2018 වසරේ දී රටින් පලා යාමට උත්සාහ කළ ඩුබායි හි ලතීෆා කුමරිය,
තමා ''ප්‍රාණ ඇපකාරියක'' මට්ටමින් රඳවාගෙන සිටින බවට සිය පියාට චෝදනා කරමින් ඇයගේ මිතුරු මිතුරියන්ට රහසිගත වීඩියෝ පණිවිඩ යවා ඇත. ලතීෆා, ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් අල් මක්ටූම් ගේ දියණිය ය.
 
ලතීෆා අල් මක්ටූම් කුමරිය විසින් නිකුත්කරන ලද වීඩියෝ පටයක් බීබීසී 'පැනරාමා' විශේෂාංගයට ලැබී ඇති අතර, බෝට්ටුවකින් පලායමින් සිටි කුමරිය අල්ලාගත් 'ඩුබායි' කොමාන්ඩෝ භටයන් ඇය ඖෂධ මගින් මත්කොට යළිත් රැඳවුම් භාරයට පත්කරන ලද බව එමගින් පැවසෙයි.
 
රහස්‍ය පණිවුඩ අත්හිටුවා ඇති අතර මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස කුමරියගේ මිතුරු මිතුරියන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිති.
 
ඩුබායි සහ එක්සත් අරාබි එමීරයේ බලධාරීන් මුලදී ප්‍රකාශ කළේ ලතීෆා කුමරිය පවුලේ භාරයේ සිටින බවකි.
 
2018 වසරේ ලතීෆා කුමරිය මුණගැසීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජිත මේරි රොබින්සන්, ලතීෆා '' දඩබ්බර තරුණියක්'' ලෙස හඳුන්වා දුන් නමුත් ''එදා තමා බිහිසුණු රැවටීමකට ලක්කරනු ලැබ ඇතැයි'' දැන් පවසයි.
 
මේරි රොබින්සන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජිතවරියක් මෙන්ම අයර්ලන්තයේ ජනාධිපතිවරියයි.
 
ලතීෆා කුමරිය රඳවා ඇති ස්ථානයක් සොයාගැනීමට සහ ඇය මුහුණ දී සිටින තත්ත්වය යහපත් අතට ගෙන ඒමට පියවර ගන්නා මෙන් කෙරෙන ඉල්ලීම් සමඟ මේරි රොබින්සන් ද එක්ව සිටින්නීය.
 
"මම ලතීෆා ගැන දිගින් දිගටම කනස්සල්ලට පත්වෙලා ඉන්නේ. බොහෝ දේ සිදුව තියෙනවා. පවතින තත්ත්වය විමර්ශනයකට ලක් කළ යුතු යයි මම සිතනවා " ඇය ප්‍රකාශ කරයි.
 
ලෝකයේ ඉහළම ධනකුවේර රාජ්‍ය නායකයන් කීපදෙනාට අතරට ද ඇතුළත් කෙරෙන, ලතීෆා කුමරියගේ පියා වන ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් අල් මක්ටූම් (Sheikh Mohammed bin Rashid Al Maktoum) එක්සත් අරාබි එමීරයේ උප ජනාධිපතිවරයා ලෙසද කටයුතු කරයි.
 
ලතීෆා කුමරිය විසින් එවන ලද වීඩියෝ දර්ශන දුරකතනයකින් පටිගත කරන ලද ඒවා වෙති. 
 
පළායමින් සිටිය දී අල්ලාගෙන 'ඩුබායි' කරා රැගෙන එමින් සිටි අවස්ථාවේ ඇය ලද ජංගම දුරකථනය ඒ සඳහා යොදාගනු ලැබ ඇත. ඇය රඳවා සිටින ස්ථානයේ වෙනත් දොරක් නොමැති හෙයින් කුමරිය ඒවා පටිගත කරනු ලැබ තිබෙන්නේ නාන කාමරයේ සිටින අතරය.
 
ලතීෆා විසින් එවන ලද පණිවුඩවල පහත සඳහන් තොරතුරු ඇතුළත් වෙයි.
 
