රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන්ගේ පුද්ගලික තොරතුරු රජයේ බුද්ධි අංශ
නිලධාරීන් විසින් එළිපිටම රැස් කිරීම ඇරඹීමත් සමග ඔවුහු සිය ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් භිතියට පත්ව සිටිති.
 
"එහෙනම් අපේ ආරක්ෂාව කොතනද තියෙන්නේ? ඒ ආරක්ෂාව සලසා ගත යුතුතේ කෙසේද? එවන් වු කාර්යයන් ගොඩක් අපේ සිත් තුළ තියනවා.  "
 
මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම (RED) (කටුනායක) හි චන්ද්‍ර දේවනාරායන ඒ බව සදහන් කළේ අප්‍රේල් 27 අගහරුවාදා ජන බල පවුර සංවිධානය විසින් කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
 
දශක තුනකට වැඩි කාලයක් කටුනායක නිදහස් වෙළද කලාපයේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් හා සුභසාධනය  වෙනුවෙන් මැදිහත් වී තිබෙන චන්ද්‍ර දේවනාරායන එම මාධ්‍ය හමුවේ දී අනාවරණය කළේ  පසුගිය සතියේ  පොලිස් බුද්ධි අංශ නිලධාරීන් සිය කාර්යාලයට පැමිණ සියලු තොරතුරු ලබා ගත් බවයි.
  
"මේ අය මොනවද කරන්නේ, කොහෙන්ද ආධාර හම්බෙන්නේ, කා එක්කද වැඩ කරන්නේ, ඒ වගේ සියලු තොරතුරු ආයතනයට ඇවිල්ලා ලබා ගත්තා. "
 
ඉන් නොනැවති සිය නිවසටද පොලිස් බුද්ධි අංශ නිලධාරීන් පැමිණි බව පවසන චන්ද්‍ර දේවනාරායන ප්‍රශ්න කරන්නේ  ඔවුන් සිය නිවසට පැමිණ පුද්ගලික තොරතුරු එක් රැස් කළේ කුමන නීතියක් යටතේද යන්නයි.
 
" ඒ ගොල්ලන්ට උවමනා උනා මගේ උපතේම ඉදලා මේ දක්වා තොරතුරු ගන්න. මිය ගිය දෙමව්පියන්ගේ තොරතුරු, මිය ගිය සහෝදර සහෝදරියන්ගේ තොරතුරු, ගමේ ඉන්න නෑදැයන්ගේ තොරතුරු  ඇතුලු සියළුම තොරතුරු  එයාලට අවශ්‍ය උනා.  "
 
ඇය එහිදී වැඩි දුරටත්  අනාවරණය කළේ ඉහලින් ලැබුන නියෝගයක් අනුව මෙම තොරතුරු රැස්කරන බව තමන් විසින් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ පොලිස් බුද්ධි අංශ නිලධාරීන් පැවසු බවයි.
  
නිවාස වලට පැමිණ පුද්ගලික ජීවිතයට හානි වන අයුරින් භිය වැද්දිම් සිදු කරමින් පුද්ගලික තොරතුරු රැස්කිරීම තරයේ හෙළා දකින බව ඇය එහිදී බලධාරීන්ට අවධාරණය කළේය.
 
නිවාස වල සිටින දරුවන්ද භිතියට පත් කරමින් සිදු කරනු ලබන පුද්ගලික තොරතුරු ඒකරාශි කිරීම විශාල මර්දනකාරී වැඩපිළිවෙල පෙරනිමිත්තක් බවටත්   චන්ද්‍ර දේවනාරායන මාධ්‍ය හමුවේදී  අනතුරු ඇගවීය.
 

 

 


 

THE LEADER TV 
 

 

කොවිඩ් නිල සංඛ්‍යාලේඛණ ගැන බරපතල සැකයක් ?

  

 

"පාස්" වෙන්න නම් මෙන්න වැඩක් "ස" !  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්