තීනියාවල පාලිත ස්වාමින් වහන්සේගේ අනුහසින් බිලියන්පතියකු වීමේ පහසු අවස්ථාවක් තමන්ට උදාවී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.


නිල සංචාරයක් සඳහා විදේශගතව සිටින අමාත්‍යවරයා එබව  සඳහන් කලේ තීනියාවල පාලිත භික්ෂුව ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළ කරුණු කාරනා සම්බන්ධයෙන් 'ද ලීඩර්' දුරකථනය ඔස්සේ සිදුකළ විමසීමකදීය.

එම භික්ෂුවගේ අවලාද සම්බන්ධයෙන් තමන්ගේ කීර්තිනාමයට සිදුවූ කැළල වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා වහාම අධිකරණය හමුවේ නඩු පැවරීමට මේවනවිටත් කටයුතු කර ඇති බව ඇමතිවරයා සඳහන් කළේය.

එසේම, එවැනි චිවරධාරින්ගේ වාචාල කතා කිසිඳු වගවිභාගයකින් තොරව ඉතාමත් ද්වේශ සහගත ආකාරයෙන් විකාශය කළ  'අද දෙරණ' හා 'හිරු' රුපවාහිනී නාලිකා වලටත් 'ලංකා සී නිව්ස්'  ඇතුළු හදුනා ගත් වෙබ් අඩවි කිහිපයකට එරෙහිව ද නඩු පැවරීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියේය.

මෙහෙම මඩ ගහන්නේ ඇයි ?

''මේ හාමුදුරුවෝ මට මඩ ගහන්නේ ඇයි ද කියන කාරණය දැන් රටම දන්නවා. මම උන්වහන්සේව ලංකා හොස්පිටල් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත්කළා. ඒ ප්‍රතිපත්තිමය තීරණයක් මත. මා යටතේ තියන කිසිම ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලවලට පුජ්‍ය පක්ෂය පත්කරන්නේ නැහැ. එහෙම කරන එක වරදක් විදියටයි මම දකින්නේ. 

මේ වගේ ඕනෑම කෙනෙකුට ඕනෑම වාචාල කතාවක් කියන්න පුළුවන්. එත් එවැනි බොරු  ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු මාධ්‍ය මිටවඩා සැලකිල්ලක් දක්වන්න තිබුනා. මේ කියන කාරණාවලට අදාල වකවානුවල විෂයබාර ඇමති මමවත් නෙමෙයි. අඩුම තරමින් මේ මාධ්‍ය එවැනි කාරනා ගැනවත් සොයා නොබලා මට එරෙහිව ද්වේශ සහගතප්‍රචාරයක් ගෙන ගියේ මම එම මාධ්‍ය ආයතනවලට දැන්වීම් ලබාදෙන එක නවත්තලා තියන නිසා.

 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එම රුපවාහිනී ආයතන දෙක විසින් ගෙනගිය ජාතිවාදී වෛරී මාධ්‍ය මෙහෙයුම නිසා මම ඒ ආයතන දෙකට දැන්වීම් දෙන්න එපා කියල මගේ යටතේ තියන ආයතන වලට දැනුම් දුන්නා.  

කොන්ත්‍රාත්තුව කාගේද ?

කොහොමවුනත් පාලිත හාමුදුරුවන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් මම ලංකාවට පැමිණි වහාම මාධ්‍ය හමුවේ අනාවරණය කරන්නම්. 

පාලිත හාමුදුරුවන්ගේ මඩ මෙහෙයුම පිටුපස සිටින දේශපාලනඥයින් කවුරුන්ද යන වගත් එවැනි පුද්ගලයින් පසුගිය කාලයේ සිදුකල ජනතා දේපල මංකොල්ලයත් මම එදාට හෙලිකරන්නම්. '' යයි ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පාලිත භික්ෂුව විසින් මංගල සමරවීර ඉලක්ක කර ගනිමින් මඩ මෙහෙයුමක් ආරම්භකර ඇත්තේ ඇයිද කියන කාරණය පහත වීඩියෝවේ සවිස්තරව සඳහන් වේ.

 තීනියාවල පාලිත හිමි මහජන දේපළ වළඳපු හැටි මෙන්න

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්