1200 x 80 DMirror

පාස්කු කොමිසමේ වාර්තාව පිළිබද ව සෑහිමකට පත් වීය නොහැකි බවත් පසුගිය යහපාලන රජය විසින්
පත් කළ මෙම කොමිසමේ වාර්තාවෙන් ප්‍රහාරයේ මහා මොළකරුවන් පිළිබද තොරතුරු සගවා ඇත්දැයි සැක මතු වන බවත් පාස්කු කොමිසමේ වාර්තාව සොයා බැලීම සදහා ජනාධිපතිවරයා පත් කළ කමිටු සාමාජික ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.
 
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ පාස්කු කොමිසමට හෝ එහි නිර්දේශ වලට, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ ආණ්ඩුව කිසිදු බලපෑමක් සිදු නොකළ බවත්, වත්මන් ජනාධිපතිවරයා පත් කළ කමිටුවට පාස්කු කොමිසමේ නිර්දේශ වෙනස් කිරීමේ  කිසිදු උවමනාවක් හෝ බලයක් නොමැති බවත් ඇමති රණතුංග අවධාරණය කරයි.
 
ඔහු එබව කියා සිටියේ, උඩුගම්පළ දී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා මෙසේ ද කීවේය.
 
 
''මේ වාර්තාව ගැන සෑහිමකට පත්වෙන්න බෑ.''
 
 
''මේ දවස්වල හැමෝම කථා කරන්නේ පාස්කු කොමිසමේ වාර්තාව ගැන. මේ කොමිසමේ වාර්තාව ගැන අපිටත් ගැටළු තියෙනවා. පාස්කු කොමිසම පත් කළේ අපේ ආණ්ඩුව නෙමෙයි. යහපාලන ආණ්ඩුව. 
 
යහපාලන ආණ්ඩුව පාස්කු ප්‍රහාරය ගැන හොයලා බලන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකුත් පත් කළා. ඒකේ දී වුණෙත් මේ ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් වසන් කරපු එක. මේ කොමිසම් සභාවෙනුත් මේ ප්‍රහාරයේ මහ මොළකරු හොයාගත්තේ නැද්ද? නැත්නම් ඒක වසන් කළාද? කියලා අපිටත් ප්‍රශ්නයක් තියෙනවා. මේ වාර්තාව ගැන සෑහිමකට පත්වෙන්න බෑ.
 
මේ කොමිසම් සභා වාර්තාවේ වගකීම එදා ආණ්ඩුවේ හිටපු, අද විපක්ෂයේ ඉන්න උදවිය මේ ආණ්ඩුව පිට පටවන්න හදනවා. ඔවුන් හදන්නේ ඒ පාපයත් අපේ පිටට දාන්න. 
 
මෛත්‍රී ජනාධිපතිවරයා පත්කළ කොමිසම ගෝඨාභය ජනාධිපතිතුමා පත් වුණාම වෙනස් කළේ නෑ. කොමිසමට කිසිදු බලපෑමක් කළේත් නෑ. මේ හින්දා පාස්කු ප්‍රහාරයට වගේම කොමිසමේ වාර්තාවේ වගකීමෙනුත් පහුගිය ආණ්ඩුව නියෝජනය කළ කිසිවෙකුටත් ගැළවෙන්න බෑ. 
 
පාස්කු ප්‍රහාරයට රනිල්, මෛත්‍රී, සජිත් සමස්ථ ආණ්ඩුවම වග කියන්න ඕනේ. සජිත් ඇතුළු විපක්ෂය මේ වාර්තාව එළියට දමන්න යැයි කෑ මොර දුන්නා. දැන් එය ඉදිරිපත් කරපුවාම නිර්දේශ වල වගකීමත් අපේ පිට දාන්න හදනවා. 
 
ඒ වගේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කරපු කොමිසමේ වාර්තාව ඔහු සභාපතිධූරය දරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතික්ෂේප කිරීමත් එක්තරා අන්දමකින් විහිළුවක්.
 
පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලීම සදහා පහුගිය රජය පත්කළ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබද සොයා බැලීමට ජනාධිපති විශේෂ කමිටුවක් පත්කළා. මමත් එහි සාමාජිකයෙක්. 
 
මේ ආණ්ඩුවට මෙම පාස්කු කොමිසමේ නිර්දේශ වෙනස්කිරීමේ කිසිදු උවමනාවක් නෑ. ජනාධිපතිතුමා පත් කළ කමිටුවේ අපිට එහෙම බලයකුත් නෑ. අපේ කමිටුව අවස්ථා දෙකක දී රැස්වුණා. අපි ඉක්මණින්ම මේ කමිටුවේ වාර්තාව ජනාධිපතිතුමාට  භාරදෙනවා. ”

 

 


 

 

 
 
 
500ට තරහා වෙලා මිලියනයට යාළු වුණු ගී ලොවේ පියවරු...
 

 

පාස්කු බෝම්බ සෙට් කලේ මෛත්‍රී ද ?

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය