නිලයේ වගකීම පැහැරහරිමින් මනුෂ්‍ය ඝාතනයක් සදහා ආධාර අනුබල ලබාදුන් බවට
ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසම් සභාව හමුවේ චෝදනාවට ලක්ව සිටී.
 
රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ සිටි තාරක ධර්මකීර්ති විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක  නැමැති සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් නීතිඥයකු විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතවම දැනුම් දී තිබියදීත්, එදින රාත්‍රියේම සැකකරු වෙඩිතබා  ඝාතනය කර  තිබුනි. 
 
ඊට පෙර දිනයේ දිනිත් මෙලන් මාබුල පොලිස් භාරයේ සිටියදී ඝාතනය කර තිබුණි.
 
 Police Murder
තාරක ධර්මකීර්ති - දිනිත් මෙලන් මාබුල
 
 
 දෙදෙනාම රඳවා සිටි පොලිස් ස්ථානවලින් පිටතදී ඝාතනය කිරීම නිසා බියට පත් මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවකු වන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ මව ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය ඔහු බන්ධනාගාරයෙන් පිටතට ගෙනයාම තහනම් කරන නියෝගයක් පාවා තිබේ.
  
 තාරක ධර්මකීර්ති විජේසේකරගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ අනතුරු ඇඟවීමක් කර තිබියදීත් පොලිස්පතිවරයා  නිල බලය අනුව කටයුතු නොකළේ ඇයි දැයි ජාතික පොලිස් කොමිසමේ සභාපති වෙත යොමු කළ පැමිණිල්ලක් මගින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ප්‍රශ්න කරයි.
 
"ඝාතනය වු සැකකරුගේ ජීවිත අවදානම සම්බන්ධයෙන් සොයා බලන ලෙසට ඝාතනය වීමට පැය කිහිපයකට පෙර සිටම දැනුම් දී තිබියදී පොලිස්පතිවරයා විසින් කිසිදු සොයාබැලීමක් හෝ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර, ඔහු තමන්ගේ නිල බලය අනුව කටයුතු නොකළේ ඇයිද යන්න ගැටළුවකි. ඒ අනුව එමගින් මෙම මනුෂ්‍ය ඝාතනය සදහා ඔහුගේ ආධාර සහ අනුබලය ලැබී ඇති බව සාධාරණව බැලීමේදී පැහැදිලි වේ."
Senaka Perera 
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා සිය පැමිනිල්ල මගින් අවධාරණය කර ඇත්තේ පොලිස්පතිවරයා මේ ආකාරයට තමන්ගේ වගකීම පැහැරහරිමින් ක්‍රියා කරන්නේනම් එමගින් ශ්‍රී ලංකා පොලීසිය සම්බන්ධයෙන් පුරවැසියන් තුළ බරපතල අවිශ්වාසයක් ඇති වන අතර, එම නිසාම පුරවැසියන්  අනාරක්ෂිත තත්වයකට පත් වන බවයි.
 
 පොලිස්පතිවරයාගේ නොතකාහැරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසත් නීතිඥ සේනක පෙරේරා ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා තිබේ.
 
 "පොලිස්පතිවරයාගේ මෙම අනීතික රාජකාරි නොතකාහැරීම සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය නෛතික පියවර ගන්නා මෙන් අප සංවිධානය ඉල්ලා සිටිමු. "
 
 
නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි 2021.05.12 වන දින පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් රැදවුම් නියෝග මත පොලීසිය භාරයේ සිටින තාරක ධර්මකීර්ති විජේසේකර නැමැති සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජනය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ලිඛිතවම ඉල්ලා තිබුනි.
  
එමෙන්ම පොලිස්පතිවරයා යටතේම ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයටත් ඉහත සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජනය සම්බන්ධයෙන් නීතිඥයා දැනුම් දී තිබුනි.
 
 එසේ තිබියදීත් එම සැකකරු එදිනම රාත්‍රියේ මීරිගම ප්‍රදේශයේදී ඝාතනය කර තිබුනි.
 
 පසුව පොලීසිය නිවේදනය කර තිබුනේ විමර්ශන කටයුත්තක් සදහා ගෙනගොස් සිටින විට සැකකරු විසින් පොලීසියට ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී සිදු කළ ප්‍රතිප්‍රහාරයෙන් සැකකරු මිය ගොස් ඇති බවයි.
 
Romesh De Silvaසැකකරුට එල්ල වී තිබෙන ජීවිත තර්ජනය සම්බන්ධයෙන් දැනුම් දීමට නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ පිටපතක්ද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ජාතික පොලිස් කොමිසම වෙත යොමු කර තිබේ.
 
 
මේ අතර, මරණීය දණ්ඩනයට නියමවී බූස්ස බන්ධනාගාරයේ සිරකොට සිටින සමන්ත කුමාරගේ මව වන ආර්.ජී. මාලනී වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ, මේ දිනවල පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් විවිධ විමර්ශනවලට බව කියා පාමින් පිටතට රැගෙන ගොස් මරා දැමීමේ තත්වයක් උදාවී ඇති බවයි.
 
 
 
පෙත්සම සලකා බැලීම ලබන 24 වැනිදාට නියම කළ අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවන් සිරකරු එදින දක්වා බන්ධනාගාරයෙන් පිටතට ගෙනයාම වලක්වන තහනම් නියෝගයක් දී තිබේ.

 

 

 

 


 

 THE LEADER TV 

 

 

සරත් ෆොන්සේකා 2 : ශවේන්ද්‍රට එරෙහි කැපිල්ල ඇරඹේ!

 

බැසිල් රට යන්න කලින් ගෝඨා තියාගෙන මහින්දට කියපු කතාව!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්