ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කර තිබූ කරුංකා සහිත කන්ටේනර් 23 ක්
ව්‍යාජ ලේඛන සකසා යළිත් ශ්‍රී ලංකාවේ කරුංක වශයෙන් ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමේ සිද්ධියට අදාළව සහකාර රේගු අධිකාරිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
සැකකාර සහකාර රේගු අධිකාරීවරයා රේගු පරිගණක පද්ධතියට මේ සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ඇතුළත් කළැයි යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, සහකාර රේගු අධිකාරිවරයා දැනට වැඩ තහනමකට ලක්ව සිටින බවද කියා සිටියේය. සැකකරු වාද්දුව ප්‍රදේශයේ අයකි.
 

 
මෙම කරුංකා තොගයේ වටිනාකම රුපියල් මිලියන 300 කට ආසන්න බවත් එම කරුංකා 2020 වසරේ ඉන්දියාවට ප්‍රති අපනයනය කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පැවසිය.
 
මේ ජාවාරම සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

 

 

 


 

THE LEADER TV

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

 

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්