයෙකු විසින් එම විරෝධතාව මෙහෙයවා ඇතැයි අනුරාධපුරයේ ඊයේ (26)  පැවති වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළේය.
 
කෙසේ නමුත් එවන් කුමන්ත්‍රණකරුවන්ට මෙම ආණ්ඩුව බිඳ දැමීමට ඉඩ නොදෙන බව ද ඇමතිවරයා අවධාරණය කර සිටියේය.
 
 

 
අදාළ විරෝධතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඉකුත්දා රජයට එල්ල කළ චෝදනාවේ දිගුවක් බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ එහිදී කියා සිටියේය.
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්