ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද උදැසන ඇමරිකාව බලා පිටත්වගොස් ඇත. 
ජනාධිපතිවරයා විසින් කොරෝනා මර්ධන මෙහෙයුමේ මුලිකම වගකීම පවරා ඇති බැසිල් රාජපක්ෂ මෙසේ හිටි හැටියේ විදෙස් ගතවීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහුගේ සමීපතමයකු පැවසුයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා බැසිල් රාජපක්ෂ ඇමරිකාවට ගිය බවයි. 
 
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (11) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති අතර ඊට සහභාගී සිටි කිසිවකුට හෝ තමා විදේශගතවන බවක් බැසිල් රාජපක්ෂ විසින් දැනුම් දී නොමැතිවීම විශේෂ කාරණයකි. 
 
 
ආණ්ඩුවේ පක්ෂ නායකයින් රැස්වේ. 
 
 
 
කොවිඩ් වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයෝ එසේ රැස්වූහ.
 
රජය මේ වනවිට කොවිඩ් වසංගතය පැතිරයාම පාලනය කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවරයන් මෙහි දී පක්ෂ නායකයන්ගේ අවධානයට ලක් වූ අතර අනාගත තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ඒ ඒ ප්‍රදේශවල අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.
 
එන්නත්කරන වැඩපිළිවෙල සාර්ථක අයුරින් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය බව මෙහි දී අගමැතිවරයා පෙන්වා දී තිබිණ. 
 
මෙයට අමතරව කොවිඩ් ආසාධිත රෝගීන්ට ඇතිවිය හැකි දුෂ්කරතා මගහැරීම පිළිබඳව ද පක්ෂ නායකයෝ මෙහි දී අවධානය යොමු කර තිබේ.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ පෙරමුණ විසින් කොවිඩ් ආසාධිතයන්ගේ පිහිටට ක්‍රියාත්මක කරන දින 10න් ඇඳන් 10000ක් සකස් කොට ප්‍රතිකාර මධ්‍යස්ථානවල භාරදීමේ ව්‍යාපෘතිය මෙහි පැමිණ පක්ෂ නායකයන්ගේ ඇගයීමට ලක්ව ඇත. 
 
අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ දේශ විමුක්ති ජනතා පක්ෂයේ උප සභාපති ගලගම ධම්මරංසි හිමි මෙම හමුවට වැඩම කළහ. 
 
 
එසේම, ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහ ලේකම් සාගර කාරියවසම්, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් අසංක නවරත්න, එක්සත් මහජන පක්ෂයේ ලේකම් ටිරාන් අලස්, ජාතික කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ඒ.එල්.එම් අතාවුල්ලාහ්, යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රීක් නායකයන්වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, සී.බී රත්නායක, එස්.එම් චන්ද්‍රසේන, ප්‍රසන්න රණතුංග, රොෂාන් රණසිංහ යන මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටියහ.
 
 
 
###############
 
THE LEADER TV 
 
ලෙබනනයේ ලංකා තානාපතිනී ශානි වැඩ වර්ජනයක : රට විරුවන් අමාරුවේ ! 
 
 
 
කෝවිඩ් මාරයාගෙන් ගැලවෙන්නේ කොහොමද? ගැබිණි මව්වරුන්ගේ අවධානය පිණිසයි! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්