කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා මෙරටට ගෙන එන්නේ කවර එන්නතක් ද යන කාරණය සම්බන්ධයෙන් ද සෞඛ්‍ය බලධාරීන් අතර මතගැටුමක් හටගෙන ඇතැයි වාර්තාවේ.
 
මේවනවිට කොවිඩ් මර්දන වෙනුවෙන් පිළිගත් එන්නත් 5ක් නිෂ්පාදනය කර ඇත. 
 
Pfizer , AstraZeneca, Moderna, Sinovac සහ SputnikV එම එන්නත් වර්ග පහයි. 
 
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් නිපදවූ AstraZeneca කොවිඩ් මර්දන එන්නත නිෂ්පාදනය කිරීම මේවනවිට ඉන්දියාවේ දී සිදුකරන අතර ඊට අමතරව ඉන්දියාව විසින් COVAXIN නමින්ද එන්නතක් නිෂ්පාදන කරයි.
 
COVAXIN නමැති කොවිඩ් මර්දන එන්නත මේවනවිට ඉන්දීය ජාතිකයින්ට එන්නත් කිරීම ආරම්භකර තිබේ.
 
සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග වලට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් නිපදවූ AstraZeneca එන්නතක මිල දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 3කි. ලංකාවේ සමස්ත ජනගහනය මිලියන 22කට ආසන්න බැවින් ලංකාවේ සියලු දෙනාට එම එන්නත ලබාදීමට කටයුතු කලත් වියදම් වන්නේ ඩොලර් මිලියන 66කි.
 
එහෙත්, සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසන්නේ ඉන්දියානු COVAXIN එන්නත මෙරටට ගෙන ඒමේ වැඩි ඉඩක් ඇති බවයි.
 
 
 
 
''ආණ්ඩුවේ දේශපාලන ගජමිතුරු හොර තක්කඩි කොවිඩ්-19 ඇන්ටිජන් කට්ටලයෙන්, ආපසු පැමිණෙන විදේශ ruwan311216ශ්‍රමිකයන්ගේ ගුවන් ටිකට්පතෙන්, නිරෝධායනයෙන්, සීනිවලින්, පොල්තෙල්වලින් පවා වංචා කරති.'' - දේශපාලන විශේලේෂක, අජිත් පැරකුම් ජයසිංහ 
 
 
 
කෙසේවුවද, අධ්‍යාපන ඇමැති මහචාර්ය ජී. එල්. පීරිස් පවසන්නේ, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් නිපදවූ කොවිඩ් මර්දන එන්නත ලබන මස මැද භාගයේ සිට මෙරට ජනතාවට ලබා දීමට හැකිවනු ඇති බවයි.
 
ප්‍රමුඛතා හඳුනා ගනිමින් මෙම එන්නත ලබාදීම සිදු කරන බවත්, එහිදී මුලින්ම එන්නත ලබා දෙන්නේ සෞඛ්‍ය අංශ සේවකයන්ට බවත් ඔහු පැවසුයේ, මහනුවරදී 17දා පැවති මාධ්‍ය හමුවේ දීය.
 
කොවිඩ් වෛරසයේ වැඩි බලපෑමක් වැඩිහිටි ජනතාවට තිබෙන බැවින් එන්නත ලබා දීමේදී ඔවුන්ට ද ප්‍රමුඛතාවක් ලැබෙන්නේ යැයි ඔහු පැවසුවේය.
 
ෆයිසර් එන්නත සෙන්ටිග්‍රේඩ් අංශක -70ක් වැනි ඉහළ ශීත අගයක තැන්පත් කළ යුතු බැවින් එම එන්නත ප්‍රායෝගිකව මෙරට තුළ භාවිත කළ නොහැකි බවත්, ඒ නිසා දැනට ඇති වඩාත්ම සුදුසු එන්නත ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් නිෂ්පාදනය කළ එන්නත බව වෛද්‍ය අංශ තහවුරුකර තිබෙන බව කී අධ්‍යාපන ඇමතිවරයා, සෞඛ්‍ය අංශ උපදෙස් මත අදාළ සියලු කටයුතු සිදුවන බවද අවධාරණය කළේය.
 
 
 
වීඩියෝ 
ලංකාවේ කොරෝනා මඩින ඉන්දියාවේ කොමිස් එන්නත
 

 
################
 
JR කොටුවූ ඉන්දියානු උගුලට ගෝඨාභයත් කොටු වෙයිද?

###############

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්