ජාතික තරුණ සේවා සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ
දැනුම්දීම  නොසලකා හරිමින්, තරුණ තරුණියන් පිරිසක් සමග අද (06) දිනයේ විරෝධතාවයක දී සිටින තෙශර ජයසිංහට පයින් ගසා එලියට දාන්නැයි ඉහලින්ම නියෝගයක් ලැබී ඇතයි ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහල නිලධාරියකු පැවසිය.
 
තෙශර ජයසිංහ ට සිය තනතුරින් ඉල්ලා අස්වී ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ලෙස වැඩබාර ගන්නැයි ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබිය දී, තමාට ජාතික තරුණ සේවා සභාවේ සභාපති ධුරය ම අවශ්‍ය බවට ඔහු බලපෑම් කරමින් සිටියි.
 
පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ගෝඨාභය රාජපක්ෂට සහයදීම සඳහා පිහිටුවාගෙන තිබු 'එකමුතුව' නමැති තරුණ සංවිධානයේ කැඳවුම්කරු වුයේ තෙශර ජයසිංහයි. 
 
තමන්ට දැක්වූ සහයෝගයට කාලගුණ සැලකීමක් ලෙස ජනාධිපතිවරණයෙන් ජයගත් ගෝඨාභය රාජපක්ෂ,  තෙශර ජයසිංහව ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලෙස පත් කරනු ලැබුවේ ඔහුව එවැනි තනතුරකට පත්නොකරන්නැයි ආණ්ඩුවේ ප්‍රබලයින් ගණනාවක් ඉල්ලා සිටියදී තනි අභිමතයට අනුවය. 
 
කෙසේවුවද සීතා අරඹේවෙල රාජ්‍ය අමාත්‍යවරිය මුහුණදී සිටින අර්බුදයක් සමනය කිරීම සඳහා ඔහුට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ධුරය බාරගන්නා ලෙස පසුගියදා ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කර තිබිණ. 
 
එහෙත් ඔහු මේවනතෙක් එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති තත්ත්වය තුළ මින් ඉදිරියට ඔහුට රජයේ කිසිම වගකිවයුතු තනතුරක් ලබානොදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතයි ද වාර්තාවේ.
 
 
 
දමිත වික්‍රමසිංහ වැඩ බාරගැනීමට සුදානමින් ...
 
කෙසේවුවද ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලෙස නම් කර ඇති දමිත වික්‍රමසිංහ හෙට දිනයේ එම තනතුරේ වැඩ බාරගැනීමට නියමිතය. 
 
ඔහු ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ පළකර සටහනක මෙසේ සඳහන් වේ.
 
''අතිගරු ජනාධිපතිතුමන් හා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය  නාමල් රාජපක්ශ මැතිතුමන්ගේ ආශිර්වාදයෙන් මා හෙට දින ජාතික තරුණ සේවා සභාවේ සභාපතිත්වයෙහි වැඩ ආරම්භ කරන්නෙමි... ''
 
jhhj 
   
සබැඳි පුවත් :

 

 


 

 

THE LEADER TV
 
 

සීතා - දමිත හුටපටේ...!

 

 

'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්