කුප්‍රකට ව්‍යාපාරිකයකු වන පූජ්‍ය තීනියාවල පාලිත භික්ෂුව විසින් පෙරේදා (17) නුගේගොඩ නාලන්දාරාමයේ පැවැත්වූ මාධ්‍ය හමුවවේදී

මංගල සමරවීර අමාත්‍යවරයා ඉලක්ක කර ගනිමින් සිදු කළ ද්වේශ සහගත අවලාදයන්ට පුළුල් ප්‍රචාරයක් දෙන්නැයි මාධ්‍ය ආයතන කිහිපයකට උපදෙස් දී ඇත්තේ අගමැති මාධ්‍ය ඒකකයේ ප්‍රධානියකු විසින් බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'ද ලීඩර්' වෙත වාර්තාවේ.

එහිදී රාජපක්ෂ කඳවුර වෙනුවෙන් සක්‍රිය මෙහෙයුමක නිරතව සිටින මාධ්‍ය ආයතනවලින්ද එම ඉල්ලීම සිදුකර තිබීම විශේෂ කාරණයකි.

එසේම, එම ඒකකයේ ප්‍රධාන නිලධාරිනිය වන ඉෂිනි වික්‍රමසිංහ, ඇය විසින් මෙහෙයවන TNL රුපවාහිනී නාලිකාව හරහාද පාලිත භික්ෂුවගේ අසත්‍යය ප්‍රකාශයන්ට විනාඩි 04කට වැඩි කාලයක් යොදා ගනිමින් පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබිණ. TNL නාලිකාවේ හිමිකරු වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරු ශාන් වික්‍රමසිංහයි.

පසුගියදා තමාට එල්ල කරන ලද ව්‍යාජ චෝදනා වලට වන්දි වශයෙන් රුපියල් මිලියන 1000 ක් තීනියාවල පාලිත භික්ෂුව ගෙන්ද, කිසිදු සොයා බැලීමකින් තොරව ඒ ව්‍යාජ පුවත ප්‍රචාරය කළ හිරු නාලිකා අධිපති රෙනෝ ද සිල්වාගෙන් තවත් රු.මිලියන 1000 ක්ද, දෙරණ නාලිකා අධිපති දිලිත් ජයවීරගෙන් තවත් රු.මිලියන 1000 ක්ද වන්දි ඉල්ලා නඩු පැවරීමට ඇමති මංගල සමරවීර සිය නීතිඥයන්ට බාර දී තිබේ.

කෙසේවුවද දෙරණ හා හිරු ප්‍රවෘත්ති විකාශයන්ටත් වඩා වැඩි කාලයක් යොදාගනිමින් මංගල සමරවීර අමාත්‍යවරයාට එරෙහිව තීනියාවල භික්ෂුවගේ අවලාද වලට ප්‍රචාරයක් ලබාදුන් TNL නාලිකාව සම්බන්ධයෙන් ඇමතිවරයා අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව සමාජ මාධ්‍ය මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වෙමින් තිබේ.

Twite Mangala 

ධන උල්පතක් අහිමිවීමේ කෝපය !

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන භික්ෂුවක වන තිනියාවල පාලිත භික්ෂුව අගමැති රනිල් වික්‍රමසිංහගේ මෙන්ම අමාත්‍ය රවී කරුණානායකගේ සමීපතම හිතවතකු වන අතර එජාපයට අනුබද්ධිත භික්ෂු සංවිධානයක ද ප්‍රධානියෙකි.

2015 වසරේ යහපාලන ආණ්ඩුව පත් වූ අවස්ථාවේ එවක මුදල් ඇමති රවී කරුණානායක විසින් තීනියාවල පාලිත භික්ෂුව ලංකා හොස්පිට්ල් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළ අතර මංගල සමරවීර මුදල් අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු උන්වහන්සේට එම ධුරයෙන් ඉවත්වන ලෙස දැනුම් දී තිබිණ.

ඒ වකවානුවේ වැටුප් සහ අධ්‍යක්ෂ මණ්ඩල සැසිවාර වලට සහභාගී වීම වෙනුවෙන් තීනියාවල භික්ෂුව ලක්ෂ 54 ක පමණ මුදලක් උපයාගෙන තිබුණු බැවින් ඇමති මංගලගේ ඉල්ලීම අනුව උන්වහන්සේ ධූරයෙන් ඉල්ලා නොවූ අතර ඒ වෙනුවට උන්වහන්සේ අගමැති රනිල් වික්‍රමසිංහට මේ ගැන පැමිණිලි කර තිබිණ.

ඒ පිලිබඳ ඇමති මංගල ගෙන් විමසූ අගමැති රනිල්ට මංගල පවසා තිබුනේ තමන් ප්‍රතිපත්තියක් ලෙස භික්ෂූන් තම ආයතන වල අධ්‍යක්ෂක ධූර වලට පත් නොකරන බවයි. අගමැතිවරයා මංගලගේ ප්‍රතිපත්තියට ඉඩ දුන් අතර තීනියාවල භික්ෂුවට සල්ලි උල්පතක් වූ ලංකා හොස්පිටල්ස් අධ්‍යක්ෂ ධූරය අහිමි විය.

 

එජාපයේ ජනාධිපති අපේක්ෂක ගැටුම !

අභිනව ජනාධිපති ධුරය සඳහා පත්වීමට අගමැති රනිල් වික්‍රමසිංහට නියත විවරණ ලබා දෙන බව මෑතක ප්‍රකාශ කළේ තිනියාවල පාලිත හිමි විසිනි.

එහෙත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කිරීම සුදුසු බවට ඇමති මංගල සමරවීර comrade.lk වෙබ් අඩවිය සමග පැවති සාකච්ජාවක දී ප්‍රකාශකර තිබිණ.

අගමැති මාධ්‍ය ඒකකය විසින් මංගල සමරවීර සමග අමනාපයෙන් පසුවන පුද්ගලයින් උසිගැන්වීමේ මෙහෙයුමක් ආරම්භකරනු ලැබුවේ ඉන් අනතුරුවය.

ඒ අනුව පාලිත භික්ෂුව විසින් මංගල සමරවීර ඉලක්ක කර ගනිමින් මඩ මෙහෙයුමක් ආරම්භ කල සැබෑ කාරණය පහත වීඩියෝවේ සවිස්තරව ප්‍රකාශ වේ.

තීනියාවල පාලිත හිමි මහජන දේපළ වළඳපු හැටි මෙන්න

 

සබැඳි පුවත් :

තීනියාවල පාලිත සාදුට ප්‍රශ්න පත්‍රයක් ! -යහපාලනයෙන් ලැබූන ආදායම කොපමණද?

තීනියාවල සාදුගේ CHOGM බෙන්ස් කතාවත් අමු කෙප්පයක් : මංගල නඩුමගට

තීනියාවල සාදුගේ මඩ මෙහෙයුමෙන් මංගලට බිලියනපතියකුවීමේ අවස්ථාවක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්