කුමන හෝ ගැටළුවක් සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගන්නේ කිසිඳූ ජන කණ්ඩායමකට බලපෑමක් නොවන ලෙස බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි පවසයි.
කොරෝනා ආසාදිත මෘත දේහ සම්බන්ධයෙන් මේවන විට රට තුල මතුව ඇති දැඩි කථාබහ සම්බන්ධයෙන් නෙත් නිවුස් කල විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
 
කොරෝනා ආසාදිත මෘත දේහ සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගන්නේ විද්වත් කමිටුවේ නිර්දේශ මත පදනම්ව පමණක් බව ඔහු එහිදී ඔහු අවධාරණය කළේය.
 
ඕනෑම තීරණයකින් කිසිඳු විටක ජන කොටසක් පීඩනයට පත් නොවන ලෙස එම තීරණ ගන්නා බව ද අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි වැඩිදුරටත් පැවසිය.
 
කොරෝනා ආසාදිත මෘත දේහ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මීට පෙර විද්වත් කමිටුවක් පත් කර තිබිණ. එමඟින් ඔවුන් තීරණය කර තිබුණේ කොරෝනා ආසාදිත මෘත දේහ භූමදානය නොකල යුතු බවයි.
 
 මෘත දේහ වල ඇති වෛරස් කාණ්ඩ භූගත ජලයට එක් වීමට ඇති අවධානම ඊට හේතුව ලෙසද ප්‍රකාශ කර තිබිණ.
 
 කෙසේ වෙතත් කොරෝනා ආසාදිත මෘත දේහ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යළිත් වරක් විශේෂඥ කමිටුවක් පත් කර ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්