අගමැති මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස ප්‍රකාශයට පත්කර තිබු ගැසට් නිවේදනයක් පැය කිහිපයක් යාමට පෙර අහෝසිකර නිවේදනයක් පලකරවීමට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින්
කටයුතු කර තිබීම මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ බරපතල සංවාදයකට ලක්වෙමින් තිබේ. 
 
 ජනාධිපති ලේකම් ආචාර්‍ය පී. බී. ජයසුන්දරගේ බලපෑම් මත එම නිවේදනය නිකුත්කර ඇතැයි ද වාර්තාවේ.
 
ඒ සඳහා ජනාධිපති ලේකම්වරයාට බලපෑම් කරනු ලැබුවේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් ඔහුගේ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් බවට රාවයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයමින් තිබේ.
 
නිවාස බිම් ඇතුරුම් ගල් (ටයිල් ) ඇතුළු සෙරමික් නිෂ්පාදන ආනයනය පිණිස පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් අගමැතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත්කරනු ලැබුවේ ඊයේ (පෙබරවාරි 02) දිනයේ දී ය.
 

 

 

 
ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදිත මෙරටට ආනයනය සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කරමින් ඊයේ (02) දිනයේ මෙසේ නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව කටයුතු කිරීම වළක්වාලමින්  ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නව මෙහෙයුම් උපදෙස් නිකුත් කර තිබේ.
 
ඒ අනුව ඊයේ (02) නිකුත් කරන ලද අංක 2213/8 අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් අංක 03 හා 04 රෙගුලාසි ක්‍රියාවට නැංවීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා රේගුවට සහ සියලූම වාණිජ බැංකුවලට දැනුම් දී ඇත.
 
අදාළ නිවේදනය පහතින් දැක්වේ.

WhatsApp Image 2021 02 03 at 10.09.58 PM

 
  
අතුරු කතාවක් 
 
අප වෙත වාර්තා වී ඇති තොරතුරු වලට කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ පිහිනුම් තටාකය ඉඳිකිරීමට ගෙන ආ ටයිල් තොගයක් රේගුවේ හිරවී තිබීම නිසා එහි ඉඳිකිරීම් ඇනහිට ඇතැයි සඳහන් කරමින් එම විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රත්නවීර විසින් එම ටයිල් නියමිත රේගු ගාස්තු ගෙවා නිදහස් කරදීමට කටයුතු කරන මෙන් අගමැති මහින්ද රාජපක්ෂ ගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබුනේ මිට දින කිහිපයකට පෙරය.
 
ඒ අනුව අගමැති අතිරේක ලේකම්, එන්. ඒ. වීරසිංහ විසින් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ජනවාරි 22 දා ලිඛිත දැනුම් දීමක් කර ඇත. 
 
 
Prassana Latter 04 
ටයිල් සඳහා මේ වන විට ක්‍රියාත්මක ආනයනික ප්‍රතිපත්තිය සංශෝධනය කර ටයිල් සඳහා බදු නිදහස් කරන ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට අගමැතිවරයා කටයුතු කර ඇත්තේ එම සිද්ධියෙන් හෙළිවූ කරුණු ගණනාවක් සැලකිල්ලට ගනිමින් බව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
 
විදෙස් ටයිල් ගෙන්වීම තහනම් කිරීමට පෙර ආනයනය කරන ලද ටයිල් කන්ටේනර් 100කට ආසන්න ප්‍රමාණයක් රේගුවේ ගොඩගැසී ඇති බවත්, ඒවා ආනයනය ව්‍යාපාරිකයින් මේවනවිට රුපියල් ලක්ෂ ගණනක් ගුදම් ගාස්තු ගෙවමින් සිටින බවටත් අගමැතිවරයාට දැනගන්නට ලැබී ඇත. 
 
එසේම, රජය විසින් ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය තහනම් කිරීම හේතුවෙන් මේවනවිට එම ක්ෂේත්‍රයේ නිරතව සිටි ව්‍යාපාරිකයින් බරපතල මුල්‍ය අර්බුදයකට ලක්ව සිටින අතර ඒ ආශ්‍රීත රැකියාවන් හි නිරතව සිටි දහස් ගණනකගේ රැකියා අහිමිවීමේ අවදානමක් ද මතුව තිබෙන බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනයකරුවන්ගේ සංගමය විසින් අගමැතිවරයා දැනුවත් කර තිබී ඇත. 
 
මෙම ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ තීන්දුව නිසා, මෙරට ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරික ධම්මික පෙරේරා වැනි කිහිප දෙනෙකු පමණක් දැවැන්ත ධනස්කන්දයක් උපයමින් සිටින බවටද අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්ව ඇත.
 
අගමැතිවරයා අදාල ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළේ ඒ අනුවබව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසිය.
 
අගමැතිගේ ගැසට් නිවේදනයත් සමග කොටස් වෙළඳපොලේ ධම්මිකගේ ටයිල්ස් සමාගමේ කොටස් මිල පහලවැටී, ආනයන හා අපනයන පාලක ජෙනරාල්ගේ නිවේදනයත් සමග අද දිනයේ යලි ඉහල ගොස් ඇතැයි ද වාර්තාවේ. 
 

Screen Shot 2021 02 03 at 11.46.20 PM

Screen Shot 2021 02 03 at 11.46.34 PM

 සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙන පොස්ටු කිහිපයක් 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
නැගෙනහිර ජැටිය විකුනන්න ගිය හතර දෙනාගේ කල්ලිය
ගෝඨා මලයා නෝන්ඩි කරමින් මහින්ද අයියා ගහපු ගේම...

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්