ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් (AstraZeneca COVISHELD) කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන මැයි පළමු සතියේ සිට ක්‍රියාත්මක කිරීමට බෝ
නොවන රෝග පිළිබඳ විශේෂ කමිටුව තීරණය කර තිබේ.
 
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ කමිටුව එම තීරණය ගෙන ඇති බවයි. 
 
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ තුනහාමාරක් ඉතිරිව තියන බවත් ඉතිරි ප්‍රමාණය ලබාදීමට ඉන්දීය සමාගම පොරොන්දු වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය. 
 
 

 
 
 
එක්සත් රාජධානිය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සංවර්ධනය කළ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත මුම්බායිහි 'සීරම් ඉන්ස්ටිටියුට්' ආයතනය නිෂ්පාදනය කර තිබෙන අතර, එයින් එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට ද ලැබිණි. තවත් එන්නත් තොගයක් පෙබරවාරි මස ගෙන්වීය.
 
මෙරට පුද්ගලයින් 9,25,242කට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.
 
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ඉකුත් ජනවාරි මස 29 වන දින ආරම්භ කළ අතර එය ඉකුත් 10 වැනිදින සිට මේ වනතෙක් රට පුරා නතර කර තිබේ.
 
 
මරණ 12ක් ගැන සැකයක් !
 
 
 
 
''සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණ විද්‍යාත්මක නැහැ. ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් ගැන ජාතික මට්ටමේ පරියේෂණ RAVI KUMUDESHනැතුව ගන්න තීරණ භයානකයි.'' -වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් 
 
 
 
 
 මේ අතර වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ, 
ඇස්ට්‍රාසෙනෙකා එන්නත හේතුවෙන් ඇතිවන අතුරු ආබාධ පිළිබඳව ලොව පුරා තීන්දු  ගනිමින් සිටියදී, ලබාදී ඇති එන්නතෙහි සංකූලතා පිළිබඳව සොයාබැලීමට හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් හඳුනා ගැනීමට ශ්‍රී ලංකාව තුළ කිසිඳු වැඩපිළිවෙලක් නොමැති බවයි.
 
ශ්‍රී ලංකාව තුළ ද රුධිර කැටි ගැසීම පිළිබදව සැකසහිත මරණ 12ක් සම්බන්ධයෙන් වාර්තා වී ඇති නමුත්, ඒවා එන්නත හේතුවෙන් සිදු වූයේද යන්න හෝ එසේ නොවන්නේ ද යන්න පිළිබඳව තහවුරු කිරීමට හැකියාවක් නැතැයි ද ඔහු කියා සිටියි. 
 
''පසු එන්නත් කරණය පිළිබඳව කිසිදු පර්යේෂණයක් හෝ අවම තරමින් ජාතික මට්ටමේ සායනික තොරතොරු පිළිබඳව විමසිලිමත්වන කමිටුවක් පවා මෙතෙක් පත් කර නැහැ.'' ඔහු සඳහන් කරයි.
 
''එන්නත්වේදය පිළිබඳව විශේෂඥ හැකියාව ඇති වෘත්තිකයන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නැහැ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ එන්නත් වේදී තනතුරට ක්ෂුද්‍රජීවී වේදියෙකු පත්කර එන්නත් වේදය පිළිබඳ අඳුරේ අතපත ගෑම වෙනුවට විශේෂඥ හැකියාව ඇති වෘත්තිකයකු සෞඛ්‍ය අමාත්‍යාංශයට පිටතින් හෝ විදේශයකින් හෝ බඳවා ගනිමින්, එන්නත්කරණයේ පසු තත්ත්වයන් පිළිබඳව ජාතික මට්ටමේ පර්යේෂණ වහා ඇරඹිය යුතුයි.
 
එන්නත මත පමණක් පදනම් නොවෙමින්, කොවිඩ් පාලනය සිදු කල රටවල් ගණනාවක්, කෝවිඩ් පාලනයේ ඉදිරි රටවල් බවට පත්ව ඇති මොහොතක, "පරීක්ෂණ කිරිම - වෙන් කිරීම" යන ක්‍රමවේදය යටතේ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සිදුකළ හැකිව තිබියදී, එය නොසලකා හැරීම, අමාත්‍යාංශයේ වැරදි තීරණයක්. '' බවද  වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියි.
 
 
 

 
THE LEADER TV 
 
 
 

අලුත් අවුරුද්දේ වඳුරු කතාව

 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්