රොනී ද මැල් ගෙන් පසු මෙරට බිහිවූ දක්ෂතම ස්වාධීන මුදල් ඇමතිවරයා මංගල සමරවීර බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පවසයි. 

 
'' අපිට මතකයිනේ ඉතිහාසය දිහා බලනකොට. ඩිමෙල් මහත්තයා මතකද රොනී ඩිමෙල් මහත්තයා. ඊට පස්සේ අපිට ස්වාධීන මුදල් ඇමතිවරයෙක් හිටියේ මංගල සමරවීර. 
 
කවුරු මොනව කීව්වත් ස්වාධීන මුදල් ඇමතිවරු ඉන්නකොට තමයි රටට යහපතක් වුණේ. 
 
මංගල සමරවීර ඇමතිතුමා මුදල් ඇමති වෙලා ඉන්නකොට ආර්ථිකය වර්ධනය වුණා. රටේ ආදායම ඉහළට ගියා පළවෙනි වතාවට රටේ ආදායම දශක දෙකකින් ඉහළ ගියේ ඒතුමගේ කාලේ තමයි.'' යයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවසුයේ සජබ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 
 
 '' එදා අපිට ඇවිත් එක එක කතා කිව්වා. එදා ඒ තීරණ ගත්තේ නැත්නම් අද ඔයිට වැඩිය ලොකු ආර්ථික  ප්‍රපාතයකට මුහුණ දෙන්න වෙනවා.
 
 ISB එකෙන් 2019 දී ගත්ත මුදල් ඩොලර් බිලියන හතරකට වැඩිය ගත්තා. ඒ විදේශ සංචිතය නිසා තමයි අද අපි මෙහෙමවත් බේරිලා ඉන්නේ. 
 
අපි දන්නවා රටේ ශ්‍රේණිගත කිරීම් පහළටම ගිහිල්ලා තියෙන්නේ.  ඉතිහාසයේ පහළට ගිහිල්ල තියෙන්නේ ශ්‍රේණිගත කිරීම්. 
 
අර මංගල සමරවීර මැතිතුමාගේ කාලේ ගත්ත ඒවා නිසා තමයි අපි යන්තම් හරි ඔය ඔලුව උස්සලා බේරිලා ඉන්නේ.'' ඔහු වැඩිදුරටත් තවදුරටත් සිටියේය.
 
 
 
බන්දුල කියා දීපු ආර්ථික පාඩම් ?
 
''අර බන්දුල ගුණවර්ධන ගුරුතුමා හැමදාම පාඩම් දුන්නා ඩොලර් එක යනකොට මෙහෙම වෙනවා අරෙහෙම වෙනවා, අරක කැඩෙනවා මේක කැඩෙනවා කියලා එක එක පාඩම් දුන්නා. 
 
එයාගේ පාඩම අද පාවිච්චි කරානම් කඩා වැටිලා නෙවෙයි මේක සුන්වේලාම ගිහිල්ලා මේ ආර්ථිකය. 
 
මේ රජයට වෙලා තියෙන්නේ ඇත්තටම ආර්ථිකය  ගැන දැනුමක් තියන අය නෙවෙයි ආර්ථිකය පාලනය කරන්නෙ.  
 
මම හිතන්නේ රටේ ජනතාවට වාසියක් තියෙන්න නම් මුදල් ඇමති කෙනෙක් ඉන්න ඕන ආර්ථිකය ගැන දැනුමක් තියෙන. අපේ රටට වෙලා තියෙන අවාසනාවන්ත දෙයක් තමයි හුගක් වේලාවට එහෙම ස්වාධීන මුදල් ඇමති කෙනෙක් නැතිවීම...''

  


 

 
The Leader TV

 

සිද්ද වෙන දේවල් දැක්කම දුකයි

 

 

ටිරාන්ගේ නිවසේ සජිත්-විමල් හමුවක් ! - 'පට්ටපල් බොරුවක්' ටිරාන් කියයි

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්