පලායමින් සිටින අතරවාරයේ කුමරිය නතරකොට බෝට්ටුවෙන් ඉවතට ගැනීමට උත්සාහ කෙරෙද්දී ඇය කොමාන්ඩෝ භටයන් සමග පොරබැදුවාය. භටයන් සමග සටන් කළ ඇය ඔවුන්ට පාපහර එල්ල කරමින් එක් කොමාන්ඩෝ භටයකුට කෑගැසෙනතෙක් ඔහුගේ අත සපා කෑවාය.
 
සන්සුන්වීමෙන් අනතුරුව ඇයට සිහිය නැතිවී ඇති අතර පෞද්ගලික ජෙට් යානයකින් ඩුබායි කරා රැගෙන එනතෙක් නින්දෙන් පිබිදී නැත.
 
ඉන් අනතුරුව කුමරිය රඳවා තබාගත් අතර ඇයට වෛද්‍ය හෝ නෛතික පහසුකම් නොලැබුණි. දොරවල් අගුලු දමා තිබූ විශාල මාලිගාවක ඇය සිරකර තැබුණ අතර එම මැදුර වටකොට පොලිස් මුරකාවල් යොදා තිබුණි.
 
 116972976 hooligan3 ලතීෆා කුමරියගේ 'කැපෝයිරා' නැටුම් සහ සංගීත උපදේශකවරිය වන
ටීනා ජවුහයිනන් පලායාමේ සැලැස්මට උදව්කර ඇත
 
 
 
ලතීෆා කුමරිය අල්ලා ගැනීම සහ රඳවා තබා ගැනීම පිළිබඳ විස්තරය BBC 'පැනරාමා' වැඩසටහනට අනාවරණය කරන ලද්දේ ඇගේ සමීප මිතුරියක සහ උපදේශිකාවක වන ටීනා ජවුහයිනන්, මව් පාර්ශ්වයේ ඥාති සහෝදරයකු වන මාකස් එසබ්රි සහ 'නිදහස් ලතීෆා ව්‍යාපාරය' පිටුපස සමස්ත කටයුතු ඉටුකළ ක්‍රියාධරයකු වන ඩේවිඩ් හේග් විසිනි.
 
එවැනි හෙළිදරව් කිරීමේ දුෂ්කර තීන්දුව ගන්නා ලද්දේ ලතීෆා ගේ ජීවිතය සුරක්ෂිත කරගැනීමේ අරමුණින් යයි ඔවුහු පවසති.
 
පොලිස් රැකවල් මැද ජනෙල් අගුළු දමන ලද මන්දිරයක සිරකර තබා සිටින කුමරිය සමඟ සබඳතා ගොඩනගා ගැනීමට ඔවුන් සමත්ව ඇත.
 
ලතීෆා සිරකරනු ලැබ ඇති ස්ථානය සහ එහි තත්ත්වය ස්වාධීන නිරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමට 'BBC පැනරාමා' මාධ්‍යවේදීහු සමත්වූහ.
 
ලතීෆාගේ පියාවන ෂෙයික් මොහොමඩ් ඩුබායි ඉතා සාර්ථක නගරයක් බවට සංවර්ධනය කළ නමුත් මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරීන්ට අනුව ඔහු විසම්මුතික මතවාද නොඉවසයි. ඩුබායි අධිකරණ පද්ධතියට කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමට බලය පවතී..
 
ඩුබායි ෂෙයික්වරයා අතිවිශාල අශ්වාරෝහක ව්‍යාපාරයක හිමිකරුවෙකි. බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන 'රාජකීය ඇස්කොට්' (Royal Ascot) වැනි ප්‍රධාන තුරඟ ධාවන ඉසව්වලට නිතර සහභාගී වෙයි. එම අවස්ථාවන්හි ඔහු දෙවන එලිසබෙත් රැජින සමඟ ඡායාරූපවලට පෙනීසිට ඇත.
 
