'බුළත් කොළයේ' ලකුණින් මිට පෙර මැතිවරණ වලට තරඟ කළ,
වත්මන් ආණ්ඩුවේ සාමාජික පක්ෂ 12 ක නියෝජිතයින් ඊයේ (11බ්‍රස්පතින්දා) සවස අමාත්‍ය විමල් විරවංශ ගේ නිවසට රැස්වී ආණ්ඩුවේ වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත. 
 
ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂයවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ආණ්ඩුව නියෝජනය කරන අනෙකුත් සියලුම පක්ෂවල නියෝජිතයින් එම අවස්ථාවට එක්ව සිටියේය. 
 
මෙලෙස එක්වූ දේශපාලන පක්ෂ හා සංවිධාන අතර 'බුළත් කොළය' හෙවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන බහුතරයක් පක්ෂ හා සංවිධානවල නියෝජිතයින් එක්ව සිටීම විශේෂ කාරණයකි.
 
ජනාධිපතිවරයා හා අගමැතිවරයා දේශපාලනික වශයෙන් ශක්තිමත් කරමින් ඉදිරියේදී ගත යුතු සාමුහික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේදී සාකච්ජාවට බඳුන්ව ඇත.
 
 
 
මෙම රැස්වීමට සහභාගී නොවන්නැයි තම පක්ෂයේ නායකත්වයට බැසිල් පාර්ශවයෙන් දැඩි බලපෑමක් එල්ල වූ බව එම රැස්වීමට සහභාගිව සිටි පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකුම පැවසුහ.
 
 
 
රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ, 2015 වසරේ සිට ආණ්ඩු බලය ලබාගන්නා තුරු අඛණ්ඩව සෑම අගහරුවාදා දිනකම පස්වරු 4.00ට පක්ෂ නායක රැස්වීමක් වුනු බවයි.
 
මෑත කාලයේදී එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් පක්ෂ 12ක් රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමට හමුවීමට තීරණය කළ බව ගම්මන්පිල පැවසීය.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධානාත්මක පිරිසක් විමල් වීරවංශ අමාත්‍යවරයා විවේචනයට ලක් කිරීම සම්බන්ධයෙන් ද උදය ගම්මන්පිල අමාත්‍යවරයා සිය පිළිකුළ ප්‍රකාශ කළේ ය.
 
මෙය ආණ්ඩුවට එරෙහිව හෝ ආණ්ඩුවෙන් ඉවත් වීමක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොවන බවද ඔහු අවධාරණය කර සිටියේය.
 
 

ජනපතිගේ සහාය විමල්ට ?
 

 
බොදු බල සේනා තහනම් කරන ලකුණු? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්