කිසිඳු තත්ත්වයක් යටතේ රට හුදෙකලා (ලොක්ඩවුන්)  නොකිරීමට තීන්දු කර ඇති රජය,
කෝවිඩ් තත්වය හමුවේ රට තුල අත්‍යාවශ්‍ය සේවාවන් බිඳ නොවැටී පවත්වාගෙන යන ආකාරය පිළිබදව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
 
කිසියම් ප්‍රදේශයක් වූ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි හුදෙකලා කිරීමක් සිදුකළ හොත් ඒවායේ අත්‍යවශ්‍ය සේවා සැපයුම් හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා එම උපදෙස් නිකුත්කර තිබේ.
 
ආර්ථික පුනර්ජීවන හා දරිද්රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සියළුම දිස්ත්‍රික්ක ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති එම උපදෙස් පත්‍රිකාව මෙසේය.
 
7076281329637100807 n
5003063648031580006 n
 
 
COVID-19 ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුව ගත් තීරණ
 
මේ අතර කොවිඩ් වෛරසය සිඝ්‍රයෙන් පැතිරී යාම හේතුවෙන් කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුවේ විශේෂ රැස්වීමක් අද (10) පවත්වා තිබේ.
 
එම රැස්වීම පවත්වා ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දීය.
 
මෙම කාර්යසාධන සමාලෝචන කමිටුවේ සාමාජිකයින් ලෙස වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් කටයුතු කරයි.
 
 
මෙහිදී පහත තින්දු තීරණ ගෙන ඇත.
 
1- කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක වලට ප්‍රමුඛතාවය ලබාදෙමින් අනෙකුත් දිස්ත්‍රික්කවල ද කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ශක්තිමත් කිරීම.
 
 
2- ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශවල දැනට ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩි කිරිම.
 
 
3- දිස්ත්‍රික්ක මට්ටමින් රසායනාගාර වැඩිකිරිම තුළින් PCR පරීක්ෂණ ප්‍රමාණය තවදුරටත් වැඩි කිරීම සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම.
 
 
4- දැනට පරීක්ෂණ කටයුතු සදහා එකතු වී ඇති සම්පල පරීක්ෂණ වාර්තා කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කිරීම.
PCR පරීක්ෂණ වලට භාජනය වන පුද්ගලයින් නිවෙස් වලින් බැහරට යාම වැළැක්වීම සදහා වැඩ පිළිවෙලක් සකස් කිරිම.
 
 
5- මේ වන විට සැකසෙමින් පවතින ප්‍රතිකාර මධ්‍යස්ථානවලට අවශ්‍ය ඔක්සිජන් ඇතුළු අනෙකුත් පහසුකම් කඩිනමින් ලබාදීම සහ අනෙකුත් වෛද්‍ය උපකරණ ඉතාමත් කඩිනමින් මිල දී ගෙන මධ්‍යස්ථාන වෙත ලබාදීම.
 
 
එමෙන්ම PCR රසායනාගාර දිස්ත්‍රික් මට්ටමින් වැඩි කිරිම සහ ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන කොවිඩ් මර්දන අරමුදල මගින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මෙහිදී දැන්වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. 
 
කොවිඩ් තාක්ෂණ කමිටුව අද දින (10) රැස්වී තවදුරටත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දු තීරණ ගෙන ඒ පිළිබදව වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය අමාත්‍යාංශ නිලධාරීන්ට අවධාරණය කර ඇති බව වාර්තා වේ.

 

 

 


 

THE LEADER TV
 

එන්නත් විදීම බරපතල අවුලක - බලවතුන් 100ක් හිරගෙට යයි!

 

යාපනයේ හමුදා ලොක්කාට ඉන්දීය ධීවරයන්ගෙන් ප්‍රහාරයක් !

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්