නිවසේ මෙහෙකාර තරුණියට අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොලිස් නිලධාරියකු නීතියේ රැහැනින් ගලවා ගැනීම සඳහා ඔහුගේ බිරිඳගේ පෙම්වතකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ සහය ලැබී
ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
 
චෝදනා ලබාසිටින පොලිස් නිලධාරියා මාතර දිස්ත්‍රීක්කයේ පොලිස් ස්ථානයක සේවය කර ඇති අතර ඔහුගේ බිරිඳ මාතර ප්‍රදේශයේ නීතිඥවරියකි.
 
මේ සම්බන්ධයෙන් අපයෝජනයට ලක්වූ තරුණියගේ සොයුරියක විසින් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
 
අනතුරුව අපයෝජනයට ලක්වූ තරුණිය හා ඇයගේ සොයුරිය 2020 පෙබරවාරි 19 දා මාතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් ඔහුගේ උපදෙස්මත කට උත්තර ලබාදී ඇතත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිඳු පරික්ෂයක් සිදුකර නොමැත.
 
සැකකාර පොලිස් නිලධාරියා සම්බන්ධ පරීක්ෂණ එසේ යට ගසා ඇත්තේ, පොලිස්පතිවරයාට අතිශයින් ම සමීප  පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බලපෑම් මතබව 'ද ලීඩර්' වෙත වාර්තා වේ. 
 
 
පෙත්සම්කාරියගේ ප්‍රකාශය !
 
දිනය :  2020 .02.19
වේලාව : පැය 0910
පිටුව : 253 
ජේද : 192 
 
 
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගේ නියෝගය අනුව එම පැමිණිල්ල සටහන් කරන ලෙසට ස්ථානාධිපතිනී කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක දමයන්ති විසින් ලබාදී ඇති නියෝග හා උපදෙස් මත එම පැමිණිල්ල සටහන කර ගෙන ඇත්තේ, කාන්තා පොලිස් කොන්ස්තාපල්  (8700) සුරේකා යන නිලධාරිනිය විසිනි.
 
අතවරයට ලක්වූ තරුණියගේ සොයුරියක විසින් ලබාදී ඇති කටඋත්තරයට අනුව, ඇයගේ සොයුරිය සැකකාර පොලිස් නිලධාරියාගේ කඹුරුපිටිය නිවසේ මෙහෙකාර සේවයට ගොස් ඇත්තේ ඇය කුඩා අවධියේදීය.
 
සිය වැඩිමල් සොයුරියට සිදුව ඇති ලිංගික අපරාධය සම්බන්ධයෙන් ඇය සිය කට උත්තරයේ දීර්ග කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
 
මෙහෙකාරියක ලෙස පොලිස් නිලධාරියාගේ නිවසේ සේවයකළ තම සොයුරියට කිසිඳු වැටුපක් ගෙවා නැතැයි ද පෙත්සම්කාර තරුණිය පවසන්නීය.
 
 
වින්දිත තැනැත්තියගේ ප්‍රකාශය :
 
 
 
දිනය :  2020 .02.19
වේලාව : පැය 1005
පිටුව : 256
ජේද : 193 
 
 
 
ස්ථානාධිපතිවරියගේ නියෝග හා උපදෙස් පරිදි කාන්තා පොලිස් කොන්ස්තාපල් සුරේකා විසින් වින්දිත තැනැත්තිය ගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
 
තමන් මෙහෙකාර සේවය කළ නිවසේදී පොලිස් නිලධාරියකු වන හම්පුතාගෙන් දිගින් දිගටම අත්වූ ලිංගික අතවර ඇය සිය ප්‍රකාශය මගින් එකින් එක හෙළිදරව්කර ඇත. 
 
එම අතවර සම්බන්ධයෙන් පොලිස් නිලධාරියාගේ නීතිඥ බිරිඳට පැමිණිලි කලද තමන්ට සහනයක් නොලැබුන බව වින්දිත තැනැත්තිය කියා සිටියි.
 
වින්දිත තැනැත්තියගේ ප්‍රකාශයෙන් අදාල නිවැසියන්ගේ රහස් සම්බන්ධතා ගැන ද කරුණු හෙළිවේ.
 
සිය බිරිඳ පොලිසියේ ඉහලම නිලධාරියකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව සැකකාර පොලිස් නිලධාරියා දැනුවත්ව සිට ඇති අතර ඒ සම්බන්ධයෙන් නිවාස තුල නිරන්තරයෙන්ම ගැටුම් සිදුව තිබේ.
 
 එහෙයින් වින්දිත තැනැත්තියට සිය සැමියාගෙන් සිදුවන පිඩාව සම්බන්ධයෙන් නීතිඥ බිරිඳගේ අවධානයක් යොමුව නැති බව පෙනේ.
 
වින්දිත තැනැත්තියගේ ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කර තිබේ.  එහි පෝරම් අංකය 03/2020 වේ.
 
 
කෙසේවුවද ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ දක්වා කිසිඳු ආකාරයේ විමර්ශනයක් සිදුකර නොමැත.
 
මෙසේ අපයෝජනයට ලක්වූ වින්දිත තැනැත්තිය ජනාධිපතිවරයාගේ මාතර ගම් ප්‍රදේශයේම තැනැත්තියක් වීම විශේෂ කාරණයකි. 
 
'එක රටක් එක නීතියක්' ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ තේමාවයි.
 
 
 
THE LEADER TV 
 
'ස' ගේ කෝල් රෙකෝඩ් කරපු බැංකු ලොක්කා? 
 

 
බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්