ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සදහා නිසි ප්‍රමිතිකරණයක් නොමැති බවත්,
ආචාර්යවරුන් ප්‍රමිතිගතව උගන්වන්නේ නැති බවත් අංශ ප්‍රධානීන් ලිංගික අල්ලස් ගන්නා බවත් සමබිම පක්ෂයේ ප්‍රධාන ලේකම් දීප්ති කුමාර ගුණරත්න පවසයි.
 
ඉදිරියේදී එලෙස කටයුතු කරන තක්කඩින්ව හෙළිදරව් කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියි.
 
සමබිම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා එබව කියා සිටියේ, මාර්තු 19 දා පැවති 'සමබිම' පක්ෂය ජනගත කිරීමේ උත්සවයෙදී ය. එම උත්සවය එදින පෙරවරුවේ දී පැලවත්ත කන්දෙවත්ත පාරේ පිහිටි එම පක්ෂ කාර්යාලදී සිදු කෙරිණි. 
 
උතුරේ වසර 30ක් පැවති යුද්ධය හුදු සමාජ ආර්ථික ප්‍රශ්නයක් විනා අනන්‍යතා අර්බුදයක් නොවෙන බව පැවසු 'සමබිම' පක්ෂ ලේකම්වරයා, එහිදී සටන් කළ තරුණ තරුණියන් අපේ රටේ තරුණ තරුණියන් ලෙස තම පක්ෂය විසින් හදුන්වනු ලබන බව කියා සිටියේය.
 
උතුරේ ජනතාවගේ මෙන්ම සමස්ථ රටේ ජනතාවගේ සමාජ ආර්ථික ප්‍රශ්න විසදීමට තම පක්ෂයට පැහැදිළි අරමුණක් තිබෙන බවද ඔහු අවධාරණය කළේය.
 
මෙහිදී දීප්ති කුමාර ගුණරත්න තවදුරටත් මෙසේද පැවසිය.
 
''ලංකාව තුල පවතින මුඛ්‍ය ගැටළුව වන්නේ ආණ්ඩුකරණය පිළිබද පවතින ප්‍රශ්නයයි. ඒ ගැන මෙතෙක් සිටි සහ සිටින දේශපාලකයන් කිසිවකු දන්නේ නැහැ. රටේ ප්‍රශ්නවලට උද්ගෝෂණ හරහා විසදුම් සොයන පිරිස දන්නේ නැහැ ඔවුන් ජනතාවගේ සැබෑ ගැටළුවලින් විතැන් වී සිටින බව.
 
රාජ්‍ය පාලනය කිරීම යටගොස් ඒ වෙනුවට රජයෙන් වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රශ්න සමාජ ප්‍රශ්න බවට පත්වී තිබෙනවා. 
 
රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුළ ආණ්ඩුකරණය තීන්දු කළේ රසිම් සාලි බව සාමාන්‍ය ජනයා දන්නේ නැහැ. වර්තමාන පාලන තන්ත්‍රය මෙහෙයවමින් සිටින්නේ හිල්මි කාදර් සහ බැසිල් රාජපක්ෂ යන දෙදෙනායි. ඒ නිසා ලංකාව පාලනය වන්නේ පාර්ලිමේන්තුවෙන් නොවන බව මහජනයා දැනගත යුතුයි. 
  
ලංකාව පාලනය කිරීමට නම් අලුත් පාලන ව්‍යුහයක් අවශ්‍යයි. එය ගොඩනගන විට ගම හා නගරය අතර පවතින පරතරය නැති කළ යුතුයි. කොළඹ තුළ විශාල තදබදයක් නිර්මාණය වී තිබෙන්නේ ගම්වල මිනිසුන් රැකියා සදහා කොලබට පැමිණීම නිසයි. 
 
රාජ්‍ය යාන්ත්‍රනය තුළ  මූලික ගැටළු නිර්මාණය වී තිබෙන්නේ සහ ගම්වල දුප්පත්කම ගොඩනැගී තිබෙන්නේ රාජ්‍ය නිලධාරීවාදයක් ගොඩනැගී තිබීම නිසයි. 
 
