අපරාධකරුවන් තුරන් කිරීම පාපයක් නොවන බවට මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් පසුගියදා කළ ප්‍රකාශය

හෙළාදකිමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥ සභාව යෝජනාවක් සම්මත කර තිබේ.

කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හදාරන ලද පොලිස් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලියෙන් පසු පැවති උත්සවයේදී අමාත්‍ය  ටිරාන් අලස් අදාළ ප්‍රකාශය සිදුකර තිබිණි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න පවසන්නේ මෙම යෝජනාව සම්මත කරන ලද්දේ ඇමැතිවරයා විසින් කරන ලද එම ප්‍රකාශය සම්බන්ධයෙන් බවය.

මිනීමැරුම්, මත්ද්‍රව්‍ය අලෙවිය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අය තුරන් කිරීම “පාපයක් නොවේ” යැයි ඇමැතිවරයා එහිදී නිලධාරීන්ට පවසා තිබිණි.

ඇමැතිවරයා ඉල්ලා අස් නොවන්නේ නම් ඔහු මහජන ආරක්‍ෂක ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවට නීතිඥ මණ්ඩලය තීරණය කළ බවද සභාපතිවරයා පවසයි.

ඇමැතිවරයා එම ධුරයෙන් ඉවත් නොකරන්නේ නම් දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව නීතිඥ සංගමය පවසයි.

නීතිය හා සාමය බිඳ වැටීම හේතුවෙන් මෙම ප්‍රකාශය සිදු කරන බවත් පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසිය විවිධ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ බවටත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න චෝදනා කළේය.


“අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි. අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා,” යැයි බස්නාහිර සහ දකුණු පළාත්වල අපරාධ මර්දන අංශයේ විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් පිරිසක් විසිරයෑමේ උත්සවයෙදී පැවසු  අමාත්‍යවරයා, පොලිස් නිලධාරින් සිදු කරන නිවැරදී දේ වෙනුවෙන් පෙනී සිටින බවට සහතික වු අතර බලාපොරොත්තුවන ඉලක්කය වෙත හඹා යන්නැයි ඉල්ලා සිටියේය.

 

 
'ඇතැම් නීතීඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ අතකොලු වෙලා'

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේවනවිට විදේශගතව සිටින අතර, නීතිඥ සංගමය විසින් සම්මතකර ගෙන ඇති ඉහත යෝජනාව සම්බන්ධයෙන් කල විමසීමකදී ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ඇතැම් නීතිඥයින් අතර පසුගිය මාස කිහිපය පුරා බරපතල මතගැටුමක් නිර්මාණය වෙමින් පැවති බවයි.

බොහෝ ප්‍රසිද්ධ නීතීඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණනින් මුදල් ලබාගන්නා බවට හෙළිවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා, පසුගිය වසරේ දෙසැම්බර් 18 දා මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකට එක්වෙමින් සිදු කරනු ලැබූ ප්‍රකාශය ඊට මුලික හේතුව වී ඇතැයි ද එම නිලධාරියා කියා සිටියේය.

යුක්තිය මෙහෙයුමට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් හෙළිදරව්කරමින් හෙට සිට විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භකරන බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටයේය. 

(මුලාශ්‍රය - BASL Bar Council condemns statement by Tiran Alles, calls for his resignation)

සබැඳි පුවත් :

'වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා' - විශේෂ පොලිස් කණ්ඩායමට ටිරාන් කියයි

'ඇතැම් නීතීඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ අතකොලු වෙලා' - ඇමති ටිරාන්

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්