ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ක්‍රියාත්මක වන පරිදි
ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (11 වැනිදා) පස්වරුවේ දැනුම් දී ඇත.
 
සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන නිපුන වාහලතන්ත්‍රී, ගාමිණී විජේසේකර මෙන්ම ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යාංශවල නියෝජිතයන්ට මෙලෙස ඉවත් වන ලෙසට දැනුම් දී තිබේ. 
 
නුවරඑළිය උඩරදැල්ල ප්‍රදේශයේ පිහිටි ගුවන්විදුලි සංස්ථා විකාශනාගාරය පෞද්ගලික ව්‍යාපාරිකයකුට අනුමැතියකින් තොරව ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගැනීම මෙවැනි තීරණයක් ගැනීමට ආසන්නතම හේතුව වී ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
 
එම ව්‍යාපාරිකයා විකාශනාගාර භූමිය ඩෝසර් කර ඇති බවද එම ආරංචිමාර්ග කීවේය. 
 
 Land SLBC 
 
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු සංඛ්‍යානයක් අනුමැතියකින් තොරව පෞද්ගලික අංශයට ලබාදීමටද සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කටයුතු කර ඇති බව ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කළහ. ඒ සම්බන්ධයෙන් ආයතනයේ සේවකයින් පිරිසක් පොලිස්පතිවරයාට ද පැමිණිලි කර ඇත.
 

1dc5d759 1592 4552 aa26 bf5eef3832ed

 
 
 
එසේම, ගුවන් විදුලි සංස්ථාවේ තිබු දුර්ලබ පියානෝ දෙකක් ආයතනයෙන් ඉවත්කර ගෙනයාම සම්බන්ධයෙන් වත්මන් සභාපතිවරයාට චෝදනා එල්ලවී ඇත. 
 
 
ගුවන් විදුලියේ සභාපතිවරයාගේ වංචා දුෂණ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කරුණු දක්වමින්, ජනමාධ්‍ය අමාත්‍යවරයාට යොමුකර ඇති ලිපියක් පහත පළවේ.
 
 

a5da1251 32ce 48fc abac 427497ae54fe

728d0bb7 95c8 4f12 b319 463c105e0c64

 dfsd

 

 


 

 

 

 

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

 

සමාජ මතවාදය තේරුම් නොගන්නා කිසිම ආණ්ඩුවකට ගමනක් නැත. - සුරේන් රාඝවන්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්