සීනි ආනයනය සඳහා පනවා තිබූ කිලෝ ග්‍රෑමයකට රුපියල් 50ක් වූ බද්ද සත 25 දක්වා අඩු කිරීමෙන්
රුපියල් කෝටි 1590ක මහා බදු කොල්ලයකට ඉඩ සලසාදුන් ආණ්ඩුව ඒ සමානවම සහල් මාෆියාවකට ඉඩදී ඇති බව තහවුරු කෙරෙන තොරතුරු රැසක් අනාවරණය වේ.
 
බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක සමග කළ සාකච්ඡාවක් ඇසුරින් අද (25) ලංකාදීප පුවත්පතේ පළ කර තිබෙන ලිපියකින් සහල් මාෆියාවට අදාළ මෙම තොරතුරු අනාවරණය වී තිබේ. 
 
ආචාර්ය ජයන්ත සේනානායක ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත මත පදනම් වී එම තොරතුරු දක්වා ඇත.
 
“ලංකාවේ වාර්ෂික හාල් අවශ්‍යතාව මෙට්‍ර්ක් ටොන් මිලියන 2.4කි.
 
 ලංකාවේ එක් පුද්ගලයෙකු වසරකට පරිභෝජනය කරන හාල් ප්‍රමාණය කිලෝ 107කි. 
 
ඒ අනුව 2020 වසරේදී ලැබුණු අස්වැන්නේ තිබෙන්නේ අතිරික්තයකි.
 
 ඒ, වී ප්‍රමාණය වසරේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිය. 
 
එය ලැබුණු අස්වැන්න මාස 14කට ප්‍රමාණවත් බව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ මතයයි. 
 
ඒ අනුව 2020දී ලැබුණු වී අස්වැන්න 2021 මැයි දක්වා ප්‍රමාණවත්ය. 
 
එහෙත් අප දැන් මේ සිටින්නේ 2021 මාර්තු මාසයේය. 
 
දැන් ඉහත කී 2020 අතිරික්ත වී නිෂ්පාදනය අතරට 2020/21 මාස් කන්නයේ හෙවත් මෙවර මහ කන්නයේ අස්වැන්නද ලැබෙමින් පවතී. 
 
එසේ නම් හාල් හිඟයක් ඇතිවන්නේ කෙසේද?”යනුවෙන් ඔහු ප්‍රශ්න කර තිබේ.
 
පසුගිය වසරේ අඩු මිලට ලබාගත් වී සහල් බවට පත්කිරීමේදී අඩු නිෂ්පාදන පිරිවැයක් නියම වී තිබේ. 
 
එම අඩු නිෂ්පාදන වියදමෙන් ලබාගන්නා සහල් මෙම වසරේ මැයි මාසය දක්වා ප්‍රමාණවත් බව ආචාර්යවරයා තහවුරු කර ඇත. 
 
මේ වන විට වෙළඳපොළේ මාස් කන්නයේ වී මිල ගණන් යම්කිසි වැඩි මිලක් පවතී. 
 
එහෙත් පසුගිය වසරේ අඩුමිලට ලබාගත් වීවලින් නිෂ්පාදනය කරන සහල් මිල තීරණය කර තිබෙන්නේ වර්තමාන වී මිල ගණන්වලට අදාළව වන පරිදිය.
 
මේ නිසා සිරිපාල ගම්ලත් සහ ඩඩ්ලි සිරිසේන යන ආණ්ඩුවට සම්බන්ධ සහල් ඒකාධිකාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතිවිශාල ලාභයක් ලබාගනිමින් සිටින බව තහවුරු වේ. 
 
සීනි බදු ශත 25 දක්වා අඩු කිරීමෙන් ගෝඨාභය ජනාධිපතිවරයාට ඍජුවම හිතවත්කම් දක්වන සජාත් මවුසූන් ව්‍යාපාරිකයාට විශාල අමතර ධනයක් එක්රැස්කර ගැනීමට ඉඩ සලසාදුන් ආකාරයෙන් සහල් ඒකාධිකාරී මාෆියාව පවත්වාගෙන යන ආණ්ඩුවේ හිතවතුන්ට විශාල ලාභයක් අත්කර ගැනීමේ අවස්ථාව ලබාදී ඇති බව මේ අනුව තහවුරු වේ.

 

 

 


 

The Leader TV

 

 

ජිනීවා ඇන්නුවේ කව්ද ස ? 

 

සර් වෙනුවෙන් කතා කරන්න පවුලේ කෙනෙක්වත් නැද්ද?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්