'නිරෝධායන නීති වලට වසන්වී විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සූරා කෑමට විරුද්ධව පෙල ගැසෙමු'' යන තේමාව ප්‍රධාන කොට ප්‍රංශයේ වෙසෙන 'ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව' විසින් සංවිධානය කල උද්ඝෝෂණයක් මාර්තු
මස 17 වෙනි බදාදා සවස 02 සිට සවස 04 දක්වා පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත් වූයේය.
 
 ප්‍රධාන කරුනු හතර මුල් කර රජයට බලකර සිටීමට මෙම උද්ඝෝෂණය පැවැත්වෙන බව සංවිධායකයෝ පැවැසුහ. 
 
එම ඉල්ලීම් මෙසේය.
 
 
1- විදේශ ගත ශ්‍රී ලාංකිකයෙකු ශ්‍රී ලංකාවට (තම මව් බිමට ) පැමිණීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීම අවලංගු කරන්න.
2- අධික මුදලක් ගෙවා මිල අධික හෝටල් වල දින 14ක් නිරෝධායනය වීම, අවලංගු  කර ඒ වෙනුවෙන් ඇති යාන්ත්‍රනය වෙනස් කරමින් පෙර මෙන් නිදහසේ තම මව් බිමට පැමිණීමට අවස්ථාව ලබා දීම හා  නිසි සෞඛ්‍යය ක්‍රමවේද වලට යටත්ව තම නිවෙස් තුලම නිරෝධායනය වීමට ඇති හැකියාව ලබා දෙන්න.
3 - රාජ්‍ය ගුවන් සේවයේ ගුවන් ටිකට් පත් සඳහා අසාධාරණ අධික මිළ ගනන් නියම නොකරන්න.
4- විදේශ ගත රක්ෂනයක් හිමි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියා පදිංචි ආරක්ෂණ ආවරනයකට පවා උරුම කම් ඇති අපගේ මැද පෙරදිග සහෝදර ශ්‍රී ලාංකිකයන් කිසිදු ගෙවීමකින් තොරව මව් රටට ගෙන්වා ගැනීම.
 
 
පැරීසියේ වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම් ශ්‍රී ලාංකිකයන් ඒකරාශීවූ මෙම අවස්ථාවේදී උද්ඝෝෂණයේ අරමුණු පැහැදිලි කරමින් සිංහල හා දෙමළ භාෂාවන්ගෙන් කතාවන් පවත්වන ලදී. 
 
සාමකාමීව සිදුවූ මෙම උද්ඝෝෂණයෙන් පසු සංවිධායකයෝ විසින් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය වෙත සංදේශයක් බාර දීමට සූදානම් කර තිබුනත් තානාපති කාර්යාලය වසා දමා පොලිස් ආරක්ෂාව යොදා තිබු හෙයින් සංදේශයක් බාර දීම එදින සිදු නොවුනේය. 
 
කෙසේ නමුදු විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම් ඉටු නොවුන හොත් ඉදිරියේදී දැවැන්ත පෙලපාලියකින් පැරීසියේ වීදි සංචාරය කිරීමට පැමින සිටි ශ්‍රී ලාංකිකයන්ගේ කැමැත්ත පල වීමෙන් අනතුරුව ජාතික ගීය ගෑයීමෙන් පසු උද්ඝෝෂණය අවසන් කරන ලදී.
 
 
(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
 
sunil ananda1 .18
sunil ananda 2021.03.18
 

###############

The Leader TV

ICCPR පනත රටට හානියක්! වහාම වෙනස් කළ යුතුයි. - රොහාන් සමරජීව 

කිව්වේ කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්! - මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද? 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්