  116985198 pa 43684348
ෂෙයික් මොහොමඩ් (ඉදිරිපෙළ දකුණේ සිට පළමුවැන්නා)
2019 වසරේ රැජින සමඟ ඡායාරූපයකට පෙනීසිටි අවස්ථාවක්  (PA MEDIA)
 
 
ඩුබායි පාලකයා ලතීෆා සම්බන්ධයෙන් පමණක් නොව ඇයගේ සුළුමව වන 'හයා බින්ත් අල් හුසෙයින්' කුමරිය සම්බන්ධයෙන් ද දෝෂ දර්ශනයට ලක්වෙයි. හයා කුමරිය සිය දරුවන් දෙදෙනාත් රැගෙන 2019 වසරේ ලන්ඩන් නගරයට පළා ආවාය.
 
 
රහස්‍ය බෝට්ටු ගමන:
 
දැනට 35 හැවිරිදි ලතීෆා පළමුවෙන් පලායාමට තැත්කර තිබෙන්නේ වයස අවුරුදු 16 දීය.එය අසාර්ථක වූ අතර 2018 දී ඇය යළි පලායාමට සැලසුම් කරන ලද්දේ සිය උපදේශකවරියක වන ටීනාගේ උදව්වෙනි.
 
2018 පෙබරවාරි මාසයේ 24 වෙනිදා ලතීෆා සහ ටීනා සුළං පුරවන බෝට්ටුවක් සහ ජලමත ලිස්සායාමේ ක්‍රීඩා සඳහා යොදාගන්නා 'ජෙට් ස්කී' උපකරණ රැගෙන ඩුබායි අසල ජාත්‍යන්තර මුහුදට පිවිසුණහ. එහි ඇමෙරිකානු කොඩිය සහිත යාත්‍රාවක් (yacht) නතර කර තිබුණි.
 
කුමරිය රැගත් එම යාත්‍රාව ඉන්දියාවට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබෙන අතරවාරයේ දවස් අටකට පසු කොමාන්ඩෝ භටයෝ බෝට්ටුවට අතුල්වූහ. ඒ සමඟ එල්ල කෙරුණ දුම්බෝම්බයක් නිසා තමාට සහ කුමරියට යාත්‍රාවේ පහළ තට්ටුවේ නාන කාමරයේ සැඟවීමට සිදුවූ බවත් කොමාන්ඩෝ භටයින් තුවක්කු මානා ගනිමින් තමන් සිරකර තබාගත් බවත් ටීනා පවසයි.
 
අනතුරුව ලතීෆා ඩුබායි කරා ගෙන ආ අතර එතැන් පටන් ඇයට සිදු වූ දෙයක් දැනගැනීමට නොහැකිව තිබුණි.
 
ටීනා සහ යාත්‍රාවේ කාර්ය මණ්ඩලය සති දෙකක කාලයක් ඩුබායි හි රඳවා තබා තිබිණි. කුමරිය අල්ලාගනු ලැබීමට තම පාර්ශ්වයෙන් දුන් දායකත්වය සම්බන්ධයෙන් ඉන්දියාව කිසිවක් නොකියයි.
 
 116995586 ab97186c 0846 4229 b9e3 626ed211b4d7
ලතීෆා විසින් 2018 දී කලින් පටිගත කරන ලද වීඩියෝ පටයක් අසාර්ථක පලායාමෙන් පසු ප්‍රචාරය කරනු ලැබුණි.
 
 
ලතීෆා විසින් 2018 දී කලින් පටිගත කරන ලද වීඩියෝ පටයක් අසාර්ථක පලායාමෙන් පසු ප්‍රචාරය කරනු ලැබිණි. ඇය අල්ලාගනු ලැබීමෙන් අනතුරුව එය 'යූටියුබ්' ජාලයේ පළකෙරිණි
 
"ඔබ මෙම වීඩියෝ පටය නරඹන්නේ නම්, එය එතරම් හොඳ දසුනක් නොවේ. එක්කෝ මම මැරී ඇත. නැත්නම්,මා පසුවෙන තත්ත්වය ඉතාම, ඉතාම, ඉතාම නරක එකක් වනු ඇත''කුමරිය එමගින් පවසයි.
 
