2014 පොදු රාජ්‍ය මණ්ඩලයට ගෙනා වාහන විකුණලා ඇත්තේ මුදල් අමාත්‍යංශයෙන් බව කියමින් එහි වගකීමත්  මංගල සමරවීර ඇමතිවරයා වෙත පැවරීමට කුප්‍රකට ව්‍යාපාරික 'ඩීල්කරුවකු' වන පුජ්‍ය තීනියාවල පාලිත

භික්ෂුව ඊයේ (17) නුගේගොඩ නාලන්දා විහාරයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කළ බේගලය මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ලෙස හාස්‍යයට ලක්වෙමින් තිබේ.

එම භික්ෂුන් වහන්සේ විසින් සිදුකළ ද්වේශ සහගත චෝදනාවලට එරෙහිවත්, එය කිසිඳු වගවිභාගයකින් තොරව අතිශෝක්තියෙන් යුතුව ප්‍රචාරය කළ 'අද දෙරණ' හා 'හිරු' නාලිකාවන්ට එරෙහිවත් අධිකරණය හමුවේ නඩු පැවරීමට මුදල් අමාත්‍යවරයා මේවනවිටත් නීතිඥයින්ට උපදෙස් ලබාදී ඇත.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා නිකුත් කර ඇති 'ට්විටර්' පණිවුඩයේ මෙසේ සඳහන් වේ.

''කෝටිපති ව්‍යාපාරික තීනියාවල පාලිත හිමි විසින් මට එරෙහිව සිදු කරනු ලැබූ තහවුරු නොකරන ලද සහ ද්වේශ සහගත චෝදනාවලට පුළුල් ප්‍රචාරයක් ලබා දුන් හිරු/දෙරණ නාලිකාවලට එරෙහිව රු.බිලියනක වන්දි මුදලක් ඉල්ලා නඩු පවරන ලෙස නීතීඥවරුන්ට උපදෙස් ලබා දුන්නා. - දිලිත්,රේන,පාලිත, අපි උසාවියේ දී හමුවෙමු.''

mangala1

mangala2

ඊයේ දිනයේ ඇමතිවරයාට එරෙහිව අවලාද තොගයක් දෙසා බෑ පාලිත භික්ෂුව, එක් අවස්ථාවකදී මෙසේ පැවසිය.

''2014 පොදු රාජ්‍ය මණ්ඩලයට ගෙනාපු වාහන, බෙන්ස්, බීඑම්ඩබ්ලිව් ආදී වාහන විශාල ප්‍රමාණයක් විකුනලා තියෙනවා. මේ වාහනයක වටිනාකම මිලියන 40 ක් 50 ක් වෙනවා. හැබැයි වාහනයක් විකුණලා තිනේනේ මිලියන 20 කට 30 කට වගේ. මෙතන තියෙනවා බෙන්ස් මෝටර් රථ 55 ක් තියෙනවා. නිසාන් ටියානා මෝටර් රථ 55 ක් තියෙනවා. නිසාන් ශිල්පි මෝටර් රථ 60 ක් තියෙනවා. ටොයෝටා කොරොල්ලා රථ 60 ක් තියෙනවා. ටොයෝටා කෝස්ටර් බස් රථ 30 ක් තියෙනවා. යූ තොන් කියන බස් රථ 100 ක් තියෙනවා. 

මේ වාහන ටික ඔක්කෝම විකුණලා තියෙන්නේ මංගල සමරවීර ඇමතිවරයාගේ මුදල් අමාත්‍යංශයෙන්. එස්. ආර්. ආටිගල, චන්ද්‍රා ඒකනායක, අයවැය අධ්‍යක්ෂක සෙනෙවිරත්න, ශ්‍රීයානි කොස්තා කියන මේ හතර දෙනා මේකට සම්බන්ධයි.''

සාදුගේ කතාවේ ඇත්ත නැත්ත !

cars FB
මෙම මෝටර් රථ සියල්ලක් පාහේ අංකය ලෙස ලබාදී තිබුනේ CHOGM - XXX වැනි අංකයකි


මෙම භික්ෂුව සඳහන් කරන වාහන ගෙන්වා ඇත්තේ 2014 වසරේ ශ්‍රී ලංකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීමට (CHOGM- The Commonwealth Heads of Government Meeting) සහභාගී වූ විදෙස් අමුත්තන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහාය. එදා පැවතියේ රාජපක්ෂ පාලනයක් බවත් එවකට මුදල්ව ඇමතිව සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ බවත් මෙම භික්ෂුවට තොරතුරු ලබාදුන් දේශපාලකයා පැහැදිලිකර දී නොමැත.

චෝගම් සමුළුව සඳහා අති සුඛෝපභෝගී වාහන විශාල ප්‍රමණයක් ගෙන්වා තිබූ අතර ඒ සඳහා වැයකර තිබු මුදල රු. මිලියන 3,500කි.

රටවල් 54 ක් අතුරින් රටවල් 37 ක් පමණක් සහභාගී වන බවට තහවුරුවී තිබියදීත් රජය විසින් අධිසුඛෝපභෝගී වෙඩි නොවදින බෙන්ස් රථ 54 ක් ගෙන්වා තිබුණි. එම මෝටර් රථ සියල්ලක් පාහේ අංකය ලෙස ලබාදී තිබුනේ CHOGM - XXX වැනි අංකයකි.

බෙන්ස් කාර් වලට අමතරව ටොයෝටා කොරොල්ලා සහ නිසාන් වාහන 175 කුත්, සුඛෝපභෝගී වැන් රථ 60 කුත්, සුඛෝපභෝගී බස්රථ 30 කුත් ගෙන්වූ වාහන අතර විය.