සමබිම පක්ෂය මේ ගැටලුවට නිසි විසදුමක් යෝජනා කරනවා. 
 
 
''බදුවලින් රාජ්‍ය සේවකයන් ලක්ෂ 14කට මාසික පඩි ගෙවනවා''
 
මුලින්ම ආණ්ඩුව සිය ආදායම එකතුකර ගත යුතුයි. සියයට විස්සක ආදායමක් එකතු කරගත යුතුව තිබුනත් ආණ්ඩුව දැනට එකතු කරන්නේ සියයට එකොලහක ප්‍රමාණයක් පමණයි. එසේනම් බදු මුදල් එකතු කරන්නේ කෙසේද යන්න පිළිබද නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. 
 
දැනට රජය එකතු කරගන්න බදුවලින් රාජ්‍ය සේවකයන් ලක්ෂ 14කට මාසික පඩි ගෙවනු ලබනවා. 
 
වැඩකරන ජනතාවගෙන් සියයට 60ක් නියුතු වන්නේ අවධිමත් රැකියාවලයි. විධිමත් ආර්ථිකයක් ඇති අය සිටින්නේ සියයට 20යි.
 
 එවැනි තත්ත්වයක් යටතේ රාජ්‍ය සේවකයන් සිය සේවා කාලයෙන් පැය තුනක් හතරක් කාලය කා දමමින් ෆේස්බුක් වැනි සමාජ ජාලවල සැරිසරනවා. මෙවැනි පිරිසක් තමයි ගම්වල සිටින ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසදුම් සෙවීමට පත්කර සිටින්නේ.
 
ගම්වල සිටින ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ ගොවිතැනයි. එහිදී ඔවුන්ට වනසතුන් සමග ගැටෙන්න සිදුවී තිබෙනවා. මෙවැනි ප්‍රශ්න ගැන කොළඹ ඉදන් ලක්ෂ 4ක 5ක මාසික වැටුපක් ගන්න උසස් රාජ්‍ය නිලධාරින් දන්නේ කොහොමද? එවැනි අය පරිසර ප්‍රශ්න ධනවාදයෙන් වියුක්ත කරල විසදුම් හොයනවා. කිසි දෙයක් වෙන්නේ නැහැ ඒ නිසා.
 
විශාල පරම්පරාවක් යූ.එන්.පී. එක පරාජය කරලා ධනවාදය පෙරලන්න උත්සහ කළා. බැසිල් රාජපක්ෂ ඒ පක්ෂෙට පාර්ලිමේන්තු ආසන එකක්වත් නැතිවෙලා යන්නම පරාජය කරලා දැම්මා. එහෙම උනා කියලා සමාජවාදය උදා උනේ නැහැ. 
  
'වමේ පක්ෂ බිස්නස්කාරයන්ගෙන් කප්පම් ගන්නවා'
 
මේ රටේ විධිමත් බදු ප්‍රතිපත්තියක් නැහැ. සමබිම පක්ෂය තුළ ඒ විධිමත් බදු ප්‍රතිපත්තිය තිබෙනවා. 
 
වමේ පක්ෂ බිස්නස්කාරයන්ගෙන් කප්පම් ගන්නවා. අපි එහෙම කරන්නේ නැහැ. 
 
රට තුල යහපත් ආණ්ඩුකරණයක් නැති නිසා අධ්‍යාපනය, ගමනාගමනය, සෞඛ්‍ය ඇතුළු පොදු සේවාවන් කඩා වැටී තිබෙනවා. නිකන් ඉදලා විශාල පඩියක් ගන්න රජයේ නිලධාරින්ට මේ ප්‍රශ්න සදහා නිසි විසදුමක් සොයන්න බැහැ. 
 
මේ රාජ්‍ය නිලධාරින් කියන දේවල් අහන්න මැති ඇමතිවරුන්ට සිදුවී තිබෙනවා. එහෙම සිදුවන්නේ දේශපාලකයන්ට නිසි අධ්‍යාපනයක් හෝ සුදුසුකමක් නැති නිසයි. 
 
ජාතික අධ්‍යාපන කොමිසමට වසර 30ක සිට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති හදුන්වා දී තිබෙනවා.මේ කිසිවක් මේ වනතෙක් පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගන්න කිසිදු දේශපාලකයකු උත්සහ කර නැහැ. 
 