එම වීඩියෝ පටය නිකුත්වීමත් සමඟ ලතීෆා නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් ජාත්‍යන්තර හඬක් නැගෙන්නට විය. එක්සත් අරාබි එමීරය විශාල ජාත්‍යන්තර බලපෑමකට ගොදුරුවන්නට විය. මේරි රොබින්සන් සමඟ හමුවක් පිළියෙළ කරනු ලැබුණි.
 
 117009018 348b6353 255b 467b a8f7 85581b0d79ba
ලතිෆා කුමරිය පලායමින් සිටි සුඛෝපභෝගී යාත්‍රාව
 
 
 
එක්සත් ජාතීන්ගේ ප්‍රතිචාරය:
 
ඩුබායි පාලකයා සිය දියණිය ලතීෆා කුමරිය බලහත්කාරයෙන් රඳවා තබනු ලැබීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීරයේ බලධාරීන්ගෙන් විමසීමක් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
 
තම පියා විසින් තමා ''ප්‍රාණ ඇපකාරියක'' මට්ටමින් සිරකර තබා ඇතැයි පවසන ලතීෆා කුමරිය තමාට ''ජීවිත අනතුරක්'' ඇති බවට ද බිය පළ කරන්නීය.
 
ලතීෆා කුමරියගේ රහස්‍ය වීඩියෝ පටය එළියට පැමිණීමත් සමඟ ඇය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ජාත්‍යන්තර මට්ටමින් ඉල්ලීම් ඉදිරිපත්වෙමින් පවතින අතර,බීබීසී 'පැනරාමා' වැඩ සටහන මගින් ප්‍රචාරය කරන ලද එම වීඩියෝ පටය මගින් ''ඉතාම බරපතල '' තත්ත්වයක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානිය පවසයි.
 
''අපි එම තත්ත්වය ගැන අතිශයින් කණස්සල්ලට පත්ව සිටිනවා'' බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් ප්‍රකාශ කළේය.
 
''තරුණ කාන්තාවක් බලවත් චිත්ත පීඩාවෙන් පසුවෙන ආකාරය වීඩියෝ පටය මගින් පෙන්නුම් කෙරෙනවා'' විදේශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 
ලතීෆා කුමරිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගය දෙස දැඩි අවධානයෙන් පසුවෙන බවත් විදේශ ලේකම් ඩොමිනික් රාබ් කියා සිටියේය.
 
 
 
බින්ත් අල් හුසේන් හයා කුමරියගේ පලායාම:
 
 107725827 gettyimages 1027015322 හයා බින්ත් අල් හුසේන් 
 
 
ඩුබායි පාලක ෂෙයික් මොහමඩ් අල් මක්ටුම්ගේ බිරිඳක වන හයා බින්ත් අල් හුසේන් කුමරිය ලන්ඩනයේ සැඟවී සිටින්නීය. ඒ සැමියාගෙන් වෙන්වී පැන ඒමෙන් අනතුරුව සිය ජීවිතය ගැන ඇතිවී තිබෙන බිය හේතුවෙන් බව විශ්වාස කෙරේ.
 
ජෝර්දානයේ ඉපිද බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලැබූ 45 හැවිරිදි හයා කුමරිය 2004 වසරේ ෂෙයික් මොහමඩ් සමග විවාහ වූයේ ඔහුගේ හයවෙනි 'බිරිඳ ලෙසිනි.
 
සිය විවාහ වලින් ඩුබායි ෂෙයික්වරයාට දරුවන් විසිතුන් දෙනෙක් සිටිතැයි වාර්තා වී ඇත.
 
  117009019 76f206e5 ba1d 4989 9c74 da0fa9a4daf7
ලතීෆා කුමරිය සහ ඇයගේ පියා ඩුබායි ෂෙයික්වරයා (EMPICS)
 
('පැනරාමා' කාර්ය මණ්ඩලය- BBC)

 

 

 


 

 

 

 

කාති උසාවියේ වෙනස් කතාවක්! සබ්‍රිවාදයට ආවඩන රතනාලංකාරය 

 

බිම්ශානිගේ තනතුර ගලවන්න වළිකන පොලිස් ලොක්කගේ සුදු කළු පුත්තු

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්