ශ්‍රී ලංකා ගුවන් හමුදාව අලුතින් රුසියානු හෙලිකොප්ටර් මිලට ගැනීමට යන්නේ
ශ්‍රී ලංකා රුසියානු යුද උපකරණ ණය ගිවිසුම යටතේ බවත්,  ඒ වෙනුවට කොවිඩ් ආධාර ලබාගැනීමේ හැකියාවක් නැති බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක දුෂාන් විජේසිංහ පවසයි.
 
ඔහු එබව සඳහන් කර ඇත්තේ, මෙම ගුවන් යානා ගිවිසුම් වහා ම අහෝසි කර එම මුදල්වලින් කොවිඩ් එන්නත් දැඩි සත්කාර ඒකක ඇඳන් ආදිය ගෙන්විය යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
 
fgfsert
 
රුසියානු Mi-171 මගී හෙලිකොප්ටර් (Mi-171Sh Combat-Transport Helicopter) 4ක් වහාම මිළ දී ගැනීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇතැයි පසුගිය දින කිහිපයේ මාධ්‍ය වාර්තාවල සඳහන් විය. 
 
කෙසේවුවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, එම යානා ශ්‍රී ලංකා හමුදාව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා කටයුතු යෙදවීම සඳහා උවමනා බවත්, මිලට ගන්නා යානාවලට අදාළ ණය මුදල් පියවනු ලබන්නේ එම මෙහෙයුම් සඳහා එක්සත් ජාතීන් ගෙවන මුදල්වලින් බවත් ය.
 
මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇත්තේ ක්‍රියාත්මක තත්ත්වයේ යානා 10ක් බවත් එක්සත් ජාතීන්ගේ මෙහෙයුම්වල දැනට නිරත යානා 06 අලුත්වැඩියා කර සක්‍රීය තත්ත්වයේ පවත්වාගත යුතු බවත් නොඑසේ නම් අදාළ මෙහෙයුම් අවස්ථාව ලංකාවට අහිමි වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
 
2014 සිට මෙම මෙහෙයුම් සඳහා රු. මිලියන 22400ක් පමණ මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කර සිටියි.
 
 
ඒ සඳහා දැනට පවතින යානා අලුත්වැඩියා කිරීම සඳහා නැවත කැඳවීමට උවමනා අලුත් යානා මෙලෙස ඇනවුම් කළ බව පවසන දුෂාන් ජයසිංහ, අදාළ යුද උපකරණ ගිවිසුම යටතේ කොවිඩ් උපකරණ මිලයට ගැනීමේ කිසිදු හැකියාවක් නොමැති බවත් අවධාරණය කර සිටියි.
 
 
 
දේශීය නියෝජිතයා කව්ද ?
 
අප වෙත වාර්තාවන තොරතුවලට අනුව, ශ්‍රී ලංකා බලධාරීන් මෙම රුසියානු හෙලිකොප්ටර් මිලදී ගැනීමට යන්නේ 'රෝස්බෝරෝන්එක්ස්පෝට්' (Rosoboronexport) නමැති රුසියානු රාජ්‍ය සමාගමෙනි. 
 
යහපාලන ආණ්ඩුව සමයේදී මෙම Rosoboronexport සමාගමේ දේශීය නියෝජිතයා ලෙසට ප්‍රකාශයට පත්වුයේ මහාරාජා ආයතනයයි. ඇමරිකානු ඩොලර් කෝටි 2400 ක් ගෙවා 'රෝස්බෝරෝන්එක්ස්පෝට්' සමාගමෙන් පරණ රුසියානු නැවක් මිලදී ගැනීමේ රහස් ගනුදෙනුවක් ගැන එකල ඒකාබද්ධ විපක්ෂයෙන් යහපාලන ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ලවී තිබිණ.
 
කෙසේවුවද අපවෙත වාර්තා වන්නේ මේවනවිට එම රුසියානු සමාගමේ දේශීය නියෝජිතයා ලෙස රාජපක්ෂ පවුලේ හිතවතකු පත්ව ඇති බවයි.
 
ඒ අනුව, ආරක්ෂක අමාත්‍යංශය විසින් මෙම 'රෝස්බෝරෝන්එක්ස්පෝට්' (Rosoboronexport) සමාගමෙන් සන්නද්ධ පිරිස් ප්‍රවාහනය සඳහා BTR 82A  වර්ගයේ රුසියානු රෝද 08 APC 82A පාබල සටන් වාහන (Wheeled Armoured Personnel Carrier) 60ක් අලුතින්ම මිලදී ගැනීමේ සුදානමක් පවතින බව ද වාර්තාවේ. 
 
 
 
යුක්රේනය සමග ඩීල් එකක් !
 

AirMark Antonov An 32 Spijkers 2Antonov An-32

 
 
මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටනොව් AN-32B යානා තුනක් අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් සාකච්ජාවක් සඳහා ගුවන් හමුදාපතිවරයා එරටට ගොස් තිබිණ. 
 
එම යුක්රේන් සමාගමේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ, MELCO GROUP OF COMPANIES ආයතනයයි. එහි සභාපතිවරයා වන්නේ එම්. පී. ශ්‍රී නිශ්ශංක යි. 
 
 
 
සබැඳි පුවත් :

 

 


 

THE LEADER TV 

කොවිඩ් මරණ: හේමසිරිට, පූජිත්ට බෙදන හැන්ද වත්මන් බලධාරීන්ට අදාළද?

 

 

කොරෝනා හංගලා කියන්නේ ඇත්ත ද? ස‘

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්