ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟයේදී තමන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බැවින් අවසන් තරඟය නැවත පවත්වන්නැයි එම තරඟයට සහභාගිවූ කාන්තාවන් කිහිපදෙනෙකු සංවිධාන කමිටුවට දිගින් දිගටම බලපෑම්

කරමින් සිටින බව වාර්තාවේ.
 
ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිප දෙනෙකු ද ඊට සහය පළකර ඇතැයි පැවසේ.
 
මෙවර තරඟයට ඉදිරිපත්ව ඇති අති බහුතරයක් ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ හිතවතියන් වන අතර දෙවන ස්ථානයට පත් තැනැත්තිය ' පොහොට්ටු' පක්ෂයේ මන්ත්‍රීවරයකුගේ බිරින්දෑ කෙනෙකි.
 
තරඟයෙන් ජයගත් පුෂ්පිකාට සංවිධායක කමිටුවේ ඉහලම සැලකිලි ලැබුනේ ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිප දෙනෙකුගේම බලපෑම් හේතුවෙන් බවට ඔවුන් චෝදනා කරති.
 
පසුගිය 04 දා පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගය ඉතාම නින්දිත කිරුළු පැළඳීමකින් අවසන් වුයේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් බරපතල කැළලක් ද ඇතිකරමිනි.
 
එහිදී ජයග්‍රාහිකාවගේ කිරුළ උදුරා ගනිමින් දෙවැනි ස්ථානයට පත් මන්ත්‍රී බිරිඳට පැලඳ වූ වත්මන් ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි, ඊයේ (06) කුරුඳුවත්ත පොලිසිය වෙතගොස් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මේවනවිට දුරකථනය පවා විසන්දි කර අතුරුදහන්ව සිටින බව වාර්තාවේ. 
 
ඇයව සම්බන්ධකර ගැනීමට ජාත්‍යන්තර කමිටුවේ හා මෙරට සංවිධාන කමිටුවේ කිහිප දෙනෙකු උත්සහකර ඇතත් එම උත්සාහය අසාර්ථකව ඇත.
 
මේ සම්බන්ධයෙන් අප විසින් කල විමසීමක දී අදහස් දැක්වූ සංවිධාන කමිටු සාමාජිකයකු  පැවසුයේ, කැරොලයින්ගේ නිහැඬියාව අතිශයින්ම සැකකටයුතු බවයි.
 
''ඊයේ රෝසිත් ට්‍රයි කරලා තිබුනා. අපි කීප දෙනෙකුත් හොයලා බැලුවා. ඉන්ටර්නැෂනල් කොමිටියේ අයත් එයාව හොයනවා. එයාට කටපියාගෙන ඉන්න කියලයි තියන්නේ. එත්, මේ මනුස්සයා ගැන ෂුවර් නැනේ . මොනවා කරන්න ඉන්නවද දන්නේ නැ . හරිම මුරණ්ඩු ගැනී ..'' ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 
 
 
 
සිරිමල් විජේසිංහ කියන කතාව !
 
 Sirimal W
 
 
මේ අතර ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරඟයේදී ඇතිවූ අප්‍රසන්න සිද්ධිය ගැන ''රූප සුන්දරියන්ගේ ලස්සණ සහ කැත ගැහැණු අධ්‍යාත්මය !!!'' යන සිර්ශයෙන් යුතුව සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ප්‍රවීන සමාජ විශ්ලේෂක සිරිමල් විජේසිංහ මෙසේ පවසයි.
 
 
 
 
''ශ්‍රී ලංකාව නැමැති මේ ඊනියා බිජ්ජේ දූපතක් තිබේ ද නැද්ද යන්න පවා දැන ගෙන සිටි යේ - මෙලෝ කෝටි 700 ක් වන වැසියන්ගෙන් සියයට 10 ක් පමණ ය. 
ඒ ද සිංහලයින්ගේ පරම හතුරා වන ප්‍රභාකරන් සහ අර්ජුණ රණතුංගයන් ට පින් සිදු වන්න ට ය.
මා සොයා බැලූ පරිදි - මේ ප්‍රතිශතය ඊයේ වන විට සියයට 40 ක් දක්වා ඉහළ නැඟ තිබේ.
ඒ ගෞරවය අපට ලබා දුන් - ගැහුණු ගතිය කෙළින් පෙන් වූ - ඒ අසික්කිත ස්ත්‍රීන්ට සිංහල ජාතියෙ හි ප්‍රණාමය හිමි විය යුත්තේ ය.''
 
 
 

167954021 3708935205890741 8792297879576170937 n

THE LEADER TV

 

දොලවත්ත කියන්නේ වහ කන කතාවක්නේ 'ස'

 

පොට් සිටි කොමිසෙන් රටට වෙන දේ - ආචාර්ය රොහාන් සමරජීව

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්