පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලු ජනධිපති කොමිසමට වැරදුනේ කොතනදැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පෙන්වා දෙයි.
කොමිසම සිය අවසන් වාර්තාවෙන් ලබාදී ඇති කරුණු තුල එම ප්‍රහාරය මෙහෙයවූ මහමොළකරුවන් සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් නැතැයි  ද ඔහු පවසයි.
 
ඔහු එබව අවධාරණය කර සිටියේ, 'ද ලීඩර් - අන්කට්' (Leader UNCUT ) වැඩසටහනට එක්වෙමිනි.
 
'' ඇත්තටම මේ ත්‍රස්තවාදී පිරිස්වලට ආධාර අනුබල දුන්නේ කව්ද ? මේවා පිටුපස ඉසිටියේ කව්ද ? කියන වැදගත්ම කාරණා කොමිසන් වාර්තාවේ නැහැ. '' යයි එහිදී ඔහු පැවසිය. 
 
 මෙම කොමිසම විසින් නිර්දේශකර ඇති පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාකළ යුත්තේ පිළිගත් අධිකරණ ක්‍රියාදාමයක් හරහා පමණක් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්