පඬුවස්නුවර සමුපකාර සමිතිය සඳහා නව අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු පත්කර ගැනීමට පැවැති ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කර ඇති බව ආණ්ඩුවට පක්ෂපාති 'ලංකා සී නිව්ස්' වාර්තා කරයි.

සමුපකාර සමිතියේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයකු හා අධ්‍යක්ෂවරයෙකු දුෂණ වංචා චෝදනා එල්ලවීම හේතුවෙන් ඉවත් කිරීමෙන් පසුව නව අධ්‍යක්ෂවරයෙකු පත්කරගැනීමට මෙම ඡන්ද විමසීම පවත්වා ඇත.
 
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයාට පක්ෂව ඡන්ද 58 ක් ලැබී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්‍ෂකයා පරාජයට පත්වී තිබේ.
 
පඬුවස්නුවර එම සමුපකාර සමිතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 58ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16ක්, එක්සත් ජාතික පක්ෂය 06 දෙනෙකු නියෝජනය කරයි.
 
 cNews 11.04
 
 
2025දී බලය ගන්න ශ්‍රීලනිප සැලසුම් !
 
 
ඉදිරි මැතිවරණයවලදී ආණ්ඩුවේ කුඩා පක්ෂ සමඟ සන්ධානගතව ශ්‍රීලනිපය වෙනම ඉදිරිපත් විය යුතු බවත් 2025 වන විට රටේ දේශපාලන බලය ලබා ගැනීමට සැලසුම් කළ යුතු බවත් එම පක්ෂයේ නායකයන් අතරින් බහුතරයකගේ මතය බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් 'අනිද්දා' පුවත්පතට පවසා ඇත.
 
එම ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයා තවදුරටත් පවසා ඇත්තේ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන පවුලේ සාමාජිකයන්ගේ ජනප්‍රියත්වය වේගයෙන් අඩුවන පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දේශපාලන අනාගතයක් නොමැති බවත්, ශ්‍රීලනිපය ආණ්ඩු බලය ලබා ගැනීමට සඳහා සැලසුම් කළ යුතු බවත් පක්ෂයේ ඉහළ නායකයන් සාකච්ඡා කර ඇති බවයි.
 
ශ්‍රීලනිපය 2024 ජනාධිපතිවරණය දක්වා වසර තුනක වැඩසටහනක් සකස් කර තිබෙන බව ඔහු ප්‍රකාශ කරයි.
 
පළාත් සභා මැතිවරණයට වෙනම ඉදිරිපත් වීම, ශ්‍රීලනිප සමස්ත ලංකා කාරක සභාව රැස් කිරීම, ශ්‍රීලනිපයට අනුබද්ධ සංවිධාන සහ වෘත්තිය සමිතිවල ජාතික සමුළු කැඳවා නව නිලධාරීන් පත් කිරීම ආදි කටයුතු ඉදිරියේදී සැලසුම් කර ඇතැයි ඔහු කියා සිටියි.
 
ශ්‍රීලනිපය වෙනම කටයුතු කොට ආණ්ඩු බලය ලබා ගැනීමට සඳහා යන ගමනට එකඟ නොවන පුද්ගලයන්ට පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතු වන ලෙස පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවති මාතලේ දෙදින වැඩමුළුව අවසානයේ දැනුම් දී සිටියේය.
 
 
සබැඳි පුවත් :
THE LEADER TV

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

 

 මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්