2021 වර්ෂය ආරම්භයේ සිට පක්ෂ දේශපාලන කටයුතුවලට මැදිහත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
ජනාධිපතිවරයා එවැනි තීන්දුවක් ගැනීමට යන්නේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ නායකයින් විසින් දිගින් දිගටම සිදුකරනු ලබන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බව පැවසේ.
 
ජනාධිපතිවරයා හා දේශපාලන ක්‍රියාකාරීන් අතර බරපතල දුරස්වීමක් ඇති අතර කැබිනට් අමාත්‍යවරුන් පවා පවසන්නේ, කැබිනට් මණ්ඩල රැස්වීම් 'සූම් තාක්ෂනය ඔස්සේ සිදුකිරීම නිසා ජනාධිපතිවරයාව සතියකට සැරයක් හෝ හමුවීමට තිබු අවස්ථාව අහිමිව ඇති බවයි.
 
මෙයට එක් විසඳුමක් ලෙස කණ්ඩායම් වශයෙන් මන්ත්‍රීවරුන් හමුවීමට යෝජනා වී ඇතැයි ද පැවසේ.
 
එසේම ජනවාරි 1 වැනිදා ජාතිය අමතා ජනාධිපතිවරයා හා ජනතාවත්, සිය දේශපාලන කණ්ඩායමත්  අතර වර්ධනය වෙමින් පවතින දුරස්ථභාවය දුරුකර ගැනීමට තිබූ අවස්ථාවත් මඟහැරි ඇතැයි ද ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු මැසිවිලි නගමින් සිටින බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
 
මේ අතර පත් කළ ඇතැම් රාජ්‍ය නිලධාරින්ගේ කටයුතු නිසා රාජ්‍ය සේවකයින් ද දැඩි කළකිරීමට පත්ව ඇතැයිද වාර්තා වේ.
 
දේශපාලන කටයුතු හා රාජ්‍ය පරිපාලන කටයුතු මනා සම්බන්ධීකරණයකින් සිදු නොවන බව පවසන ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ නායකයින්, රජයේ බොහෝ කටයුතු අඩාලවීමට හා ඇනහිටීමට එය බලපා ඇති බව කියා සිටියි.
 
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පක්ෂ දේශපාලන කටයුතු බැසිල් රාජපක්ෂ වෙත පවරා, රාජ්‍ය පරිපාලන කටයුතු තමන් යටතේ තබාගනිමින් පසුගිය වසර පුරා කටයුතු කළේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්