සංස්ථා, මණ්ඩල ආදී රාජ්‍ය ආයතන මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමට තීරණය කර ඇති ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ, පසුගිය කාලය තුලදී එම ආයතනවල නිසි ප්‍රගතියක් පෙන්වා නොමැති සියලුම සභාපතිවරුන් ඉවත් කිරීමට තීන්දුකර තිබේ.
 
එහිදී 'වියත්මග' සංවිධානයෙන් පත්කල එවැනි නිලධාරීන් ඉවත් කරමින් වැඩ ආරම්භ කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇතැයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය. 
 
ඒ අනුව, ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල් තෙශර ජයසිංහ ට හා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ ට එම තනතුරු වලින් ඉල්ලා අස්වනලෙස ජනාධිපතිවරයා විසින් දැනටමත් දැනුම් දී ඇතැයි ඔහු පැවසිය.
 
එසේ, රාජ්‍ය ආයතන වල ප්‍රධානීන්ගේ සංශෝධනයක් ඉදිරි දින කිහිපය තුලදී ක්‍රියාත්මක කරන ජනාධිපතිවරයා, අනතුරුව පසුගිය කාලයතුල දී සාර්ථකත්වයක් පෙන්වා නොමැති අමාත්‍යවරුන් ද ඔවුන්ගේ තනතුරුවලින් ඉවත්කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
 
 
රට පාලනය කරන්නේ වියත්මග ද ?
 
ජනාධිපතිවරයා 'වියත්මග' සංවිධානය මුලික කර ගනිමින් මෙවැනි පියවරක් ගැනීමට තීන්දු කර ඇත්තේ, ආණ්ඩුවේ ඇතැම් පාර්ශවවලින් ම 'වියත්මග' සංවිධානයට එල්ලවී ඇති විවේචන ද සැලකිල්ලට ගනිමිනි.
 
 ආණ්ඩුවේ වත්මන් අර්බුදයට හේතුව ආණ්ඩුව පාලනය කරන 'වියත්මග' ප්‍රධානීන්ට හරිහමන් දේශපාලන අවබෝධයක් නොමැතිවීම බවට ද චෝදනා එල්ලවෙමින් තිබේ. 
 
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජනාධිපතිවරයාට අතිශයින් සමීප හිතවතකු පැවසුයේ, එවැනි චෝදනාවලට කිසිඳු පදනමක් නොමැති බවයි.
 
''අලුත් ආණ්ඩුව පත්වුනාට පස්සේ සංස්ථා මණ්ඩල වලට සභාපතිවරුන් 160ක් විතර පත්කරලා තියනවා. ඒ අතරින් සභාපතිකම් දීලා තියන්නේ වියත්මග සාමාජිකයින් 20 ට විතරයි. ඒ අයත් ඒ ක්ෂේත්‍ර සම්බන්ධ විශේෂඥ දැනුමක් අවබෝධයක් තියන අය .
 
මුළු කැබිනට් මණ්ඩලයටම පත්කරලා තියන්නේ වියත්මග එක්කෙනයි. රාජ්‍ය ඇමතිවරු 4 දෙනයි. 
 
පත්කරපු ආණ්ඩුකාරවරුන් 9 දෙනාගෙන් වියත්මග සාමාජිකයින් ඉන්නේ දෙන්නයි. 
 
අලුතින් පත්කරපු තානාපතිවරුන් අතරින් වියත්මගේ හිටපු අය ඉන්නේ තුන්දෙනයි ...
 
ඉතින් වියත්මග කට්ටිය ආණ්ඩුව පාලනය කරනවා කියන කතාව පිළිගන්න අමාරුයි. ඇත්තටම ආණ්ඩුවේ දේශපාලනය හසුරුවන්නේ පරණ කට්ටියම තමයි.. '' ඔහු තවදුරටත් කියා සිටියේය.

 

 


 

THE LEADER TV 
 
 

 

'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?

 

 

 රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්