තමා පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක සමග එක්ව නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ සුදානමක් පවතින බවට පලවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව අමාත්‍ය විමල් විරවංශ පැවසිය.
ඔහු එබව කියා සිටියේ 'ඩේලි මිරර්' පුවත්පතේ වාර්තාවක් උපුටා දක්වමින් ඇතැම් වෙබ් අඩවිවල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය. 
 
අමාත්‍ය විමල් වීරවංශ සහ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක එක්කරගත් නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය ගැන පාර්ශව කිහිපයක් අතර සාකච්ඡා වෙමින් ඇතැයි 'ලංකා සී නිව්ස්' ද  'ඩේලි මිරර්' පුවත්පත උපුටා දක්වමින් වාර්තාකර තිබේ.
 
එම වාර්තාවේ දැක්වෙන්නේ පැවති යහපාලන රජයක් පිහිටුවීමට මූලිකත්වය ගත් සිවිල් සංවිධාන කිහිපයක් ද මෙම සාකච්ඡාවල සිටින බවයි.
 
එමෙන්ම කොළඹ කේන්ද්‍ර කරගත් ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ද සඳහන් කර ඇත්තේ ඔවුන් දෙදෙනා එක්ව දේශපාලන ගමනක් යා යුතු බවයි.
 
කෙසේ වෙතත් මෙතෙක් මෙම දෙදෙනා මුණ ගැසී සාකච්ඡා කර නැති අතර නුදුරේම එම හමුව සිදු කිරීමට අදාළ පාර්ශවයන් උත්සාහ දරමින් සිටින බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.
 
 cnews 2021.04.06
 
 
එම පුවත් වාර්තාව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය විමල් විරවංශ පැවසුයේ, චම්පික රණවක සමග තමා කිසිදිනෙක සන්ධානගත දේශපාලනයක් කිරීමට බලාපොරොත්තු නොවන බවයි.
 
මෙම පුවත් මුළුමනින්ම 'ප්ලාන්ට් නිව්ස්' එකක් බව ඔහු වැඩිදුරටත් පැවසිය.
 
 
THE LEADER TV

 

දොලවත්ත කියන්නේ වහ කන කතාවක්නේ 'ස'

 

පොට් සිටි කොමිසෙන් රටට වෙන දේ - ආචාර්ය රොහාන් සමරජීව

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්