ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව තව දින දොළහකින් ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සමාලෝචනය කිරීමට නියමිතව තිබියදී, කොරෝනා වෛරස් ආසාදනය වී මිය යන

පුද්ගලයන්ගේ සිරුරු භුමදානය කිරීමට අවසර දෙන බව ශ්‍රී ලංකාවේ අගමැතිවරයා පවසා තිබේ.
 
"භුමදානය කරන්න ඉඩ දෙනවා."  අගමැති මහින්ද රාජපක්ෂ පෙබරවාරි 10 බදාදා පාර්ලිමේන්තුවේදී සදහන් කළේ  විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් විමසු පැනයකට පිළිතුරු ලෙසිනි.
 
 

 
 
රජය විසින් තමන්ගේම කමිටු නිර්දේශ නොතකා හැරීම ගැන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය සිය කනස්සල්ල පළ කර  දෙදිනක් ගත වන මොහොතේ අගමැතිවරයා ආණ්ඩුවේ ස්ථාවරය හෙළි කර තිබේ.
 
 
 
ජලයෙන් කොරෝනා වෛරසය බෝ නෝවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබියදීත් මළ සිරුරු භුමදානය කිරීමට අවසර නොදෙන්නේ ඇයිදැයි විපක්ෂයේ  මන්ත්‍රීවරයා අගමැතිවරයාගෙන් විමසා තිබුනි.
 
මන්ත්‍රී එස්.එම් මරික්කාර් අගමැතිවරයාගෙන් ප්‍රශ්නය විමසන විට එය රිතී ප්‍රශ්නයක් නොවන බවත්, අනවශ්‍ය  ප්‍රශ්න අදින බවටත් කතානායක මහින්ද යාපා අබේවර්ධන විපක්ෂයේ මන්ත්‍රීවරයාට චෝදනා කළේය.
 
 
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසියේදී සමාලෝචනය කිරීමට නියමිතව ඇත්තේ  2021 පෙබරවාරි 22 සිට මාර්තු 23 දක්වාය.
 
 
කොවිඩ් 19 ආසාදිතව මළවුන්ගේ දේහ බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ජනවාර්ගිකත්වය කේන්ද්‍රකරගත් ප්‍රතිපත්තියක් ලෙස හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන්  කණ්ඩායමක් විසින් මහ කොමසාරිස් මිෂෙල් බැචලේගේ වාර්තාවට දෙදිනකට පෙර නිවේදනයක් නිකුත් කර තිබුණි.
 
 
 
ඉම්රාන් ඛාන් දිවයිනට
 

748578 1273276 PM Imran updates                             පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්

 
 
මේ අතර පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා පෙබරවාරි 22 වනදා මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
 
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය යන රටවල් දෙකම බරපතළ කොවිඩ් වසංගත තත්වයකින් පීඩා විඳිද්දී පාකිස්ථානු අගමැතිවරයා හදිසියේම නිල සංචාරයක නිරතවීම ජාත්‍යන්තර දේශපාලන විශ්ලේශකයන්ගේ දැඩි අවධානයට යොමුව ඇත.
 
කොරෝනාබාධිත මළ සිරුරු භුමදානය කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබා දී තිබියදීත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එම අයිතිය මෙරට ජනතාවට අහිමි කර ඇති බවට චෝදනා කරමින් සිවිල් සංවිධාන, විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ බහු ජන සංවිධාන  එක්ව පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාව තුළ නොයෙක් ආකාරයේ  විරෝධතා දියත් කළේය.
 
විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකික මුස්ලිම් හා දෙමළ  ප්‍රජාවද ආණ්ඩුවේ එම ක්‍රියාව හෙළා දකිමින් විරෝධතා කිහිපයක්ම දියත් කර තිබුනි.
 
 
 
දස දහස් සංඛ්‍යාත දෙමළ හා මුස්ලිම් ජන සහභාගිත්වයකින් දින පහක් පුරා  නැගෙනහිර සිට උතුරට ගමන් කළ සාම පාදයාත්‍රාවේ ඉල්ලීම් අතර කොරෝනාබාධිතව මියයන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු භුමදානය කිරීමට අවසර දෙන ලෙස බල කිරීම ද ප්‍රමුඛත්වයක් ගෙන තිබුනි.
මුල සිටම ජාත්‍යන්තර බලපෑම:
 
 
 
 
කෝවිඩ් 19 වසංගතය ශ්‍රී ලංකාවේ මුල් වටයේ පැතිරීම ආරම්භ වීමත් සමග මුස්ලිම්වරුන්ට කරන අඩන්තේට්ටම් අත්හිටුවන ලෙස තෙල් අපනයනය කරන ප්‍රධාන රටවල් ඇතුළු ලෝකයේ බලවත් ඉස්ලාමීය රාජ්‍ය ශ්‍රී ලංකාවට පසුගියදා  දැනුම් දීමක් ද කර තිබුනි.
 
මුස්ලිම්වරුන්ට එරෙහිව කෙරෙන වෙනස්කම් පෑම් හෙලා දකින රටවල් 57 කින් සැදුම්ලත් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC) එම ප්‍රජාවේ අයිතිවාසිකම් හා ගෞරවය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස කෝපාන්විත ස්වරයෙන් යුත් නිවේදනයකින් ශ්‍රී ලංකාවේ රජයෙන් ඉල්ලා තිබුනි.
 
කොරෝනා රෝගාතුර වී මියයන ශ්‍රී ලංකාවේ ඉස්ලාම් බැතිමතුන්ගේ සිරුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ ඉස්ලාමීය වත් පිළිවෙත් වලට පටහැනිව ආදාහනය කිරීමත්, කෝවිඩ් 19 වසංගත මර්දනය බාර රාජ්‍ය බලධාරීන් මෙන්ම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මුස්ලිම් විරෝධී වෛරය ඇවිලවීමත් සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර  හා දේශීය මානව හිමිකම් සංවිධාන කනස්සල්ල පළකර තිබුනි.
 
 
 
පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව?
 

 
 
උතුරේ තරුණයන්ගේ වකුගඩු විකුනන දොස්තරගේ රංගන
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්