මෙම වාහන සඳහා අධික මුදලක් වියදම් කිරීම පිළිබඳව චෝදනා නැඟෙද්දී රජය පැවසුවේ මෙම වාහන චෝගම් සමුළුවෙන් පසු රජයේ අමාත්‍යංශ වෙත ලබාදෙන බවත් 2014 වසර සඳහා එම අමාත්‍යංශ වලට වාහන සඳහා මුදල් වෙන් නොකරන බවත්ය.

නමුත් මේ වනවිට එලෙස ගෙන්වූ අධිසුඛෝපභෝගී වෙඩි නොවදින බෙන්ස් රථ ජනාධිපති කාර්යාලයේ කිහිප දෙනෙකුටත් රාජපක්ෂවාදී ව්‍යාපාරිකයින් පිරිසකටත් කුණුකොල්ලයට විකුණා ඇති බව එකල මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

පී.බී. හා ආටිගල එකතුව කරපු වැඩක් !
p b jayasundara with president mahinda rajapaksa

මේ සම්බන්ධයෙන් 'ද ලීඩර්' කළ විමසීමකදී මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, CHOGM  සඳහා වූ අනිවාර්ය අත්පොතේ දක්වා ඇති මාර්ගෝපදේශයන්ට අනුව මෙම මෝටර් රථ ආනයනය කරන ලද බවත්, රාජ්‍ය / ආණ්ඩු ප්‍රධානීන්, විදේශ අමාත්‍යවරුන්, නිලධාරීන් යනාදී වශයෙන් වෙන් කළ යුතු වාහන ප්‍රමාණය ඉතා පැහැදිලිව එම අත්පොතෙහි සදහන් කර ඇති බවත්ය.

එම නිලධාරියා සඳහන් කළ පරිදි වාහන ගෙන්වීමේ සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලියම මහා භාණ්ඩාගාරය විසින් සිදු කර ඇත.

CHOGM උළෙලෙන් පසුව ඒ සදහා ආනයනය කරන ලද මර්සිඩීස් බෙන්ස් (MERCEDES BENZ) වාහන, ඒවා ගෙන්වන නියෝජිතයින්ගේ තක්සේරු කිරීම්වලට අනුකූලව ගෙවිය යුතු සියලු මෝටර් රථ තීරුබදු ගෙවීමෙන් පසුව  මහා භාණ්ඩාගාරය විසින් විකුණනා තිබේ.

මෙම MERCEDES බෙන්ස් වාහන අමාත්‍යවරුන්ට ලබා දී රජයට සිදුවන පාඩුව වළක්වා ගැනීම සඳහා යයි කියමින් මෙසේ විකුණා ඇත්තේ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරගේ උපදෙස් අනුව අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුව සිටි එස්. ආර්. ආටිගලය.

එසේම CHOGM  සදහා ගෙන්වූ අනිත් සියලුම වාහන (Toyota/Nissan)  රජයේ සංස්ථා, අමාත්‍යාංශ වෙත බෙදා දීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කර ඇත.

මෙම මර්සිඩීස් බෙන්ස් වාහන විකිණීම සම්බන්ධයෙන් සිදුව ඇති දුෂණ සොයා බැලීමට යහපාලන ආණ්ඩුව පත්වූ වහාම මුදල් අමාත්‍යංශයෙන් කමිටුවක් පත්කර ඇතත් චුදිත නිලධාරියා ආණ්ඩුවේ ඇමැතිවරයකුගේ සමීපතම ඥාතියකු වීම නිසා එම කමිටුවේ වාර්තාව හිටිහැටියේ අතුරුදන්ව ඇත.

පාලිත සාදු නටවන හස්තය ?

ඊයේ (17) පැවති මාධ්‍ය හමුවේදී පාලිත භික්ෂුව බොරු බේගල් තොගයක් දෙසා බෑවේ දේශපලකයකුගේ උවමනාව මතබව මංගල සමරවීර අමාත්‍යවරයා පවසයි. ඒ කවුරුන්ද යන්නත් එකී පුද්ගලයා සම්බන්ධයෙන් තමන් මෙතෙක් හෙළිදරව් නොකළ මංකොල්ලකෑම් තමා දිවයිනට පැමිණි වහාම හෙළිදරව් කරන බවත් ඇමතිවරයා කියා සිටියි.

පාලිත භික්ෂුව ඊයේ මාධ්‍ය සාකච්ජාව අවසන් කලේ මෙසේ පවසමිනි.

''චාටඩ් එකවුන්ටන්සි උපාධි දෙකක් තියෙන ලංකාවේ  හිටපු අග්‍රගන්‍ය මුදල් ඇමතිවරයෙක් අයින් කරලා ගණනුත් පේල් වෙච්ච මෝස්තර ශිල්පියෙක් තමයි ලංකාවේ මුදල් ඇමති හැටියට පත් කරලා තියෙන්නේ. මෙන්න එතුමාගේ කෙරුවාව කියලා රටේ ජනතාවට දැනුම් දීම සඳහායි මේ මාධ්‍ය හමුව පැවැත්වුවේ'' 

පාලිත භික්ෂුව විසින් මංගල සමරවීර ඉලක්ක කර ගනිමින් මඩ මෙහෙයුමක් ආරම්භකර ඇත්තේ ඇයිද කියන කාරණය පහත වීඩියෝවේ සවිස්තරව සඳහන් වේ

තීනියාවල පාලිත හිමි මහජන දේපළ වළඳපු හැටි මෙන්න

 

සබැඳි පුවත් :
තීනියාවල සාදුගේ මඩ මෙහෙයුමෙන් මංගලට බිලියනපතියකුවීමේ අවස්ථාවක් ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්