''විශ්ව විද්‍යාල සදහා නිසි ප්‍රමිතිකරණයක් නැහැ. ආචාර්යවරුන් ප්‍රමිතිගතව උගන්වන්නේ නැහැ. අංශ ප්‍රධානීන් ලිංගික අල්ලස් ගන්නවා...''
 
ඒ වගේම විශ්ව විද්‍යාල සදහා නිසි ප්‍රමිතිකරණයක් නැහැ. ආචාර්යවරුන් ප්‍රමිතිගතව උගන්වන්නේ නැහැ. අංශ ප්‍රධානීන් ලිංගික අල්ලස් ගන්නවා. අපි ඉදිරියේදී එහෙම කරන තක්කඩින්ව  හෙළිදරව් කරනවා. 
 
පිඩිත පවුල්වලින් විශ්ව විද්‍යාලවලට ඇවිත් ඉගෙන ගන්න දරුවන් දන්නේ නැහැ තමන් ගන්න උපාධිය ප්‍රමිතිගත නැති බව. ඒ නිසා ඔවුන් ලබා ගන්න උපාධිවලින් වැඩක් නැහැ.
 
 EHu91CCW4AEF2PA
''ගොටාභය රාජපක්ෂ කියන වැඩකරු විශ්ව විද්‍යාලවලට වෙලා තියෙන දේ ගැන දන්නේ නැහැ. අපි බලයට පැමිණි විගස උයන්ගොඩ වාර්තාව ක්‍රියාත්මක කරනවා. උසස් පෙළ විභාගයේ කිසිදු වටිනාකමක් නැහැ. ඒ නිසා අපි වෙනත් විකල්ප විභාගයක් හදුන්වා දිය යුතුයි.'' 
  
ලංකාවේ පළාත් පාලනය සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. යල්පැනගිය පළාත් පාලන නීති වෙනස් කර අලුත් නීති සැකසිය යුතුයි. පළාත් පාලන ආදායම් බදු නිසි ක්‍රමවේදයක් යටතේ එකතු කළ  යුතුයි. ප්‍රාදේශීය නගර තිරස් අතට වෙනුවට සිරස් අතට ව්‍යාප්ත කළ යුතුයි. 
 
අපේ ක්‍රමවේදය තුල පළාත් නගර සීමා  නිර්ණය කර පළාත් නගරවල ඉදිකිරීම් ක්‍රමවත්ව ප්‍රමිතියකින් සකසනවා. 
 
අපගේ අවධානය යොමුවන අනෙක් අංශය වන්නේ කෘෂිකර්මාන්තයයි. ලංකාවේ ගොවීන්ගේ ආත්මීය ප්‍රශ්න ප්‍රමුඛයි. අපි ඒ බව මතක තබා ගත යුතුයි. 
 
මේ ප්‍රශ්න විසදීමට සංවර්ධන ජනමාධ්‍යවේදීන් අවශ්‍යයි. ගම්වල ආර්ථිකය සංවර්ධනය ආශ්‍රිත ජනමාධ්‍යවේදය හරහා දියුණු කල හැකියි. පරිසර විනාශය මේ හරහා විසදිය හැකියි. 
 
ලංකාවේ ඉඩම් මේ වනතුරු මැනලා නැහැ. ඒ නිසා රටේ ඉඩම් මැනීම අනිවාර්යෙන්ම අපි කරනවා. ඊ හරහා බොහෝ ගැටළු ප්‍රමාණයක් විසදෙනවා.
 
අප සමග වැඩ කිරීමට එකතු වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා ප්‍රශ්නය ඉවර වූ විගස අපි ගමක් ගමක් ගානේ එනවා. ව්‍යාපාරිකයන් අපිව වටකරගන්න කලින් අපි සමග අත්වැල් බැදගන්නා ලෙස අවසාන වශයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.''
 

 

 


 

The Leader TV

සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ ආණ්ඩුවේ සැබෑ අරමුණ - රොහාන් සමරජීව

 

මේ මහා වන සංහාරයට මුල ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දුවක් ! - සජීව චාමිකර

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්