ආණ්ඩුවේ සියළු පක්‍ෂ නියෝජනය වන සන්ධානයේ සභාපති ධුරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුදුසු බව විමල්පාර්ශවයේ ප්‍රධානියකු වන ඇමති වාසුදේව නානායක්කාර පවසයි.
 
 ඔහු එබව සඳහන් කර ඇත්තේ, සති අන්ත පුවත් පතක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදීය.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පක්ෂයේ යම්කිසි දේශපාලන වගකීමක් තිබිය යුතු බව තමාගේ අදහස යයි ඔහු කියා සිටියි.
 
එසේ නොවුණහොත් රාජ්‍ය පාලනයට ලැබිය යුතු දේශපාලන පෝෂණය ජනාධිපතිවරයාට නොලැබෙන බවත් දේශපාලන පක්ෂයක තනතුරක් දැරීමෙන් ජනාධිපති එම දේශපාලන කණ්ඩායම්වල මතවාදයන් තුළින් පෝෂණය වන බව ඇමතිවරයා පෙන්වා දෙයි.
 
ගෝඨාභය රාජපක්ෂ ආරම්භයේ දී දේශපාලන චරිතයක් නොවන නමුත්, දැන් ඔහුට දේශපාලන පරිචයක් අවශ්‍ය බව පවසන වාසුදේව නානායක්කාර ඇමතිවරයා, පක්ෂයේ නායකත්වය නොව ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිවරයාට පක්ෂයේ සභාපති ධූරය පිරිනැමිය යුතු බවට යෝජනා කර සිටියි.
 
ජනාධිපතිවරයා පාලකයෙක් පමණක් යයි කියා පැත්තකට කර තැබීමට නොහැකි බවත් වාසුදේව ඇමතිවරයා  තවදුරටත් පවසයි.
 
 

Screen Shot 2021 03 06 at 7.43.29 PM

 
 
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආණ්ඩු සන්ධානයේ නායකත්වය දිය යුතුබවට අමාත්‍ය විමල් විරවංශ 'ඉරිදා ලංකාදීප' පුවත්පතට පසුගියදා කර තිබු ප්‍රකාශය ආණ්ඩුව තුළ දැඩි ආන්දෝලනයකට ලක්වූ අතර, ආණ්ඩුවේ කොටස් බැසිල් - විමල් කණ්ඩායම් වශයෙන් දෙපිලකට බෙදීම දක්වා එම ගැටුම වර්ධනය වෙමින් තිබේ.
 
කෙසේවුවද ආණ්ඩුවට පක්ෂපාති ඇතැම් පුවත් වෙබ් අඩවි වාර්තා කර ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණයකර ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, දේශපාලන පක්ෂවල නිලතල දැරීමට අකමැත්තක් ප්‍රකාශකර ඇති බවයි. 
 
ඒ අනුව 2024දී බැසිල් රාජපක්ෂ 'පොහොට්ටුවේ' ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිතව ඇතැයිද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. 
 
 
##############
 
 

 

 

කුරුවිට තරුණිය: ඝාතකයාගේ මරණය ඝාතනයක්! -ධම්ම සියල්ල හෙළිකරයි

 

මහින්ද, ගෝඨා, බැසිල් - පවුලේ අවුල ගැන දීප්ති කතා කරයි.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්