ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ සිදුවූ අප්‍රසන්න සිදුවීම ගැන තවත් අප්‍රසන්න කතාවක් අසන්නට ලැබේ.
ශ්‍රී ලංකා විවාහක රූ රැජින වශයෙන් පුෂ්පිකා ද සිල්වා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කළ අතර, කිරුළ පළඳවනු ලැබුවේ ශිරාන්ති රාජපක්ෂ, රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ විසිනි.
 
ප්‍රභූවරුන් වේදිකාවෙන් පිටව ගොස් නව රූ රැජින ජයග්‍රාහී ගමනේ යෙදී සිටියදී, වර්තමාන ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි වේදිකාවට නැග ප්‍රකාශ කළේ ජයග්‍රාහිකාව වන පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ බවත් එබැවින් විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට සුදුසුකම් නොලබන බවත්ය. 
 
ඇය ඉන්පසු තරඟයේ ජයග්‍රාහිකාව ලෙස අනුශූරතාවය ලබාගත් තරගකාරිය ප්‍රකාශයට පත් කළාය.
 
පුෂ්පිකා දික්කසාද වීද නැත්ද යන්න දැනගැනීමට ඇයට කිරුළු පළඳින තෙක් සිටීමට අවශ්‍යතාවක් නැති බව සරල සත්‍යයකි.
 
මූලික වටවලදීම පුෂ්පිකා ට ඒ බැව් දැනුම් දී නම්බුකාර ලෙසින් මේ කටයුත්ත කළ හැකිව තිබුණි.
 
 
 

169832881 5930185670340606 2473328632650259171 n

 
කැරොලයින් ජූරිගේ හැසිරීම මෙහිදී ප්‍රකට කළේ ලෝක විවාහක රූ රැජිණකට වඩා ගණිකා මඬමක දබර කරන ගැහැණියකගේ ස්වභාවයයි.
 
එසේ නොකර රටේත්, තම ලෝක විවාහක රූ රැජිණ කිරුළේත්, පුෂ්පිකා ද සිල්වා ගේත් ගරුත්වය කෙළෙසමින් කැරොලයින් ජූරි හැසිරුණේ ඇයි?
 
 
 
වෝග් ජුවෙලර්ස් Vs රාජා ජුවෙලර්ස් ?
 
මෙයට පෙර චන්දිමාල් ජයසිංහ විසින් කැරොලයින් ජූරිව වෝග් ජුවෙලර්ස් වෙත කැඳවාගෙන ගොස් තිබූ අතර එහි කළමනාකාරිත්වය විසින් කැරොලයින්ව වෝග් ජුවෙලර්ස් නිරූපිකාව ලෙස තෝරා ගත්තේ නැත.
 
පසුව චන්දිමාල් විසින් ඇයව රාජා ජුවෙලර්ස් වෙත කැඳවාගෙන ගොස් තිබුණි.
 
පසුගිය සති කිහිපයක පටන් කැරොලයින් ගේ රුව රැගත් රාජා ජුවෙලර්ස් හි ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබුණි.
 
මෙම විවාහක රූ රැජිණ තරගය සදහා අනුග්‍රාහකත්වය ලබා දී තිබුනේ දිවයිනේ ප්‍රකට රන් භාණ්ඩ අලෙවි සමාගමක් වන වෝග් ජුවෙලර්ස් විසිනි. 
 
 ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි යනු වර්තමානයේ රාජා ජුවෙලර්ස් හි නිරූපිකාවයි.
 
කැරොලයින් මෙසේ කළේ,
 
# වෝග් ජුවෙලර්ස් තමාව එහි නිරූපිකාව ලෙස තෝරා නොගැනීමේ තරහා පිරිමසා ගැනීමට ද?
 
 
# ඊළඟ ජන්දයට ඉදිරිපත් වීමට සිටින චන්දිමාල් ජයසිංහ දේශපාලන ගමන ලත් තැනම ලොප් කිරීමට ද?
 
 
# තමන් කොලපාට කඳවුරේ නිසා පොහොට්ටුවේ හිතවතියක වූ පුෂ්පිකා ගෙන් පලිගන්නටද?
 
 
# නැතිනම් වෙනත් කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමට ද?
 
අද ක්ෂේත්‍රය තුල කතාවෙන්නේ මේ ගැනයි.
 
   Pushpika1

Pushpika 2021.04.05 
Screenshot 2021 04 05 at 19.13.40

 
 
THE LEADER TV 
 
 

 

'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?

 

 

 රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්