කැරලි මර්දනය ඇතුළු “විශේෂිත රාජකාරි” වෙනුවෙන් බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
බන්ධනාගාරයේ දැනට ක්‍රියාත්මක වන බුද්ධි ඒකකය එම කාර්ය සදහා පමණක් සීමා නොවී, විශේෂ ගණයේ සිරකරුවන්/සැකකරුවන් ආරක්ෂා කිරීම, කැරැලි මර්දනය කිරීම, ආරක්ෂක රාජකාරි සිදු කිරීම වැනි කාර්ය සදහා ද යෙදවිය හැකි වන පරිදි ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව හදුනාගෙන ඇති බවයි රජය පවසන්නේ.
 
ඒ අනුව සාමාන්‍ය බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරනු ලබන රාජකාරිවලට අමතරව හදුනාගත් විශේෂිත රාජකාරි පැවරීමට හැකි වන පරිදි දැනට ක්‍රියාත්මක වන බන්ධනාගාර බුද්ධි ඒකකය "ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය" වශයෙන් ප්‍රතිසංවිධානය කිරීම සදහා අධිකරණ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.
 
ඒ “විශේෂිත රාජකාරි” මොනවාදැයි මාධ්‍ය වෙත දැනුම් දී නැත.
 
පෙබරවාරි 1 සදුදා රැස් වු කැබිනට් මණ්ඩලය එම යෝජනාව අනුමත කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාරේතමේන්තුව නිවේදනය කර ඇත.
 
දෙමාසයකට ඉහත සිදුවූ මහර බන්ධනාගාර සමූලඝාතනය සිදුවූයේ රැඳවියන් ගේ කැරැල්ලක් මර්දනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබීම නිසා බව මේ වනවිට රජයේ වාර්තාවකින්ම හෙළිදරව් වී තිබේ. 
 

එදා JR කළ නරකම දේ මෙදා GR කරයි ද?

 

තිස්සගේ දූගේ පත්වීම විදේශ ඇමති මාරපනගේ වැඩක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්